ලොක්ඩවුන් ප‍්‍රදේශවලට 5000ක බඩු මල්ලක්.. භාණ්ඩ ලයිස්තුව මෙන්න…

May 16, 2021 at 2:28 am | lanka C news
ලොක්ඩවුන් ප‍්‍රදේශවලට 5000ක බඩු මල්ලක්.. භාණ්ඩ ලයිස්තුව මෙන්න…

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ වසංගතය පැතිර යාම උග්‍ර බවට හඳුනාගනිමින් ‍මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.

මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.

මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

1. සුදු නාඩු සහල් 10kg
2. රතු කැකුළු සහල් 5kg
3. පාන් පිටි 3kg 10.
4. අල(දේශීය) 3kg
5. රතු පරිප්පු 2kg
6. සුදු සීනි කිලෝ 1kg
7. දුඹුරු සීනි කිලෝ
8. බීඵෑණූ 3 kg
9. හාල්මැස්සන් 500 g
10. නුඩ්ල්ස් 1 kg
11.දෙවැනි බත පැකට් 1 යි (350 g)
12. තේ කොළ 200 g
13.මිරිස් කුඩු 200 g
14. සෝයා මීට් 90g පැකට් 02
15. ගම්මිරිස් 100g.
16. ලුණු කැට 1 kg.
17.ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් 1 යි (500g).
18.මාරි බිස්කට් පැකට් 1 යි (350g).
19.මුහුණු ආවරණ 10 යි.
20. විෂබීජ නාශක දියර 100ml

මාධ්‍ය ඒකකය,
වෙළෙඳ අමාත්‍යාංශය.

22,085 views

15 Comments to “ලොක්ඩවුන් ප‍්‍රදේශවලට 5000ක බඩු මල්ලක්.. භාණ්ඩ ලයිස්තුව මෙන්න…”

  1. 3% ට බය බයියා. says:

    ඕකට මැලතියන් බෝතලකුත් දාන්න .

    • කාල්ටන් නිවසින් බෙදා දුන් බඩු මල්ල says:

      1. පකිස්තන් බාස්මතී සහල් 10 kg
      2. සුපිරි කීරි සම්බා සහල් 5 kg
      3. පාන් පිටි 5 kg
      4. අල(දේශීය) 5 kg
      5. කප් පරිප්පු 3 kg
      6. විල්මා සීනි 5 kg
      7. ඇට නැති සව් හාල් 1 kg
      8. බීඵෑණූ 5 kg
      9. කට්ටා කරවල 1.5 kg
      10. ක්ෂණික නුඩ්ල්ස් 50g පැකට් 12
      11. දේශීය බටර් 400g X 2
      12. තේ කොළ 500 g
      13.මිරිස් කුඩු 400 g
      14. බයිට් පැකට් 400 g
      15. දේශීය ගල් 750 ml 1යි.
      16. ලුණු කැට 1 kg.
      17.ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් 1 යි (500g).
      18. බැදපු මන්න්ඤෝක්ක පෙති පැකට් 1 යි (350g).
      19.මුහුණු ආවරණ 10 යි.
      20. විෂබීජ නාශක දියර 100ml

  2. වයි දිස් කොලවෙරි says:

    ත්‍රිපිටකය ලොක්ඩවුන් කරන්න පණතක් හදන්න ගත්තා විතරයි, කවදාවත් නැති විධිහට රටම ලොක්ඩවුන් කරන්න උනා.

    පලමු, දෙවන රැලි වලට නොනැමුණු රට, තුන්වන රැල්ලට හේදිලා, ආණ්ඩුවට වස් වැදිලා යන පාටක් තියෙන්නේ.

    • සසුන නසන චීවරධාරීන්ගෙන් සසුන බේරාගනිමු ! says:

      අවශ්‍ය ශාසන ශුද්ධිය නොව ශාසන විශුද්ධියයි… කන්ට නැති කමට පන්සලට භාර දුන්නු පරම්පරාවක් අද විහාරස්ථානවල නායක පදවියට පත් වෙලා තියෙනවා. ඔවුන්ට නිවන් දකින්න උවමනාවක් නැහැ. ඒ ඔවුන් නිවන් දැකීමේ අරමුණෙන් ශාසනයට ඇතුළු වූවන් නොවෙන නිසා. ඔවුන් කටපාඩම් ජාතක කථා සහ වර්ණනා විශයක්‍රාන්ති සහගත පට්ටපල් බොරු කියමින් , කවිබණ තැටි තරඟයට නිකුත් කරමින් , සාමාන්‍ය දාන මාන සහ සංස්කෘතිකමය ලෙසින් දහමට ගෑවුණු උත්සව මංගල්‍ය පෙරහැර කරමින් මුදල් හොයන එකයි කරන්නෙ. ඇතැමුන් තම අභිමතය අනුව පෙල දේශනාව පවා විකෘති කරනවා. පෙල දේශනාව නිවැරදිද කියා දන්නෙ එය ප්‍රායෝගිකව නුවණින් සම්මර්ශණය , විමර්ශණය කරන යතිවරයාණන් වහන්සේලා සහ ගිහියන් පමණයි. එබැවින් එවැනි නියාමනයක් අවශ්‍යයි !

      • වයි දිස් කොලවෙරි says:

        සාශන විශුද්ධියක් කියලා බුද්ධ ශාසනය විකුර්ති කරන්න ඉඩ දෙන්න බෑ. බුදුන්ගේ ශාසනයේ සිවු වනක් පිරිස යටත් විනය පිටකයට පමණයි. මේ පනත මගින් විනය පිටකයට එහා ගිය අමුතු විනයකට සිවු වනක් පිරිස යට කර මුලු බුද්ධ ශාසනයම විකුර්තියකට ලක් කෙරෙනවා.

        පෙල දහම, ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම තුල කොහොමත් ආරක්ශිත වෙලා තියෙන්නේ. මේ අමුතු නීති යොදා බුදුන්ගේ ශාසනය විකුර්ති කරන්නන්, අවම වශයෙන් නිරි සතුන් වීමට වත් සූදාම් විය යුතුයි.

  3. Upul Attanayake says:

    People must appreciated who ever governing country right now.
    Please self protect ,it will automatically protect others.
    Keep politics away, this country so much done for all of us.
    Free education.
    Free road systems.
    Free helth.
    Free dental.
    At least People got access.
    Problem is who got those opportunities meaningful manner.
    Take care

  4. Justin says:

    Give it to the correct people not the boot lickers and friends of politicians. Lokuge will order distribution for his boots lickers

  5. බූරු පුතාණෝ සජියා says:

    ලොක්ඩවුන් ප්‍රදේශ වලට මේ බඩු මල්ල දෙන්නෙ නොමිලේ කියලයි මං හිතන්නෙ.

  6. Pt says:

    කිරිපිටි පැකට් එකක් තිබ්බා නම් හොදයි

  7. හොදම බඩු මල්ලක්. අඩු ආදායම්ලාභීයන් තමයි රජයේ සේවකයන්. පුලුවන්නම් නොමිලේ නෙමෙයි රු.3000/- කට වගේ මෙම බඩු මල්ල ඔවුන්ටත් ලබා දෙනවා නම් ඉතා අගය කොට සලකනවා.

  8. විනෝධා භාවේ says:

    අසේල සම්පත්ට ස්තුතියි

  9. Neela says:

    11.දෙවැනි බත පැකට් 1 යි (350 g) වෙනුවට තුනපහ 100 g ,
    18.මාරි බිස්කට් පැකට් 1 යි (350g) වෙනුවට පිටිකිරි 250 g පැකට් එකක් සහ
    16. ලුණු කැට 1 kg වෙනුවට මේසලුණු කුඩු දුන්න නම් අපූරුයි.

  10. බඩු මල්ල නිකං නෙමේද දෙන්නේ ? says:

    10.නූඞ්ල්ස්
    11. දෙවැනි බත
    මේ දෙවැනි බත කියන්නේ අර රයිගම් එකේ පරණ හාල් අඹරලා හදන රයිස් නූඞ්ල්ස්. මොකෝ කොලේ වහල එක එක කොම්පැණි කාරයන්ගේ ජරාව ප්‍රමෝට් කරන්නේ.
    මේ ගොන්දුල කරොත් ඉතින් හොබ්බ වැඩක් තමයි.

    • Hiro says:

      අනේ පිංවත පිම්පියෙක් නොවි දෙන දේ ගනින්

Main News