පෙරපාසැල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක්…

January 15, 2022 at 2:02 am | lanka C news
පෙරපාසැල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක්…

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෙරපාසැල් දරුවන් සහභාගී කරවාගෙන දිවයින පුරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේදී ආරම්භ විය.

සිංහ සමාජ නිර්මාතෘ මෙල්වින් ජෝන්ස් මහතාගේ ඡන්ම දිනය සැමරිමට සමගාමීව ආරම්භ වූ මෙම රුක් රෝපණ වැඩසටහනේදී එක් පෙර පාසැල් දරුවෙකු අතින් දිනකට එක් පැළය බැගින් දින පහකදී පැළ පහක් රෝපණය කෙරෙන බව පූර්ව ළමා විය අධ්‍යාපනඥයින්ගේ සංගමයේ සභාපති ලයන් පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සඳහන් කළාය.

එක් පැළයක් පෙරපාසැල් භුමියේත් අනෙක් පැළ හතර දරුවා ජිවත්වෙන පරිසරයේත් සිටුවනු ඇත. මෙම පැළ සපයා දී ඇත්තේ ද දරුවන්ගේ දෙමාපියන් විසින්මය.

මේ අනුව දිවයින පුරා පිහිටි පෙරපාසැල්වල දරුදැරියන් සම්බන්ධ කර ගෙන ඉදිරි සතිය තුළ පැළ ලක්ෂයක් රෝපණය කරන බවද ඇය සඳහන් කළාය.

මෙමඟින් දරුවාගේ ධනාත්මක ආකල්ප වර්ධනයක් සිදු වන බවද අලුත්ගමගේ මහත්මිය සඳහන් කළාය. මෙම වැඩසටහන සංවිධානයට ලයන් තිළිණි ගුණසේකර මහත්මිය ද සම්බන්ධ වී සිටියහ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

2,711 views

3 Comments to “පෙරපාසැල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක්…”

  1. බොච්චන් says:

    අයියෝ. මේ තද පායන කාලේ. මොන පැල හිටව්ල්ලක්ද? මේකගේ මොලේ.

  2. විද්‍යාත්මකවremu says:

    මේ රටේ වර්ෂාපතන රටාව අනුව මෙය පැළ සිටුවීමට සුදුසු කාලය ‌නොවේ. අහෝ හිවල් සමාජය

  3. Gamarala says:

    පබයෝ ගිනිතිබ්බ නිසා නම රැකගන්න කොහොමද ටිකිරි මොලේ.

Leave a Comment

Main News