පෙරහැරේ කරඬුව ගෙනගිය ඇති කුලප්පු වේ.. හිමිනමක් ඇතුළු දසදෙනකුට තුවාලයි..

September 9, 2018 at 8:40 am | lanka C news
පෙරහැරේ කරඬුව ගෙනගිය ඇති කුලප්පු වේ.. හිමිනමක් ඇතුළු දසදෙනකුට තුවාලයි..

ගලේවෙල ඓතිහාසික බම්බාව රජමහ විහාරයේ වාර්ෂික පෙරහැර ඊයේ (8) රාත්‍රී විදි සංචාරය කරන අතරතුර කරඬුව රැගත් ඇතාට ගිණි අගුරක් පෑගිමෙන් කුලප්පු වි ඇත.

අලියා කුලප්පු වීමෙන් පසු කලබලයට පත් ජනතාව දිවයාමේදී තුවාල ලබා හිමිනමක් ඇතුළු දසදෙනෙකු ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්වයේ පසුවූ තිදෙනෙකු දඹුල්ල රෝහලට මාරුකාර යවා ඇත.

මෙම කුලප්පු වු ඇතාදිව යැමෙන් ලොරි රථයක්, ත්‍රි රෝද රථ දෙකක් හා ඇතුළු යතුරුපැදි කීපයක්ද හානියට පත්ව ඇතිබව පැවසේ.

එසේ තුවාල ලැබුවන්ගෙන් අද (9/9) උදේ වන විට තුවාල ලැබුවන්ගෙන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් තිබේන බව රොහල් ආරංචි මාර්ග පවසයි.

වාර්තාවන අන්දමට සිද්ධිය මේසේය ගලේවෙල ඓතිහාසික බම්බාව රජමහ විහාරයේ පෙරහැරේ කරඬුව රැගත් ඇතා බලාගත් අත්ගොව්වා එය නිසි ආකාරයට කටයුතු නොකර බිමත් පුද්ගලයෙකු සේ කටයුතු කර ඇති අතර පෙර හැර ගලේවෙල නගරයට ආසන්න වනවාත් සමගම කරඩුව රැගත් ඇතා ඇත්ගොව්වා පහරදීමට උත්සාහ චරා ඇත ඒ ආසන්නයේ ගිය පන්දම් කරුවෙකු එය දැක දිව යන්න උත්හා කරණ විට ඔහු අත තිබු පන්දමත් ගිනි පන්දම්කරු බිම ඇදවැටි තිබේ. එම ගිනි පන්දමේ ගිනි අඟුරු පැඟීමෙන් ඇතා කලබලයට පත්ව ඇති බව සිද්ධිය දුටුවන් කියා කියා සිටිති.

කෙසේ වුවද කල බලයට පත් ඇතා කිසිදු පුද්ගලයකුට පහර දි නැති බවත් ගිණි අගුරු පැගිමෙන් කලබලයට පත්ව එහේ මේහේ දිව ගිය ඇතා ඇග වැදිමෙන් වහන රැසක් අලාභ වි ඇති බව ද තුවාල ලැබුවන් පෙරහැර නැරබීමට පැමිණි අය බවත් ඔවුන් දිව යෑම නිසා බිම ඇදවැටි තුවලා ලැබුවන් බවද පැවසේ.

මෙම කලබලයෙන් පුසු පෙරහැර විදි සංචාරය කිරිම නවතා දැමිමට සංවිධායකයෝ කටයුතුකර ඇත.

ගලේවෙල පොලිසිය සිද්ධිය පිලිබදව පරීක්ෂණ සිදුකරයි.

– මහින්ද උදයසිරි

153 views

6 Comments to “පෙරහැරේ කරඬුව ගෙනගිය ඇති කුලප්පු වේ.. හිමිනමක් ඇතුළු දසදෙනකුට තුවාලයි..”

  1. Kalum Prasanna says:

    හොඳ වැඩේ…

  2. Mara says:

    Kale inna oni ali pansalata genalla dasa wada deela heela karana hora ganayanta honda wade

    • Fernando says:

      Gradually getting insight

    • Araa says:

      Kale inna alinge dala kapala Wedi thiyala marala Dana eka hodai pansale hadenawata wada neda machan. Ane pako para thambiyo thopi ara harakge beli kapala e lay walin gewal hodanakota hithun nadda eth sathek keyala. Enawa methana alin gana katha karanna.

  3. Saradiel says:

    මෙයින් පවසන්නේ යමපාලනය ගෙදර යවන්න කියා

  4. mali says:

    Elephants have been used in perehara for 100 of years in srilanka. Why this sudden dramatic elephant misbehaviour is unusual.This is sinhala buddhist culture NGO s attacking the heart of sinhal buddhist culture and trying to destroy it systematically .We sinhalese should understand this conspiracy.Otherwise srilanka buddhist identity will no longer exist and something like elam or muslim identity will soon appear every time you google srilanka.

Main News