පෙරහැර බලන්න රැජින හෝටලයේ අසුන් 10ක් ඉල්ලා පොලිස් ලොක්කෙක් තර්ජනය කරලා…

August 12, 2022 at 12:00 pm | lanka C news
පෙරහැර බලන්න රැජින හෝටලයේ අසුන් 10ක් ඉල්ලා පොලිස් ලොක්කෙක් තර්ජනය කරලා…

දළදා මාළිගාවේ අවසන් මහ පෙරහර නැරඹීම සඳහා මහනුවර රජින හෝටලයේ කොරිඩෝවේ අසුන් වෙන් ලබාදෙන ලෙස මහනුවර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා තර්ජනය කළ යැයි මහනුවර මහ නගර සභාවේ ගණකාධිකාරීවරයා විසින් පැමිණිල්ල සිදුකර තිබේ.

මහනුවර නාගරික කොමසාරිස්වරයා වෙත පැමිණිලි කරමින් ඔහු සඳහන් කර ඇත්තේ රැජිණ හෝටලයේ කොරිඩෝවේ අසුන් දහයක් පොලිසියට වෙන් කරන්නැයි මෙම තර්ජනය සිදුකරන ලද බවයි.

මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර නිමිත්තෙන් හෝටල් කොරිඩෝවේ ආසන වෙන් කිරීම සිදුකරන්නේ නගන සභාව විසිනි.

කෙසේ වෙතත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරන්නේ මහනගර සභා සේවකයන් විසින් මෙම අසුන් වෙන් කිරීම සිදු කිරීමේ දී රුපියල් 10000, 15000, 20000 වැනි ඉහළ මිළ ගණන් වලට විකුණන බවත් දින කිහිපයකට පෙර විදේශිකයෙකුට රුපියල් 30000 කට ආසනයක් විකුණා තිබූ බවත්ය.

මෙය ජාවාරමක් ලෙස කරගෙන නිසා තමා නගර සභාවේ නිලධාරීන්ට අප්‍රසාදය පළ කළ බවද කී ඔහු බලහත්කාරයෙන් ආසන වෙන්කර ගැනීමේ උවමනාවක් නැති බවත් කියා සිටියේය.

48,350 views

6 Comments to “පෙරහැර බලන්න රැජින හෝටලයේ අසුන් 10ක් ඉල්ලා පොලිස් ලොක්කෙක් තර්ජනය කරලා…”

  1. ගල් ආරි says:

    පොලිස් අපතයට අදාළ නැති කාරණයක්නෙ….ඒ ගෙවලයට පැමිණිල්ලකුත් නැත්තං පැනලා දීලා තියෙන්නෙ අහ වල් එකේ අමාරුවටද ? කණ පැලෙන්න තිබුනෙ පාහර ගෙවලයට…

  2. සුමිත් අංකුඹුර says:

    පොලිසියෙ තොපිට තමයි අමාරුව තියෙන්නෙ. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු වුණ, දැන් පාර්ලිමේන්තු වෙන චන්න ජයසුමන මහත්තයා මම දැක්කා බබාලව වඩාගෙන අනිත් මිනිස්සුන්ට එක්රක ඊයෙ පාර අයිනෙ ඉඳගෙන පෙරහැර බලනවා..

    • BEHETH COMPANY says:

      beheth company walin komis kaapu salli walin gatta RANGE ROVER eke yanna eththe.

      • Simiyon says:

        අන්න බෙහෙත් කොම්පණි කාරයෙක් ඔහේගෙ උන්දැට ඉන්ජෙක්ෂන් එක දෙනවලු… ඔහේගෙ එක යල්පැනල නිසා!!!

      • Ravi says:

        boru kiyanna epa paharayo. eka Rajithayage boruwak bawa e dawas walama oppu una..

  3. aanamaduwe maanavadu says:

    thuk nodokin vitharak. avurudu 100gananakata pera merichcha malakunen aragaththu oya kunu ganda gahana
    (eththenma othana thiyenne suduhumpola harak marana thenin genaapu harak dathakai)eka mbalanna mechch
    arak salli viyadamkoranne kumatada? mamana coridoor eka uda indagena ethanin yanakota kunu harak dathata hujjakoranava.

Main News