පෙරේතයන්, කුම්භාණ්ඩයන් පොහොට්ටුවේ එල්ලිලා.. සිරිසේන එපාමයි..- ප‍්‍රසන්නගෙන් හිටපු ජනපතිට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

February 24, 2020 at 3:50 pm | lanka C news
පෙරේතයන්, කුම්භාණ්ඩයන් පොහොට්ටුවේ එල්ලිලා.. සිරිසේන එපාමයි..- ප‍්‍රසන්නගෙන් හිටපු ජනපතිට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා පොහොට්ටුව හා එහි නායකයන්ව රැකගැනීම සදහා දොරටු පාලකයෙකු වීමට වුවද තමන් සුදානම් බව ද කීවේය.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ උපාධිධාරින් ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (23) පැවති රැස්‍වීමක දී රණතුංග මහතා  මේ බව සදහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපාධිධාරින් සංගමයේ මිනුවන්ගොඩ ශාඛාව රැස්වීම සංවිධානය කර තිබුණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේ ය.

‘සජිත් ඇතුළු දේශ ද්‍රෝහී නඩය පරීපූරක ඇස්තමේන්තුව පරද්දන්න උත්සාහ කළේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන එක නවත්තන්න, අ.පො.ස (සා/පෙ) දක්වා ඉගෙන ගත්ත ලක්ෂයකට රස්සා දෙන එක නවත්තන්න. අපි මේ පරිපූරකය දැමීමේ 2019 වර්ෂයේ සිදු කර තිබු වැඩ වලට අදාළව මුදල් ගෙවන්නයි. පසුගිය ආණ්ඩුව මේ රටේ පොහොර ආනයනකරුවන්ට ඉදි කිරීම් සමාගම් වලට කෝටි ගණන් පොලු තියලා. මේ නිසා මේ සමාගම්වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරමට ම වැටිලා. මේ පඩි ටික ගෙවලා ජනතාවට සහන සලසන්නයි අපි උත්සාහ කළේ. හැබැයි සජිත්ලා ඒකට බය වුණා. සජිත්ලා මොන උප්පරවැට්ටි දැම්මත් අපි අපේ ගමන යනවා. ඒ නිසා උපාධිධාරින්ට පත්වීම් ලබා දෙන වැඩපිළිවෙල කිසිසේත් නතර වෙන්නේ නෑ.

මේක පොදුජන අරගලයේ අවසන් සටන. මේක පොහොට්ටුවට, පොහාට්ටුවේ නායකයන්ට කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වෙන වෙලාව. නායකයන් ව තනි කරන්න හොද නැති වෙලාවක් මේක. මොකද කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වුණොත් ජනතාව අපෙන් ඈත් වෙනවා. මං පසුගිය දවසක එහෙම ආපු කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ගැන කිවුවාම කාටුන් චිත්‍ර ශීල්පීන් මගේ බඩ එහෙම දාලා මාව දොරටුපාලකයෙකු වගේ ඇදලා තිබුණා. මාව පොහොට්ටුවේ දොරටු පාලකයා වගේ ඇන්දාට මං ඒ චිත්‍ර ශීල්පීන්ට ස්තූතිවන්ත වෙනවා. මොකද ජනතාව වෙනුවෙනුයි මම ඒ දොරටුපාලකකම කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා. කලාකාරයන්ට ගහපු, ගුරුවරු දණ ගස්වපු අයට ඡන්දය ඉල්ලන්න දුන්නේ මෛත්‍රී. රණවිරුවෝ හිරේ දැම්මේ, ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මේ, මහා බැංකුව මංකොල්ල කෑවේ පසුගිය ආණ්ඩුවෙන්. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පහුගිය ආණ්ඩුව. එහෙම කරපු ආණ්ඩුවේ එක නායකයෙක් ඔය  මෛත්‍රීපාල සිරිසේන. ඒ වගකීමෙන් මිදෙන්න ඔහුට බෑ. අපි අහිංසක ශ්‍රී ලංකාකාරයෝ අපි එක්ක එකතු වෙනවාට විරුද්ධ නෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම ගැන අපිට ප්‍රසාදයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම එවපු නිසා එකතු කර ගත්ත බව මහින්ද මහත්තයත් කිව්වා. කොහොම වුණත් ජනාතාව ඉදිරි මැතිවරණයේ දී මේ වගේ අය ගැන තීන්දුවක් ගනිවි යැ‘යි අපි හිතනවා. ’

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහිදී කථා ක‍ළේය.

– ප්‍රදීප් අනුර කුමාර

27,179 Viewers

19 Comments to “පෙරේතයන්, කුම්භාණ්ඩයන් පොහොට්ටුවේ එල්ලිලා.. සිරිසේන එපාමයි..- ප‍්‍රසන්නගෙන් හිටපු ජනපතිට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..”

  1. වෙරිසොරි says:

    අයියෝ මොකද්ද මේ යකාගෙ මල කරච්චලේ ? එක්කො මේකා පොහොට්ටු නායකයො කියන දේ අහන්න ඕනෙ, එක්කො පොහොට්ටු නායකයො මේකා කියන දේ අහන්න ඕනෙ.

  2. Devaka says:

    පොහොට්ටුව විනාශ කරන මේ ප්‍රසන්න කියන හොර තක්කඩියා ගම්පහින් පන්න්මු. මූ මහින්දගේ හයිය අරන් තමා දඩාවතේ යන බල්ලෙක් වගේ හැසිරෙන්නෙ. ජනාදිපතිතුමනි මේ සුනකයා බැද තබන්න. හොරට හොරා නියමෙට සෙට්.

  3. Nandasoma Suriyaarachchi says:

    ජනතාව ප්‍රතික්ෂේප කරමින් පවතින අවස්ථාවාදී දේශපාලනය දේශපාලඥයන් විසින් නැවතත් ජනතාව වෙත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ ගන්නේ ඇයි……?

    අවස්ථාවාදීන්ට නාම යෝජනා නොදෙනු……!

  4. Eiffel says:

    පොහොට්ටුවට ඡන්දය දෙමු.

    නූගත්, මරි මෝඩ, කඳ බඩ වාතරක් තියන තගාලට මනාප නොගසමු.

    උගත්, වැදගත්, සංවේදී, රටට, පරිසරයට හිතැති අවංක මිනිසුන් පත්කර යවමු.

    • නව ගම්පහ (පොහොට්ටු) says:

      අනේ මේ බ්ඩ තඩි ගොං ප්‍රසන්නයාව මේ පාර පරද්දවලා අනිවා පොහොට්ටුවෙන් අළුත් පොරක් ගේමු පාර්ලිමේන්තුවට.

  5. Aruna says:

    Thappulanne nethiwa hitiyoth hondai neda? Kawruth ekathu welai me gamana yaa yuththe. Nethinam 2/3 kohoma unath thiyena 3th nethiwai yanna wenne.

  6. Ranga says:

    ප්‍රසන්නල වගේ පට්ට හොර කුම්බාන්ඩයෝ නිසා තමා ජනතාවා ක්‍රමයෙන් පොහොට්ටුවෙන් ඈත්වෙන්නේ. ජනාදිපතිතුමා බලයට ගෙනාවේ විමල්ල ගම්මන්පිලල දැන් මේක කතාකරන්නේ පොහොට්ටුවේ අයිතිකාරයවගේ. මෙහෙම ගියොත් මේ මෝඩයට පාර්ලිමේන්තු එන්ඩවත් ලැබෙන්නේ නෑ.

    • Ratawasiya says:

      ප්‍රසන්නත් මහින්ද
      එක්ක හිටියානෙ සිරිසේන එක්ක පැනල යන්නෙ නැතිව ඒනිසා ඔහුටත් අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න.කොහොමත් සිරාගෙ කට්‍ටිය පොහොට්‍ටුවට එපාමයි

  7. ruwan says:

    ane geriyoo..tho nombare eke kumbandayek ne…ganith ekka ekathu wela koti 6ka idamak thaga dala ganna gihin mattu wela naduwa thama yanawa neda? ube mulu agama kunu wela ojas galanawa neda? thopita wahi nathi hena wadinna one..

  8. mali says:

    සිරිසේන හොදද නැද්ද කියල පොලොන්නරැවෙ ජන්ද දායකයො තීරණය කරාවි ඔයා දගලන්නෙ නැතව ඉන්න

  9. Chath says:

    ඕක තමා කියන්නෙ ගෙදරක උනත් අයිතිකාරයාට වඩා කටු කන බල්ලා සැරයි කියන්නේ. මේකට මේ ලොකු කම් දුන්නෙ මොකාද

  10. Nawodhi says:

    MY3vwill give a good lesson to MR after election taking over 4o seats. Surely he will form a government with Sajith. Sorry for poor MR’s small brain.

    • Dikman Aiyya says:

      100% agree with you and Prasanna here,…MY3 has no shame,..as he said,..he will put signal to left and will turn to right. MR will never learn. These shit fellows will ruin Pohottuwa too. YES, once they win through Pohottuwa they will definitely join Sajith to form a government….Yahapaalana – 2…Lol. MR and the team would not know what hit them this time and from which said they got fked….Lol

      • රුක්ෂාන් says:

        මේ ගොං තබ්බවල් මේ පාර ගම්පහින් එලවනවා. ගෝඨාබය සමග හොර බොරු වංචා නැති අලුත් මූණක් අපි ගේනවා.
        ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික්කයට පිළිලයක්. ගසා කන එකමයි කරන්නේ. මිනී මැරුම්. ඔව්ව තමයි බලේ අරං කලේ. කිසි වැඩකට නැති තාත්තගෙ නම්බුවත් කන මී හරකෙක්. මූව මේ පාර ගම්පහින් අයින් කරනවාමයි. පොහොට්ටුවෙන් වැදගත් උගත් බුද්ධිමත් මනුස්සයෙක් පාර්ලිමේන්තුවට මෙවර ගම්පහින්.

  11. බන්ඩා says:

    පොහොට්ටුවෙ සාමාජිකයො ජනතාවට සේවය කොරන්න දඟලන දැඟලිල්ල! ඊලඟ ඡන්දෙදි මුන් මරා ගන්නවා සිකුරුය්. ජනතොවෙනි! ජාතිකවාදීන් මංත්‍රි ලෙස පත් කර ගෝඨාට අත හිත දෙමු.

  12. Chinthana says:

    Yes. Prasanna your policy in regards to siri senaya is correct. Pohottuwa is Pohottuwa. No dirty hands should be involved to Pohottuwa.

  13. Nadeeshan says:

    HAPO…. Prasanna Epa Gampahata. wena koheta hari danna . kisima wedak nee.

  14. John smith says:

    No matter what about Prasanna, I have to agree with him here 100%. If MR had an iota of brain he wouldn’t have had anything to do with this traitorous fellow Maithri.

  15. දලු බන්ඩා says:

    පින්වත් සමිදු ගෙන් ලැබුනත් සැනසිල්ල
    කටුකන බල්ලගෙන් නැහැ නොවැ ගැලවිල්ල

Main News