පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්..

September 23, 2021 at 6:22 am | lanka C news
පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්..

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට විරුද්ධව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පල කර සිටියේය .

‘ගරු කථානායකතුමනි හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්විම වැළක්වීමට යෝජනාවක් ගෙනල්ලා තියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිට පාර්ලිමේන්තු කටයුතු දින 25ක් නැති වුනා. රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙනවා. පාර්ලිමේන්තුව හෙටත් අනිද්දාත් වහලා බාර් අරිනවා.

ගරු කථානායකතුමනි අපි කතා කරන්න ඕනේ ආණ්ඩුවේ නියාය පත්‍රය අනුව. මේ සතියේ විදුලි බලමණ්ඩලය පිළිබද කිසිම දෙයක් නැ. නමුත් පෙරේදා රාත්‍රියේ ඇමෙරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව්ව බලාගාරය 40%කට අත්සන් කරලා ගත්තා. කොහෙද මේවා කතා කරන්නේ.

ආණ්ඩුව කිව්වා කොරෝනා අඩුවෙලා කියලා. කොරෝනා අඩුවෙලා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. මොකක්ද පදනම.

ගරු කථානායකතුමනි ඔබ තුමා ඉන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නැතුව ආණ්ඩුව කියන කියන විදියට වැඩ කරන්න නෙවේ. අපිට හෙට දවස ලබා දෙන්න මොකද මේ විදුලි බලාගාරය පිළිබද කතා කරන්න ඕනේ’

– මාධ්‍ය ඒකකය

24,956 views

19 Comments to “පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්..”

  1. Hheee says:

    Ltl eke hora magadi hamuwe meek nathi peretha hatta dan ka gahanawa

  2. A Sri Lankan says:

    You can see where we are digging our own grave by reading some of the comments. This is not about Kiriella or his daughter or his pension.

    The Government has done this agreement without any stakeholder discussion or public debate. All what we hear are bits and pieces of the agreement. It could be too late but this agreement has to be presented to the Parliament and debated. And the opposition has a legitimate right to ask for a debate.

  3. විෂ්ණු says:

    කිරිඅල්ලයා තමන්ගේ අමාත්‍යාංශය නෑදෑයෝ දාලා පිරෙව්වා. පට්ට හොරෙක්.

  4. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .කොරෝනා වයිරසයට වඩා පොහොට්ටු වයිරසයෙන් රට බේරා ගනිමු !

  5. COOL says:

    තොපි වගේ කම්බා හොරුන්ට දෙනවට වැඩිය හොඳයි ලංකාවම ඇමරිකාවට දූන්නානම්.

  6. LalithM says:

    තොපි හරියට කලා නම් මේ හැතිකරේ රටට එන්නේ නෑනේ. තොපිත් හැඳි ගෑවිලා පලයව්.

  7. මෙම හෙනගහන අපරාදය, හොර කොමිස් සදහා, ඇමරිකානු සමාගමකට විකුනූ බැසිල් නැමති හොරදෙටුවා සහ ඔහුගේ පොදුජන පෙරමුනේ බත්බැලයින්, කෙදිනක හෝ ජනතා අදිකරනයකට කැදවා උපරිම දඩුවම් දිය යුතුව ඇත.බැසිලා ඇමරිකාවේ සිට ගෙන්නා ගෙන මුදල් ඇමතිකම දුන්නේ රටේ සම්පත් නොරටුන්ට විකිනීමේ පජාති වැඩේ කරන්න තමා. හෙන හතමගහපිය මේ සක්කිලි හැතිතිකරයටම ! ඉදකින් !

  8. sajiya says:

    yugadanaw american samagamakata paewareema debae ho tunbae kumantranayak. gota kumantrana kenek nowei. namuth sahodata premaya ohuwa mon waradakata polambawaida kiyanta bae. MR madyasta bawak pennai boruwata. anith athata saekayak nae gotawa blackmail karala thamai waede wenta aeththe. me patta booru naakiya/kiriealle kiyana eva ganangata yuthu nae.

  9. මම 69 න් එකෙකී. says:

    තොපේ මහ එකා පූරුදු කරපු දේවල් වල ආනිසංස තමයි මේ ගෙවන්න. ජෙ ආර් ජයවර්ධන ගේ ඉදන්ම බලයට ආපු නාපු හැම එකාම මේවට වග කියන්න ඕනේ.
    අර රටෙන් බාගයක් 🔥 ගිනි 🏭🏪🚍තියපු හැත්තක් එක්කම

Main News