පෙර දැනුම් දීම් නෑ… අවශ්‍ය වූ වහාම ලොක්ඩවුන් කරන්න සූදානම්..- හමුදාපති

April 29, 2021 at 11:20 am | lanka C news
පෙර දැනුම් දීම් නෑ… අවශ්‍ය වූ වහාම ලොක්ඩවුන් කරන්න සූදානම්..- හමුදාපති

ඉදිරි දිනවල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශයන් පළමු අවස්ථාවේදීම හුදකලා කිරීමට ලක් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව පෙර දැනුම් දීමක් කිසිම අවස්ථාවක සිදු කරන්නට ඉඩ නොලැබෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

යම්කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් පළමු මොහොතේම එය සිදුකරන බවද ඔහු පැවසීය.

නමුත් රට පූර්ණ ලෙස වශයෙන් වසා දැමීමේ කිසිදු සූදානමක් මේ මොහොතේ නැති බව ද පැවසූ ඔහු ඉදිරි දින කිහිපයේදී ආසාදිතයන් තවදුරටත් ඉහළ යා හැකි ද කියා සිටියේය.

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් හමුදාපතිවරයා මේ අදහස් පළ කළේය.

66,805 views

11 Comments to “පෙර දැනුම් දීම් නෑ… අවශ්‍ය වූ වහාම ලොක්ඩවුන් කරන්න සූදානම්..- හමුදාපති”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආයි අහලරට වැසියාට අතමිට උතුරන්න සල්ලි තියෙනව මදිපාඩුවට ඕනතරම් අච්චු ගහන්න ආණ්ඩුව ඉන්නව බඩු නිකන් දෙනෝ වගේ ලාබයි ඒ විතරක්ද ගෙදෙට්ටම ගෙනල්ල දෙනව බඩු පොදි ආණ්ඩුවෙන්.ඉතින් රට වැසියාට ලොක් ඩවුන් කලා කියල අවුලක් නෑ.නයි ටී එන් එක කොම්බු චැනල් එක පෙන්නන සුරන්ගනා කතා ටිකත් බලාගෙන ආතල් එකේ ඉම්මු

    • ක්‍රිමිනල් says:

      රටවැසියා කොරෝනා බියෙන් පෙලෙන අතරේ බයි ආණ්ඩුව ශරියා අධිකරණයට පදනම දාන්න යනවා.

      මුලින්ම ශරියා පන්නයේ බෞද්ධ අධිකරණ බලයක් මහානායකලාට දෙනවා. ගිහි, පැවිදි ඕනෑම කෙනෙක්ට දඩ ගහන්නත්, හිරේ දාන්නත් මේ අධිකරණයට පුලුවන්.

      ඊලගට ශරියා අධිකරණ බලයක් උලමා සභාවට දෙනවා. මිනිස්සුන්ට දඩ ගහන්න සහ හිරේ දාන්න බලතල ශරියා අධිකරණයට ලැබෙනවා.

      වෙනම බෞද්ධ අධිකරණයකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නා නම්, වෙනම ශරියා අධිකරණයට අවසර නොදී ඉන්න බැරි වෙනවා.

      ඉන්න ඕකයි ගුන්ඩුව. බෞද්ධ අධිකරණය එන්නේ ” ත්‍රිපිටක සන්රක්ශණ පණත” කියල එකකින්. කපෝති වෙන්න කලින් මේක හොයපල්ලා. බුද්ධශාසන අමාත්‍යාංශය දැනටමත් මේ ලණුව ගිලලා ඉන්නේ.

  2. බය්ලන්ත ආදී වාසි පුන්නසෝම says:

    ආයෙත් අහල. අපි දුක් මහන්සි වෙලා දර දිය අදෙලා පත් කරපු අපේ ආණ්ඩුවනේ. රට ලෝක් කරලා අපේ කටවල් පු වල් ලොක් කරලා අපිට පෝලිමේ තියලා ඇරියත් ඕං අපි නෙමේ මික් කියන්නේ. සත්තයි . රෙස්පෙක්ට් ස. අපි හැමදාම ස ලට තමා.

  3. කැප්පෙටිපොළ says:

    රතන සුත්‍රය හා කොරෝනා මැඩපැවත්වන වැඩපිලිවෙල
    ඔබලා හිතන්නෙ කොරෝනා වලින් බේරෙන්න මොනවාද කරන්න ඔනේ කියා එන්නතද මුහුණු අවාරණද නැ එය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. ඔබට කොරෝනා වලින් තොර තත්වයක් නැතිනම් සැපක් ලැබෙන්න පිනක් කරන්න ඔනේ. ඔබලා හිතන්නෙ හැම ධර්මතාවයක්ම හරි කියලා. නමුත් ඇත්තෙ හයයි පවක් පලදිමට රාග ද්වේෂ මෝහ හා කුසල් වඩන්න අලෝභ අදෝෂ අමෝහ. ඔබලා බෞද්ධ අධ්‍යාපනයක් ලැබුවේ නැ ඒකයි අඩුව නැතිනම් පිස්සු විකාර නැතුව අකම්පිතව ඉන්නවා.

  4. ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

    ඇයි ත්‍රිකෝන චැනල් එක එකෙනේ නියම කතායන්නේ උඹෙී මොලේ කුරැවල්වෙලා තියෙන්නෙත් එක නිසා තමයි

  5. Rajaman says:

    ජෙප්පා රට වහනකමි බලාගෙන ඉන්නේ 5000 ගන්ඩ. අහෝ පිංවත

  6. සංචාරක බුබුළ says:

    දෙරණ නාලිකාව කියන්නෙ දැන් රටේ ජාතික නාලිකාවද ?
    රූපවාහිනී සංස්ථාව වහලා නිරෝධායන මධ්‍යස්ථානයක් දාමු….

  7. Love nature says:

    තදින් පාඩමක් මේ අයට ඉගැන්විය යුතුය. බලන් හිටියා දැන් ඇති.

  8. මැදමුලනෙ මුත්තා says:

    දැන් ඔහෙලගෙ කතා අහල අහල මිනිස්සු මරැමූස් වෙලා ඉන්නෙ.

  9. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    සාධුලා ලවුඩ්ස්පීකර් දාගෙන පිස්සු කෙළිනවා

  10. රට වසාදමන මොහොතේ ඡනතාවගේ සියඵ බරපැන ඔවුන්විසින් දැරිය යුතුයි..! says:

    ඉන්දියාවේ සිට ”වෙෙරසය ආසාදිත රෝගීන් ගුවන්මගින් ලංකාවට ගෙන්වා” ප්‍රතිකාර කළ වගකීම් විරහිත පුද්ගලයන් සහ දේශපාළකයන් මෙවර ව්‍යසනයට මුළික වු අතර.,මෙවැනි ක්‍රියාකාරකම් සදහා සහයෝගයදුන්දේශපාළකය් සහ පුද්ගලයන් හේතුවෙන් ඉන්දියායාවේ ව්‍යාප්ත වෙෙරස් ප්‍රභේධය ලංකාවට පැමිනි නිසාවෙන්, රට වසාදමන මොහොතේ ඡනතාවගේ සියඵ බරපැන ඔවුන්විසින් දැරිය යුතුයි..!

Main News