පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

May 21, 2021 at 10:00 am | lanka C news
පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව කර ඇතැයි ද ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බවද කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබෙන අතර ඉන්පසු ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇත්තේ එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙසය.

ඒ අනුව බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත. දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.

– aruna

81,939 views

17 Comments to “පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…”

  1. ranja says:

    durdans. ?????

  2. මහජනතාව අවධානයෙන් ඉන්නේ.. says:

    මේ රටේ නීතිය සංශෝදනය කරන්න ඕනෑ. මේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්නෙ නෑ ඉර හඳ තියෙනකම්. ඒ නිසා එළිමහන් තැනක සිටුවා වෙඩි තබන්නට හැකි නීතියක් ගෙන එන්න ඕනෑ. මේ වගේ පර හැත්ත මෙලොවින් තුරන් කරන්න

  3. JAK says:

    ROHALE NAMA DANNA BARIDA…AI HORUNWA ARAKSHAKARANNE

    • rohan says:

      Nama Kiwwoth e, Hospital ekata honda nane. Chutta Chutta api ewa hadaganna ona

  4. සිසිල් සුදේශ් says:

    රෝහලේ නම හෙළිකරන්න.

  5. රන්වල says:

    මේ බටහිර පී සී ආර් පරීක්ෂණ වෙනුවට යොදා ගන්න අපේ හෙළ මෙව්ව එකක් තාම හොයා ගත්තෙ නෑනෙ .කොවිඩ් නසන හෙළ ඔසු නම් එකෙක් යද්දි එකෙක් බස්සනව.පී සී ආර් ඇන්ටිජන් වෙනුවට හෙළ පේන සාස්තර කොවිඩ් අදුනෙන් බැලීම වගේ දෙයක් හොයා ගන්න බැරි උනානෙ තාම.ඔන්න කොල්ලනේ හෙළ ඔසුවක් බස්සන්න බැරි උන එකෙක් ඉන්නව නම් චමුදිත අයියගෙ චැනල් එක හරහා එලි බහින්න අයිඩියා එකක්

  6. අපරාදෙ සල්ලි says:

    අයියෝ සුලු දෙයක්..මේව මොනවද? පරීක්ෂා කරන්න යන සල්ලිත් අපරාදේ..

  7. Maha sinhale says:

    සිංහල ගර්බනි අයට වද සැත්කම් කලා වගේ වැඩක් මේ කාලකන්නින්ට දැඩි
    දඩුවම් දිය යුතුය.

    • saman says:

      වද සැත්කම් උන අයට දැන් සනීපද? සද්දයක් වත් නැනේ

  8. NoCorena says:

    Kala Dutu Kala Wala Ihaganna Gihin, Gale Paharapu Balalata Una De Wela!

  9. saman says:

    මේක තමයි ඇත්ත. ලොකු ලොකු කොම්පැනි සල්ලි ගෙවල ඇත්ත යට ගහනවා.

  10. Jagath Silva says:

    Dilthta ekath demu

Main News