පේදුරුතුඩුවේ ටයර් ගිනිතබති.. STF බෆල් රථයකට ගල් ගහයි..
July 11, 2017 at 8:40 am | lanka C news
යාපනය පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී වැලි ටිපර් රථයට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයක් එක් අයෙකු මිය යාමේ සිද්ධියට විරෝධය පා ඊයේ දිනයේත් (10) පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ටයර් පිරිස්සීම් හා ගල් ප්‍රහාර එල්ල කිරීම් වාර්ථා වෙයි.
අදාල වෙඩිතැබීමට විරෝධය පා පේදුරුතුඩුව මනල්කාඩු මාර්ගයේ ටයර් පිලිස්සීම් වාර්ථාවන අතරම මනල්කාඩු ප්‍රදේශයේ ගමන් ගත් පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් බෆල් රථයකටද කිසියම් පිරිසක් විසින් සැගව සිට ගල් ප්‍රහාර එල්ල කොට පලා ගොස් ඇති බවටද වාර්ථා වෙයි.
මේ අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය 24 හැවිරිදි යෝගරාසා දිනේස් නැමැත්තා මීට දින 10 කට පෙර විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවටද ප්‍රදේශවාසීන් කියා සිටිති.
කෙසේ වෙතත් මනල්කාඩු ප්‍රදේශයේ පවතින තත්වය සාමාන්‍ය අතට පත්කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ආරක්ෂාව තර කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ