පේදුරුතුඩුව වෙරලේදී කේරල ගංජා කිලෝ 114 ක් අත්අඩංගුවට..
January 9, 2019 at 2:02 am | lanka C news
යාපනය පේදුරුතුඩුව මුහුදු වෙරලේ සගවා තිබූ කේරලගංජා කිලෝ 114 ක් ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් පේදුරුතුඩුව මුහුදු තීරයට ගෙන ඒමෙන් පසුව මෙරට ජාවාරම් කරුවන් විසින් අදාල කේරල ගංජා තොගය සගවානන්නට ඇති බවටත් අදාල කේරල ගංජා තොගය රුපියල් කෝටි එකහමාරක් පමණ වටින බවටද නාවික හමුදාව කියා සිටියේය.
උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාල කේරල ගංජා තොගය ප්රවාහනය සඳහා සූදානම් කර තිබියදී මෙසේ සොයාගෙන ඇත.
කෙසේ වෙතත් අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ කිලෝ දෙක ප්රමාණයෙන් යුත් කේරළ පැකට් 57 ක් තිබී ඇති අතර නාවික හමුදාව වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇත.
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත බාරදෙනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මට පෙනෙන්නේ මුං කේරළ ගංජා ජාතික ආහාරය කරගෙන කියල.