පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..

May 29, 2019 at 12:06 am | lanka C news
පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..

පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.

305 views

34 Comments to “පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..”

  1. danuskha says:

    එස්.බී. කියන්නේ කිසිම ඡන්ද පදනමක් නැති කටට ආපු පලියට කිසිම සෙවිල්ලක් නැතුව වමාරන පුද්ගලයෙක්. ඔය සිද්ධිය වෙලා තියන්නේ වර්‍ෂ 2000 ලු. ඒ කියන්නේ අවුරුදු 19 ක් නිදාගෙන ඉඳලයි තියෙන්නේ. මේ වගේ උන් නිසා තමයි දවසින් දවස රට අගාදයට යන්නේ. අපේ දරු මල්ලන්ට අබ සරණයි

Main News