පේරාදෙණි සරසවියෙන් කොරෝනා නසාලයි.. නිපැයුම සාර්ථකයි..

September 3, 2021 at 10:00 am | lanka C news
පේරාදෙණි සරසවියෙන් කොරෝනා නසාලයි.. නිපැයුම සාර්ථකයි..

කොරෝනා වෛරසය ඇතුළු මතුපිට විෂබීජ විනාශ කිරීමට නැනෝ තාක්ෂණය සහිත විෂබීජ නාශක දියරයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය දිලාන් රාජපක්ෂ මහතා සමත් වී ඇත.

මෙම දියරය මගින් මුදල් පසුම්බි, ජංගම දුරකථන, පාසල් බෑග් ඇතුළු ඕනෑම මතුපිටක භාවිතා කිරීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටියි.

එක්වරක් පිස දැමූ පසු දින 90 ක කාලයක් මෙමගින් උපරිම ආරක්ෂාවක් සැලසෙන බවත් සියුම් කාර්යක්ෂමතාවකින් යුක්ත නිසා ඇඳුම් මතද සේදුම් වාර ගණනාවක් සදහා ක්‍රියාකාරී වන බවත් ඔහු කියා සිටියි.

79,688 views

25 Comments to “පේරාදෙණි සරසවියෙන් කොරෝනා නසාලයි.. නිපැයුම සාර්ථකයි..”

  1. Bayya says:

    පේනව නේද? සිංහල දෙමල මුස්ලිම් මැලේ බර්ගර් අපි ඔක්කොම ශ්‍රී ලාංකික ලෙස වැඩකරොත් මේ රටට සල්ලි උනන්න ගන්නවා.. මේ සොයාගැනීම් අපේ අනන්‍යතාවයත් එක්ක දිගු දැක්මක් තුල වාණිජකරනය කරන්න ඕන. මේ විද්වත් අයට ඒ මුදල් ගලා යන්න ඕන. ඔවුන්ව දේශිය ප්‍රතිලාභ රාමුව තුල ඉඳීමේ වැදගත්කම නිතර දැනුවත් කරන්නත් ඕන. මෙවැනි නව නිෂ්පාදන වෙළඳපොලට දාලා ටික කලකින් රෝයල්ටි දිගටම එන විදියට විදේශීය නිෂ්පාදකයන්ට පේටන්ට් දෙන්න ඕනෙ. එතකොට ලෝකෙ විකිණෙන හැම බෝතලෙන්ම අපේ රටට ගානක් එනවා. නැතුව ඕක වහන් හිටියොත් ටික කලකින් අනිත් රටවල් මේක උස්සනවා.

  2. Kaum siri says:

    In Brief, Don’t show Athal Post….

  3. wani says:

    මොකටද තවත් දියර හදන්නේ. අර දම්මික පැණි වගේ කිසිම විස්තරයක් නැති දියර ලන්කාවට වැඩක් නැහැ දැනට ඒවා ඕනෑ තරම් තියෙන්නේ. පුලුවන් නම් කොරෝනා බෙහෙත් හදන්න.

    • කමල් says:

      කොරෝනාවෙන් මැරිලාම පලයන්, හොද දෙයක් හොද විදිහට දකින්න බැරි කුහකයන් මිනිස් සමාජයට අවශ්‍ය නොවේ.

    • ක්‍රිමිනල් says:

      Uba marewa.

  4. Sagarika Alvis says:

    ane doctor godak hodai.

  5. COOL says:

    දැන් බෙහෙත් කියක් සොයා ගත්තද එකක්වත් එලියට දාන පාටක් නෑ මිනිසුන් ව චූන් කර කර ඉදපල්ලා.

  6. Noel says:

    රට ජාතිය වෙනුවෙන් මෙවැන්නක් සොයාගැනීම පිළිබඳ ආචාර්යතුමාට බොහොම ස්තූතියි.
    ඔබගේ මේ නව නිෂ්පාදනය ජාතියටත් රටටත් ලෝකයටත් මහත් ඵලදායිතාවයක් ඇතැයි අපි විශ්වාස කරමු.
    රජයෙන් සහ රජයේ උසස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුනට අත හිත දී රටේ අවශ්‍යතාවයට භාවිතා කිරීමෙන් අනතුරුවම ජාත්‍යන්තරය කරා ගෙන ගොස් දුර්වල වී ඇති ආර්ථිකය ගොඩනැඟීමට කටයුතු කරන්න. කඩාකප්පල්කාරීන් ට එරෙහිව කටයුතු කිරීමට ඔබට ඇති බලය ක්‍රියාත්මක කරන්නකඩාකප්පල්කාරීන් ට එරෙහිව කටයුතු කිරීමට ඔබට ඇති බලය ක්‍රියාත්මක කරන්න
    කඩාකප්පල්කාරී හා සියලු දේ විවේචනය කරන පුද්ගලයින්ගෙන් රට ජාතිය වෙනුවෙන් පටු ආත්මාර්ථකාමී අවශ්‍යතාවයක් වෙනුවෙන් රට ජාතිය පාවා නොදෙන මෙන්කාරුණිකව ඉල්ලමි. මක්නිසාද යත් මෙය ඔබේත් මගේත් දරුවන් රටේත් අනාගතය අනාගතය සඳහා ය.
    මෙහි අඩුපාඩු ඇත්නම් එයින් නිවැරදි ආකාරයට පෙන්වා දී (using the constructive criticism) වැඩි දියුණු කිරීමට උදව් කර ඉන් අනතුරුව ජාත්‍යන්තරය කරා රැගෙන රැගෙන යමු.
    ආචාර්යතුමනි ඔබට ජය!

  7. Karunarathna says:

    තාම මේ වගෙ බොරු සිගිති ආතල් ගන්නවා මිනිස්සු.. බයියොත් හුරේ කිය කිය කිරිබත් කනවා මේ වගේ ඒවට.. විද්‍යාව තියා සිංහල වෙදකම ගැනවත් හරියට දන්නෙ නැති බයියොන්ව අන්දන්න ලේසි

    • Kimbula🐊 says:

      ඉතින් කරුවො උඹ හොයාගත්තු බේත දාපන්කො ? යකෝ කවුරු හරි අලුතෙන් දෙයක් හොයාගත්තොත් මේ කාලකන්නියගෙ පු.. ඉත්තෑවො දුවනව .තෝ ටොසියගෙ වහලෙක් නේද

  8. Ravana parapura says:

    රාවණ යළි නැගිටියි.

    රාවණ යුගයක් නැවත අපේ ප්‍රණාමය.

  9. අපේ දේට ගැරහීම දැන් කලාවක් වෙලා කියලා හිතෙනවා . මේ වගේ උඋගතුන්ට බුබුද්ධිමතුන්ට නිකරුනේ ගරහන්නට එපා .ඔවුන් දිරිමත් කරන්න.
    තියෙන්නේ වසල උත්පත්තියක් නම්…
    ඔහොමම යං…

  10. A9 says:

    පේරාදෙණිය කැම්පස් එකෙන් නැනෝ මාස්ක් එකක් හැදුව නමුත් කොහෙවත් ගන්නට නැහැ. සතොසෙ තියෙනව කිව්වට මොන පිස්සුද.