පේෂලගේ හුලං බහී.. පන්නා දමන්නැයි උතුරුමැද බහුතර මන්ත‍්‍රීන් 17ක් දිවුරුම් ප‍්‍රකාශ දෙයි..

May 15, 2017 at 2:14 pm | lanka C news
පේෂලගේ හුලං බහී.. පන්නා දමන්නැයි උතුරුමැද බහුතර මන්ත‍්‍රීන් 17ක් දිවුරුම් ප‍්‍රකාශ දෙයි..

උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්නට එරෙහිව එම පළාත් සභාමේ සන්ධාන මන්ත‍්‍රීන් 22 දෙනාගෙන් 17 දෙනෙකු පළාත් ආණ්ඩුකාරවරයාට දිවුරුම් ප‍්‍රකාශ ලබා දී තිබේ. මහ ඇමතිවරයා ඉවත් කර බහුකර බලය සහිත පුද්ගලයෙකු එම ධුරයට පත් කරන ලෙස ඉන් ඉල්ලා සිටී.

මේ අනුව ඉතිරි මන්ත‍්‍රී ධුර 16ම ගත්තද මහ ඇමතිවරයාට බහුතරයක් නැත.

විශ්වාශ භංගයකින් මහ ඇමතිවරයා බලයෙන් පහ කිරීම මෙන්ම මුදල් පනත් පරාජය කිරීමට බහුතර මන්ත‍්‍රි කණ්ඩායමට පළාත් සභා පනත අනුව හැකියාව ඇත.

මහ ඇමතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සන්ධාන මහ ලේකම්වරයාට වුවද බහුතර බලය නැති තත්වය මත පළාත් සභාව තව දුරටත් පවත්වාගෙන යාම ප‍්‍රශ්නකාරීය.

89 views
Main News