පේෂල ජයරත්න තගාලා 50ක් සමග රජයේ වාහනවලින් ගොස් අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලාගනී.. පොලීසිය පැමිණිල්ල බාර නොගනී..

November 27, 2017 at 2:10 pm | lanka C news
පේෂල ජයරත්න තගාලා 50ක් සමග රජයේ වාහනවලින් ගොස් අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලාගනී.. පොලීසිය පැමිණිල්ල බාර නොගනී..

සීගිරිය ඉලුක් වැව ප්‍රදේශයේ තමන්ට හිමි අක්කර 29 ක පමණ විශාල ඉඩමෙන් කොටසක වැට ගැසීමට පිරිසක් සමග පැමිණ එම ස්ථානයේ සිට තමන්ට බැණ තර්ජනය කළේ යැයි චෝදනා කරමින් උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න මහතාට විරුද්ධව සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සීගිරිය පොලිසියට ඊයේ (26) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ සිගිරිය ප්‍රදේශයේ පදිංචි රත්නපාල හැලබආරච්චි නැමති අයෙකි.

ඔහු සීගිරිය පොලිසියට කියා ඇත්තේ වාහන කිහිපයකින් උතුරුමැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා සමග විශාල පිරිසක් එකවරම කම්බි කණු රැගෙනවිත් හොර රහසේ තමාට හිමි ඉඩමක කොටසක වැටවල් ගසන විට එය වැළැක්වීමට යද්දි මහ ඇමැති පේෂල ජයරත්න මහතා තමන්ට බැණ තර්ජනය කළ බවයි.

මේ පිළිබඳව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. රත්නායක මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම පැමිණිලිකරුගෙන් මීට පෙරද මහ ඇමැතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් ලැබී තිබුණු බවය.

ඒ අනුව එම පැමිණිල්ල විභාග කිරීම සඳහා මහ ඇමතිවරයාට අවස්ථා කිහිපයක් පොලීසියට පැමිණ ලෙස දැනුම් දුන්නද මෙතෙක් මහ ඇමතිවරයා නොපැමිණි බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මෙවර පැමිණිල්ල සඳහා මහ ඇමතිවරයාට සීගිරිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද මෙතෙක් මහ ඇමතිවරයා පොලිසියට නොපැමිණි බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරවුල සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි කිහිප දෙනෙකු පොලිසියට කැදවා ප්‍රකාශ සටහන් කරගත් බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

මේ පිළිබඳ උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතාගෙන් විමසීමට උත්සාහ කළ ද ඒ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් පැමිණිල්ල ඉදිරිපත් කළ රත්නපාල හැලාබාරච්චි මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු කියා සිටියේ දිගින් දිගටම තමන්ට මහ ඇමතිවරයා මරණ තර්ජනය කරමින් තමන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමට පැමිණෙන බවත් පසුගිය 26 වන දින මහ ඇමතිවරයා 50 ක පමණ කණ්ඩායමක් සමග රජයේ වාහන වලින් සීගිරියට පැමිණ බලහත් කාරයෙන් තම ඉඩම්වලට ගැටගැසීම සිදු කළ බවයි.

මේ හේතුව නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත්ව සිටින බවත් මෙසේ පෞද්ගලික ඉඩම් මං කොල්ල කෑම සඳහා රජයේ යාන වාහන, රජ්‍ය සේවකයින් යොදා ගෙන දේශපාලන බලය පාවිච්චි කරමින් කරන ක්‍රියාව ජනතාව පිළිකුළෙන් යුතුව හෙලා දකින බවත් හෙතෙම පැවැසීය.

– adaderana

9,116 Viewers

2 Comments to “පේෂල ජයරත්න තගාලා 50ක් සමග රජයේ වාහනවලින් ගොස් අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලාගනී.. පොලීසිය පැමිණිල්ල බාර නොගනී..”

  1. Dugee says:

    ජනාධිපති ge coordinating security කෙනෙකුත් ඉන්නවා අහින්සක මිනිස්සුන්ගෙ ඉඩම් වලට ඔයවගේ game දෙන….

Main News