පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..

October 8, 2021 at 10:00 am | lanka C news
පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..

ලෝකයේ ඇති දැවැන්ත ඛණිජ තෙල් ගවේශණ ආයතන මේ වන විටත් ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති නව ඛනිජ තෙල් සම්පත් පනත පිළිබද විවාදයට එක්වෙමිනි.

ඒ් මහතා ඒහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ගරු කථානායකතුමනි, ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිති නායකයෝ ජනමාධ්‍යය ඉදිරියේ රට නොමඟ යමින් සිටියා. ඇත්තෙන්ම අද අපි මේ ඉදිරිපත් කරන පනතේ ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනය තබා තෙල් සංස්ථාව කියන වචනයවත් මේ පනතේ සඳහන් වෙන්නෙ නෑ.

මේ පනත අපි ඉදිරිපත් කරන්නේ රට තුළ පවතින තාමත් භාවිතයට ගෙන නැති තෙල් සහ ගෑස් සම්පත රටේ ප්‍රයෝජනයට ගැනීමට. තෙල් ටික ගොඩදාලා රටත් ගොඩ දැමීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කර ගන්නයි. ඒ නිසා ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුනි අපිව විවේචනය කළාට කමක් නැහැ. විවේචන පිළිගන්නවා. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන කරුණු අධ්‍යනය කරලා හරි විදියට විවේචනය කලොත් තමයි තමුන්නාන්සේලාට ඡන්දය දුන්නු ජනතාවට සාධාරණයක් වෙන්නේ.

ඇත්තටම අපේ රටේ මුහුදු පතුලේ තෙල් තියෙනවද?

ඇත්තටම අපේ රටේ මුහුදු පතුලේ තෙල් තියෙනවද? තෙල් ගවේශනය කරන නැව්වලින්, ගුවන් යානා වලින් ලබා ගත්ත සංකීර්ණ දත්ත වලින් කරුනු දක්වලා වැඩක් නැහැ. ඒක සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මම ඉතාමත් සරල කතන්දරයක් කියන්නම්.

මේ මොහොතේ ඉන්දු ශ්‍රී ලංකා දේශසීමාවේ ඉන්දියාව පැත්තේ තෙල් ලිං නමයක් කැනලා මේ මොහොතේත් ඉන්දියාව තෙල් ගනිමින් සිටිනවා. මේ දේශසීමාව 1974දී රටවල් දෙක කතා කරල ඇඳගත්ත ඉරක්. මේක ස්වභාවිකව ඇති වුණු ඉරක් නෙමෙයි. එහෙම නම් දේශසීමාවේ එහා පැත්තේ තෙල් තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මේ පැත්තෙ තෙල් තිබිය යුතුයි.

එහෙම නම් 1957 සිට ගවේශනය කරලත් අපිට මේ තෙල් ටික සොයා ගන්න බැරි වුණේ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේ මන්නාරමේ M2 කියන කැබැල්ලේ ළිං 4ක් අපි හෑරුවා. බැරකියුඩා කියන ලිඳෙත්, ඩොරාඩෝ කියන ළිඳෙත් අපිට ගෑස් හමුවුණා. ඒ වගේම වලාගෝ කියන ලිඳෙත් තෙල් හමු වීමේ මූලික ලක්ෂණ මතු වුණා. උතුරු ඩොරාඩෝ කියන ලිඳ පමණයි වියලි ළිඳක් උනේ. ලිං හතරෙන් තුනක් සාර්ථකයි. ලෝක සම්මතය ළිං 7ක් හෑරුවොත් එකයි සාර්ථක වෙන්නේ. ලංකාවේ ලිං 4ක් හෑරුවම තුනක් සාර්ථකයි.

නමුත් මේ ගැන රටේ ජනතාව විශ්වාස කරන්නේ නෑ. ඇයි දශක හයක් පුරාවට තෙල් ගැන කතා කරනවා මිසක් ගොඩ දාපු තෙල් නැති නිසා. අපට ඇත්තටම වැරදුනේ කොතැනද? ඇල්බට් අයිස්ටයින් කියනවා එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ නැවත නැවත සිදු කරමින් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට හොඳටම පිස්සු කියලා. ඒ නිසා අපි මේක වෙනස් කළා.

මම ඇමැතිවරයා වුණාට පස්සේ නැවත වතාවක් මේ බිම් කැබලි වෙන්දේසි කරන්න සූදානම් කරලයි තිබුණේ. මම ඒක නතර කරා. නතර කරලා අපිට මෙතෙක් කල් වැරදුනේ ඇයි? දැවැන්ත ආයෝජකයින් ඇවිත් අපේ රටේ තෙල් සම්පත ගොඩදාලා දුන්නේ නැත්තේ ඇයි ? කියලා අපි සමාගම්වලට කතා කර සොයා බැලුවා. සමාගම් වලට කතා කරලා අපි ඇහුවා ඇයි ඔබලා ලංකාවට එන්නේ නැත්තෙ කියලා. ඒ අය ඉදිරිපත් කළා ප්‍රශ්න ගණනාවක්.

ඔබේ ආයතනයේ ඉහල නිලධාරීන් මේ විෂය ගැන දන්නේ නෑ. අපි කතා කරන තාක්ෂණික භාෂාව තේරෙන්නෑ. අපි ලෝකයේ කීර්තිමත් මේ විෂය පිළිබඳ දැනුම තියෙන නිලධාරීන් දෙදෙනෙක් අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරටත් උපදේශක තනතුරටත් පත්කර ගත්තා.

ඔබේ රටට ගෑස් පිළිබඳ ප්‍රතිපත්තියක් නෑ කියලා කිව්වා. අපි ඇමති මණ්ඩලය ගෑස් ප්‍රතිපත්තියක් අනුමත කරලා ගැසට් මගින් ප්‍රසිද්ධ කලා.

සමස්ත ලංකාව වටා තියෙන මුහුදම දැවැන්ත බිම් කැබලි විස්සකට කඩලා තිබුණේ. මේවා විශාල වැඩියි කිව්වා. තනි සමාගමකට දීර්ඝ කාලයක් යනවා කිව්වා ගවේශනය කරන්න. අපි මේ බිම් කැබලි 20 කැබලි 873කට යලි කඩලා ගැසට් මගින් ප්‍රසිද්ධ කරා. ගවේශනයට ලබාදෙන ක්‍රොන්ත්‍රාත් කාලය වසර විස්සක් වගේ දිගු කාලයක් වෙනුවට වසර තුනක් දක්වා කෙටි කලා.

තවත් ඒ අයගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා ඒ ප්‍රශ්න විසඳන්න තමයි අද දින අපි මේ පනත ඉදිරිපත් කරන්නේ. මොනවද ඒ ප්‍රශ්න

නව පනතින් සිදු වන්නේ කුමක් ද?

නියාමන බලය තිබුණේ ඇමතිවරයාගේ අතේ. දේශපාලනික තනි පුද්ගලයෙක් අතේ නියාමන බලය කේන්ද්‍ර වී තිබීම ආයෝජකයන් ලංකාවට පැමිණීමට මැලිකමක් දක්වන හේතුවක් වී තිබුණා. මේ පනතෙන් ඇමතිවරයා සතු බලතල නියාමන බලය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියට බාර දෙනවා.

ඒ වගේම පරිපාලන කටයුතු මෙහෙයවූයේ අමාත්‍යාංශ හතක ලේකම්වරු. ඇත්තෙන්ම ලේකම්වරු කියන්නේ අතිශය කාර්යබහුල කට්ටියක්. මේ අයට මේ ආයතනය ගැන අවධානය යොමු කරන්න වෙලාවක් නැති නිසාත් රැස්වීමක් පවත්වා ගැනීමේ නොහැකියාවත් නිසා වැඩ අතපසු වෙනවා අපි දැක්කා. ඒ කමිටුව අහෝසි කරලා ඒ බලතල ටිකත් ලබා දෙනවා මේ පනතෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියට.

ඒ වගේම අපේ රටේ තෙල් ක්ෂේත්‍රය නියාමනය කිරීමට එක ආයතනයක් තියෙන්න අවශ්‍යයි. නියාමක විදියට ඊට පරිබාහිර ස්වාධීන ආයතනයක් තියෙන්න අවශ්‍යයි. තෙල් ගවේශණය කරලා තෙල් උකහා ගැනීමේ වාණිජ කටයුතු වල යෙදෙන්න වෙනත් ආයතනයක් ඇතිවෙනවා. අපි ගත්තොත් ජනප්‍රිය උදාහරණයක් තමයි මැලේසියාවේ තියෙන Petronas . ආණ්ඩුවට අයිති ඒම සමාගම ගොඩනැගුණේ කොහොමද? මුලින්ම ඇමෙරිකානු බ්‍රිතාන්‍ය තෙල් සමාගම් තෙල් ගවේශනයට ආවම මැලේසියාව කිව්වා ගවේශනය කරන සෑම සමාගමක ම කොටස් වලින් යම් ප්‍රමාණයක් අපේ Petronas එකට තියෙන්න ඕන, අපේ Petronas සමාගමේ පුද්ගලයෙක් ඔබේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න ඕන. මේ අනුව කාලයක් යද්දි ධනයයි අත්දැකීම් දෙකම Petronas එකට එකතු වුන නිසා මැලේසියාවට පුළුවන් වුණා විදේශීය සමාගම් වලින් කරමින් හිටිය ඒ ගවේශන කටයුත්ත තෙල් උකහා ගැනීමේ කටයුත්ත තමන්ගේම ආයතනයකින් කරන්න. අන්න ඒ සඳහා අපි වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ඒකට අවශ්‍ය විධිවිධාන අපි මේ පනතෙන් හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය නියාමන කටයුතු සිදු කරද්දී National Oil And Gas Company Of Sri Lanka කියන සමාගම බිහිවෙනවා අර Petronas වාගේ තෙල් උකහා ගැනීමේ කටයුත්ත කරන්න.

ඒ වගේම කීර්තිමත් ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා ලෝකය පුරා දැවැන්ත තෙල් සමාගම්වල ඉහළ නිලතල දරමින්. ඒ අයට දුකයි තෙල් සම්පත මහපොළොව යට සඟවාගෙන තිබියදී අපේ රට දිළිඳුව ණය බරිතව දුක් විඳිමින් ඉන්න ආකාරය ගැන. ඒ අය කැමතියි ලංකාවට ඇවිල්ලා ස්වෙච්ඡාවෙන් උදව් කරන්න. හැබැයි ඒකට යාන්ත්‍රණයක් නෑ. අලුත් පනතෙන් අපි හඳුන්වා දෙනවා උපදේශක සභාවක් ලෝකය පුරා ඉන්න මේ කීර්තිමත් ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට මාස තුනකට සැරයක් ඇවිල්ලා ඇමතිවරයාට අධිකාරියට ඒවගේම අර සමාගමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න.

ඒ සියල්ලටම වඩා වැදගත් දෙයක් තියෙනවා මේ ආයෝජනය දැවැන්ත ආයෝජනයක්. මෙතෙක් ලංකාවේ ලොකුම ආයෝජනය තමයි Port City. කීයද ගාන ඩොලර් ඩොලර් බිලියන 1.5 යි. හැබැයි මේ ඛණිජතෙල් ගොඩ දාන වැඩේට අපිට ඕනෑ ඩොලර් බිලියන 3ත් 5ත් අතර ගානක්. කොටින්ම කියනවා නම් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වගේ තුන් ගුණයක ආයෝජනයක් ඕන තෙල් ටික ගොඩ ගන්න. ලංකාවේ ඉන්න දැවැන්තම ධනපතියන් දහදෙනා එකට එකතු වෙලා තමන්ගෙ සමස්ත ධනයම දැම්මත් මේ මුදල එකතු කරගන්න අපිට අමාරුයි. එහෙනම් විදේශීය ආයෝජකයන් ලංකාවට එද්දී මේ අයට මෙතරම් දැවැන්ත මුදලක් ලංකාවට දානකොට සුවිශේෂි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ් නීතිමය රාමුව අද අපි මේ පනතින් හඳුන්වා දීලා තියෙනවා.

අභියෝග තුනක්

ගරු කථානායකතුමනි අපි ප්‍රමාදයි අපි හොඳටම ප්‍රමාදයි සමස්ත ලෝකයම ඛනිජ තෙල් අත්හරිමින් පුනර්ජනනීය විදුලියට ගමන් කරමින් ඉන්න කාලෙක තමයි ලංකාව ඛනිජ තෙල් ගවේශනයට එන්නෙ. ඇත්තෙන්ම මේ මොහොතේ ඛනිජ තෙල් සම්පත් උකහා ගැනීමේ ක්‍රියාවලියට අපි අභියෝග තුනකට මුහුණ දෙනවා.

01. 2015 දී ලෝකයේ රටවල් පැරිස් සම්මුතියට අස්සන් කරලා තීරණය කරා 2050 වන විට කාබන් විමෝචනය නැතිනම් මේ තෙල් භාවිතයෙන් ඉවත් වෙනවා කියලා. එහෙනම් අපිට මේ මහ පොළොවේ යට තියෙන තෙල් සම්පත ගොඩ අරගෙන පාවිච්චි කරලා ඉවර කරන්න තියෙන්නේ තව අවුරුදු 28 කට වගේ කාලයක්. ඒ නිසාම මේ ලෝකයේ අනිත් රටවල් තෙල් වලින් ඉවත් වෙමින් සිටින නිසා තෙල් ගවේශනයට තෙල් උකහා ගැනීමට අලුත් ආයෝජකයන් සොයා ගැනීම අද අපිට අභියෝගයක් වෙලා තියෙනවා.

02. අපි වැඩේට බහින්නේ ලෝකයම කෝවිඩ් වසංගතය අවට පස්සෙ. කෝවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථිකය විනාශ වෙලා කඩා වැටිලා ආයෝජනය කරන්න තිබෙන මුදල් සෑම සමාගමක ම හිඟ වෙලා තියෙනවා.

03. ශ්‍රී ලංකාව ඉන්නේ අතිශයෙන්ම දුර්වල තැනක. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් දුර්වලයි ආයෝජනය කරන ඩොලර් එකේ අගය හැමදාම පහලට යනවා. ඒ නිසා ලංකාවට ආයෝජකයෙක් සොයා ගැනීමත් අද අභියෝගයක් වෙලා තියෙනවා.

මේ අභියෝග තුනම කෙතරම් අමාරු වුණත් අපේ ආදරණීය මව්බිම තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට එකතු කිරීමට අපේ අධිෂ්ඨානය මේ අභියෝග සියල්ලටම වඩා විශාලයි කියන එක අපි මේ ගරු සභාවට සිහිපත් කරනවා. ඒ නිසාම ලෝකයේ ඛණිජ තෙල් දැවැන්තයන් වන Total, ExxonMobil වැනි ආයතන මේ වන විටත් ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනයට එකතුවෙන්න කැමැත්ත පළ කළ තියෙනවා කියන එක අපි මේ ගරු සභාවට දැනුම් දෙනවා.

ඒ වගේම පහුගිය කාලේ ඉන්දියාව, චීනය, අසාර්බයිජාන්, ඉරාකය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ඕමානය ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනයට එකතු වෙන්න කැමැත්ත පළ කරල අපේ දත්ත විශ්ලේෂණය කරමින් ඉන්නවා කියන කාරණයත් මේ මොහොතේ සිහිපත් කරන්න අවශ්‍යයි.

ගරු කථානායකතුමනි නිදහසෙන් පස්සේ මේ රටේ බලයට පත් වුණු සෑම ආණ්ඩුවකම ක්‍රියාකාරකම්වල හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව ණය ගොඩක කරවටට එරිලා ඉන්නේ. ආණ්ඩුවේ ආදායම ජාතික ආදායමෙන් 10% අඩු ප්‍රතිශතයකට ඇද වැටිලා. ලෝකයේ අඩුම ආදායම් ලබන ආණ්ඩු අතරට ශ්‍රී ලංකාව එකතුවෙලා ඉන්නේ. අපි මේ අර්බුදයෙන් ගොඩ යන්න මට පේන එකම විසඳුම මේ තෙල් හා ගෑස් සම්පත ගොඩගැනීම විතරමයි.

දැනට අපි ගවේශනය කරලා තියෙන මන්නාරම් ද්‍රෝණියේ පමණක් අද තියන වෙළෙඳපොළ මිල බැලුවම ඩොලර් බිලියන 280ක් වටින ගෑස් සහ තෙල් සම්පතක් අපි හඳුනාගෙන තියෙනවා. අපේ සමස්ත ණය තියෙන්නේ ආණ්ඩුවේ විදිහට ඩොලර් බිලියන 35 ක් ආණ්ඩුවේ ආයතනත් ගත්තොත් තෙල් සංස්ථාව වගේ ඩොලර් බිලියන 47ක් හැබැයි අද මිලට ඩොලර් බිලියන 280ක් වටින ගෑස් සහ තෙල් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තිබෙනව. හැබැයි M2 කැබැල්ලේ ගෑස් ටික ගොඩගන්න තව අවුරුදු තුනත් පහත් අතර කාලයක් යයි.

මොනවද මුත්තේ මොකද කරන්නේ ?

සමහරු අහනවා තෙල් ටික ගොඩ ගන්න කොට ඔබතුමා ඇමති නෙවෙයි නේද? ඊළඟ මැතිවරණය තියලා ඉවරයි නේද? මොකද ඔච්චර මහන්සි වෙන්නේ කියලා. ගරු කථානායකතුමනි අපේ 4 පොතේ 4 වැනි පාඩමේ තිබුණා

“මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔය හැටි බිම හාරන්නේ” කියන ගීතය.

එතකොට සීය කියනවා

“නුඹටත් ලමයෝ නොපෙනෙයි නොසිතමි – අඹ ඇටයක් සිටුවන්නට හාරමි”

එතැනදි මුණුපුරා අහනවා සීයගෙන් ඇයි සීයෙ ඔය අඹ ඇටෙන් අඹ කන්න සීයා ඔතන ඉන්න නෑනේ කියලා. හැබැයි සිය එතකොට සිහිපත් කරනවා මම නැති වුණාට පුතේ උඹලට මේ ගහේ ගෙඩි කන්න පුළුවන්නේ ඒ නිසයි මම මේ අඹ ඇට හිටවන්නේ කියලා. ඒ නිසා ගරු කථානායකතුමනි මේ අවස්ථාවේ අපි කරන්නේ අපේ ආණ්ඩුවට ගොඩයන්න පුළුවන් වැඩක් නෙවෙයි. රටම ගොඩ යන්න පුළුවන් වැඩක්. ඒ නිසා මේ කාරණයේදී පක්ෂ භේද පැත්තකින් තියලා ජාති භේද පැත්තකට තියලා මේක ජාතික කර්තව්‍යයක් කියලා හිතලා මෙ මල් වට්ටියට අත ගහන්න කියලා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි මේ වැඩ පිළිවෙල කවුරු බලයේ සිටියත් වෙනස් නොවන ජාතික වැඩපිළිවෙළක් බවට පත් කරගන්න ඕන. ඒක නිසාම මම ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මැතිතුමාගෙන් ඉල්ලා සිටියා මට අවස්ථාවක් දෙන්න මගේ නිලධාරීන් සමග ඔබේ පක්ෂ කාර්යාලය ට ඇවිල්ලා අපි කරන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කරලා ඔබේ අදහස් අනුව මේ වැඩපිළිවෙළ සංශෝධනය කරගෙන සමස්ත ජාතිය ම දායක වුණු ජාතික වැඩසටහනක් බවට මේක පත්කරගන්න. අවාසනාවට මේ විවාදය ආරම්භ වන තුරුත් මට ඒ අවස්ථාව ලැබුණේ නෑ.

මම විපක්ෂයේ සෑම පක්ෂයකම නායකයන් ගෙන් ඉල්ලා සිටිනවා ප්‍රසිද්ධියේ ඉල්ලීම කරනවා අවස්ථාව දෙන්න මාගේ නිලධාරීන් සමග ඇවිල්ලා ඔබේ පක්ෂයේ නායකයන්ට අපි කරන දේ පැහැදිලි කරලා අඩුපාඩුවක් ඔබ දකිනවා නම් ඔබේ අදහස් ඔ‌බේ යෝජනා ඔබ දකින අඩුපාඩු අපිට කියන්න. අපි ලෑස්තියි ඔබේ සාධනීය අදහස් අනුව මේ වැඩ පිළිවෙල සංශෝධනය කරගෙන ජාතික වැඩපිළිවෙළක් බවට පත් කරලා හැම පක්ෂයටම අයිති වැඩපිළිවෙළක් බවට පත් කරලා මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න. ගරු කථානායකතුමනි තමුන්නාන්සේලා හමු වෙන්න බැරි උනත් අද තමුන්නාන්සේලාට පුංචි පොත් පිංචක් ලබා දීලා තියෙනවා “නව ඛනිජ තෙල් සම්පත් පනත 2021” කියලා. අඩුම ගාන මේ පොත් පිංච කියවලා අපේ රට ගොඩ යන්න පුළුවන් තෙල් ගොඩ දැමීමට ඔබට සම්මාදම් වෙන්න පුළුවන් කොහොමද කියන එක අධ්‍යනය කරන මෙන් රටේ ජනතාව තෝරා ගත්ත මහජන නියෝජිතයෙක් විදියට ඔබතුමන්ලා ඒ වගකීම ඉටු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි මේ පනත සැකසීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත උනේ 2021 මාර්තු හැබැයි ජූලි මාසේ 27 වන විට ගැසට් මගින් ප්‍රසිද්ධ කරලත් ඉවරයි. මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ මේ පනත යථාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් උනේ නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් අනිත් වැඩ පසෙක තබා ජාතික වශයෙන් වැදගත් මේ කාර්යය ඇඟට අරගෙන දිවා රෑ මහන්සි වෙලා රට වසා තිබෙන අවස්ථාවල පවා දිගටම කාර්යාලවල රැඳෙමින් මෙය යථාර්තයක් කිරීමට අසීමිත ලෙස කැප වුණු නිසා.

ඒ නිසා නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මිය, හිටපු නීති කෙටුම්පත් සම්පාදක දීපානි කුමාරිජීව මිය, නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක සෙල්ව ගුණපාලන් මහතා සහකාර නීති කෙටුම්පත් සම්පාදක සුජීවා තුෂාරි මිය, නීතිපති සංජය රාජරත්නම් මහතා, අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහෙන් ගොපල්ලව මහතා මේ කාරණයට ලබාදුන් අමිල සහය ට මගේ ප්‍රණාමය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අමාත්‍යංශ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මැතිනිය, නීති නිලධාරිනී හසිතා පරගහගොඩ මිය, ඛනිජ සම්පත් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරත් ඕවිටිගම මහතා, උපදේශක සාලිය වික්‍රමසූරිය මහතා, නීති නිළධාරිනී සෞම්‍යා විජේසිංහ මිය, මේ පනත යථාර්ථයක් බවට පත් කරන්න දැක්වූ කැපවීමට ප්‍රණාමය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

– media unit

168,926 views

69 Comments to “පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..”

  1. Padma says:

    චන්දයක් ලං වෙනකොට හැමදාම පේසාලෙ තෙල් හම්බවෙනවාලු….
    අලුත් විහිලු නැද්ද හැබෑට

    • ගයාන් says:

      මේ මනුස්සයා ආටිකල් එක කියවන්නෙත් නැතුව මෙතන කොටලා.. විපස්සෙ වීරයො!

      • Anuradha says:

        ගොම්මන් පිලයා දැම්මොත් දමන්නේ පැදුරවගේ දිග කථා තමයි මේකට යමක් ලියනවා තියා කියවන්නත් කම්මැලියි.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        මුගේ ආර්ටිකල් එකත් ඔකගේ බොරු කපටි හිනාව වගෙ තමයි පට්ට පල් බොරුවක් ,ඔකා ඔමානෙට ගියා ඩොලර් හිගාකන්න , ඩොලර් බිලියන 3.5ක් ඔමානෙන් ඉල්ලුවා , ඔමානේ නිකං ජොලියට ණය දෙන්නෑ , මන්නාරම් ද්‍රොණියේ ඔය නිධිය තමයි ඇපකරේ , බලහං ඉදලා හිටලා පාර්ලීමේන්තුවේ යන වැදගත් කතා , පැය විසිහතරෙම පච මෝල් බලන්නැතුව .

        • අං දුන් මහේන්ද්‍රන් says:

          එතකොට මොකාද ඔය පාර්ලිමෙන්තුවෙ වැදගත් කතා කියන එකා. අර තොල් උල් කරගෙන පච විදින පච කුමාරද?

  2. Nandasoma Suriyaarachchi says:

    මේ බයිල අපි 1970 ගණන්වල ඉඳලාම අහනව. ඒත් තෙල් කඳුලක්වත් තවම අරගෙන නැහැ…… තෙල් ගත්තත්, ඒ සල්ලි ලංකාවෙ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නෙ නැහැ….. ඒවත් අරන් දේශපාලුවො විදේශීය රටවල ආයෝජනය කරයි….. පරම්පරා ගානකට ඇති වෙන්න හම්ප කර ගනී

  3. Nandasoma Suriyaarachchi says:

    මේ බයිල අපි 1970 ගණන්වල ඉඳලාම අහනව. ඒත් තෙල් කඳුලක්වත් තවම අරගෙන නැහැ…… තෙල් ගත්තත්, ඒ සල්ලි ලංකාවෙ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නෙ නැහැ….. ඒවත් අරන් දේශපාලුවො විදේශීය රටවල ආයෝජනය කරයි….. පරම්පරා ගානකට ඇති වෙන්න හම්බ කර ගනී

  4. Amila says:

    පලවෙනි තෙල් බැරල් එක විකුනලා ඒකේ ඩොලර් ටික පෙන්නනකම් විස්වාස නෑ…

  5. Fazal says:

    There is no oil over here. People forget the past so soon. There was a big hype around 7-8 years back on the same topic but where’s the oil? The foreign company who did the drilling packed up and left few years back.

    Same thing with Pandora papers. Few years back the same news appeared and after some time, no noise. Now again the same story. Wonder how much longer this will last.

  6. Athula says:

    රටට ගොඩ යන්න තියෙන එකම විසඳුම තෙල් නොවේ බ්‍ හොරකම් නතර කිරීම දැන් ම පේනවනේ එක නංගි කෙනෙකුගේ හංගල තියෙන ඒවා හ්ම්ම් අඩියෙන් අඩිය තෙල් ලැබුනත් මුන් ඉන්න කම් රට අගදයේ කවුද රට නයකලේ අපිට දීලද ?