පේ‍්‍රක්‍ෂකයන් කහ ඇදුමින් සැරසීම හරහා ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ උත්සාහයක්…- සජිත්

June 25, 2022 at 12:00 pm | lanka C news
පේ‍්‍රක්‍ෂකයන් කහ ඇදුමින් සැරසීම හරහා ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ උත්සාහයක්…- සජිත්

පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුර ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරට විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට අනාවරණය නොකරන්නේ ජාතික ආරක්ෂාව නිසා බවත් එහි සංවේදී කාරණා ඇති බවටත් කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කළ එකී ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එම තොරතරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ එම තොරතුරු සැඟවීමෙන් අනාවරණය වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය කාලයේ බහුජාතික සමාගම් සමඟ රහස් ගිවිසුම් රැසක නිරතව ඇති බවයි.

ආණ්ඩුව ව්‍යවස්ථා ප්‍රෝඩාවක!

මාස 2කට ආසන්න කාලයක් ගෝ හෝම් ගෝටා කියමින් අරගලයේ නිරත තරුණයන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වී නව රජයක් බලයට පත් වන ලෙස සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස වුවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එම කිසිසේත් ගණන් නොගෙන කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් රට තුළ ආහාර, ඉන්ධන පෝලිම් සාදා, දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කර, ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කළ වත්මන් රජයට ඉවත් වෙන ලෙස කොතෙක් ජනතාව කීවත් මොවුන් ඉවත් නොවන බවත් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ආවත් එය ගෙන එන්නේ 2025 බවත් පවසන දුර්දාන්ත පාලනයක් ගෙන යන රජය සමඟ කිසිසේත්ම එක් නොවන බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ බංකොලොත් උත්සාහය!

රට තුළ පැවැති අර්බුධකාරී තත්ත්වය හමුවේ වුවත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සංවිධානය කළ කහ පැහැති ඇඳුම් ඇඳ අවසන් තරගය නැරඹීමේ වැඩසටහන, බංකොලොත් දේශපාලනයක නිරත වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් මේ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජාතියම සතුටු වෙන අවස්ථාවක බංකොලොත් දේශපාලනයක නිරතවන පිරිස් පිළිබඳ ඇත්තේ දැඩි කළකිරීමක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අර්බුධ සමයක වුවත් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමට, එම රජයට සහ ඔස්ටේ්‍රලියානු ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ගේ පැමිණීම අනෙක් රටවලට ආදර්ශයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ අපේ රටට දමා ඇති සංචාරක තහනම් ඉවත් කර නැවතත් අපේ රටට පැමිණෙන ලෙස විදෙස් රටවලට ආරාධනා කරන බව යි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් ආඩම්බර වන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව විසින් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘත ගුණ දැක්වීමට හදවතින්ම සංවිධානය කළ මේ ක්‍රියාව දේශපාලනීකරණය කිරීමට පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ අනෙකුත් සම්බන්ධිත නාලිකා දරණා උත්සාහය තරයේ හෙළා දකින බවයි.

වර්තමානයේ රට පත්ව ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම උදෙසා වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් ගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින් මේ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා වූ මාර්ග සිතියම පිලිබදව අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. මේ අවස්ථාවට ප්‍රමුඛ පෙළේ වෘත්තිය සමිති නියෝජිතයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ”රට බේරාගැනීමේ මෙහෙයුම” සාක්ෂාත් කරගැනීම උදෙසා එහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරිණි.

– මාධ්‍ය අංශය

24,537 views

18 Comments to “පේ‍්‍රක්‍ෂකයන් කහ ඇදුමින් සැරසීම හරහා ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ උත්සාහයක්…- සජිත්”

  1. Sampath says:

    He is loos ng his ming….

  2. Lone Wolf says:

    ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව මුලදී ආක්‍රමණික ඉංග්‍රීසි නිලධාරීන් හා ඔවුන්ගේ දරුවන්ගේ ක්‍රීඩාවක්
    වශයෙන් පැවැතිණි . ඉන් පසු එය ඉංග්‍රීසින් හා ලඟින් ඇසුරුකල ඕලන්ද සම්බවයක් තිබූ ඉහල සමාජයේ අයද ඉංග්‍රීසින්ට බැලමෙහෙවර කල ලාංකීය පුරවැසිභාවය ලබා සිටි ඉන්දීය සංක්‍රමණික කොච්චි මිනිසුන් අතරද
    ක්‍රීඩාවක් ලෙස ආරම්භ විය. ක්‍රිකට් ක්‍රීඩාකිරීම ඉංග්‍රීසින්ගේ සිත්දිනාගැනීමටත් ඒ මඟින් පාදඩ ජීවිත ගතකල ලංකාවේ සිපයියන්ට
    ජීවත්වීමට පොටක් පාදාගැනීමටත් අවස්ථාව සලසා දුන්නිසා ක්‍රිකට් ජනප්‍රිය වන්නට පටන් ගත්තේය..

    • Say No to Cricket says:

      මෙන්න මේක තමයි සත්‍ය අද දවසේ ඒ සිපයියන්ගේ දිගුවක් වගේ සිටින ළුම්පන් මරි මෝඩ දෙමාපියන් තමුන්ගේ දරුවන් බොහොම පැහැදිලිව තිබෙන අධ්‍යාපන මාර්ගයේ යවා ඔහුගේ අනාගතයට නොබියව මුහුණ දෙන්නට උදවු කරනවා වෙනුවට සූදුවක් වන් ක්රිකට් ක්‍රීඩාවේ යොදවා ලක්ෂ ගාණක් දරුවන්ගේ අනාගතය අඳුරු කරනවා.බොහෝ ලුම්පන්නු සිතන්නේ ක්රිකට් කියන්නේ මුළු ලෝකයේ රටවල් කරන ක්‍රීඩාවක් කිය .ඔවුන් දන්නේ නෑ ලෝකයේ ඉහළම දියුණු රටවල් කිසිවක් ක්රිකට් කියන්නේ මොකද්ද කියලා නොදන්න බව.

  3. Shame Warn says:

    මේ රටක් ගිනිගන්න අස්සේ පන්දු කෙලින්න ආපු අශිෂ්ට Aussi මොන්ගලයන්ට වෙන රටකනම් ගල් ගසා, හූ කියා එලවනු ඇත. Ausiයෝ මේ වෙලාවේ ලංකාවට ආවේ මෙය Commonwealth වහල් රටක්ය, mind your own businez යන දේශපාලනික සහ මිලිටරි පණිවුඩය රුසියාවට සහ චීනයට ලබා දෙන්නටය.

    • කමල් says:

      අනේ කටවහගෙන හිටපන් බන් ජාතිබේද අවුස්සන්නෙ නැතිව.මොන්ගල් පේවිපි සජබ වහල් බයියනේ උඹල තමයි රාජපක්ෂලා එක්ක එකතුවෙලා රට කන්නෙ

      • මිලින්ද says:

        ඉතිහාසය හෝ ලෝක දේශපාලනය හෝ උගත් කම නැති තම පාසල් කාලය පුරාම පිට්ටනි වල හු කියමින් හුරේ දමමින් ක්‍රික්ට් ක්රීඩා කළ පුද්ගලයන් දන්නේ නැත .කොමන්වෙල්ත් යනු තම යටත් විජිත, ලෝක යුද්ධයෙන් පසුව නැවත සුවේදේශිකයන්ට බාරදී ඒ ලජ්ජා ව යන්නට එංගලන්ත සුද්දා විසින් අටවා ගත් සංවිධානයකි ක්‍රිකට් යනු එංගලන්ත සුද්දා යටතේ සිටි බව පෙන්වන හරකුන්ගේ හන ගසන්නාක් වැනි සිල් එකකි .ක්‍රීක ට්ට ලොලියෝ තම හන පෙන් ව පෙන්වා යන හරකුන් වර්ගයකි අවාසනාව තමුන් හරක් බව නොදැනීමයි

      • Wrong Man says:

        ඔසී නකදී පුසී

  4. සෙරෙප්පු සුප්. says:

    ක්‍රිකට් දේශපාළණීකරණය උනේ ඕක පටන් ගත්තු දා ඉඳලමයි.සජී පුතා ඕක තාම දන්නෙ නැහැ.ඒ කියන්නෙ එයා ටෝටලි ෆේයිල්.වරකා නතින්,වැල සම්තින්,අයි කාන්ට් අන්ඩස්ටෑන්ඩ් එනිතින්.කථාව දෝලාවෙන් ගමන පයින් ඒ අපේ පුතණුවන්.

  5. මෝඩයෙක් කියන්නේ කට කහනවාටයැ. අම්බ මී හරකෙක්.

  6. Amal says:

    මේ පුතනෝ අමු ගොබ්බය. උ විපස්ස නායක කිව්වට ඕක කරන්නේ කපුටට ඕන දේ .නැද්ද කියල හොදින් බලන්න කෝ .

  7. RITIGALA says:

    ithin gon wahanse kawuruwath pohottu athe thiyagena cheer kale nane…..ohela athulu deshapalu haththa kala damma rata mehema thiyeddi me ratata awa ekata thanks karanna rate boho janathawa ekathu una….ekath deshapalu asakin dakina un nam patta buru thadiyo…

  8. Padmini says:

    Heeee Haaaa Heeee Haaaa

  9. සිදත් says:

    ප්‍රමුකත් ව පටලවාගත් කාලකන්නි මරී මෝඩ මිනිස්සු සිටිනා රටක් මෙහෙම බංකොලොත් වීම පුදුමයක් නෙවෙයි .රටේ ළමා පරපුරම කාලකන්නි කරන මේ කෘක්ට් වලට විරුද්දව එක වචනයක් කියන්නට ළමුන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් රටේ ජනතාවගේ සම්පත් විනාශ කරමින් කරන මේ මරී මෝඩ ක්‍රීඩාවට පාසල් පද්ධතිය තුල යම් සීමා පනවන්නට කරුණු තේරෙන දේශපාලකයන් පාවා බිය වන්නේ මේ මරී මෝඩ ක්රිකට් ලොලි ජනතාව නිසයි.දවස් කිහිපයකට පෙර එසේ අන් දෙකක් මෝදු වූ මිනිස් ගවයෙක් “අපිට කන්න නැතත් ගෑස් නැතත් පෙට්‍රල් නැතත් අද හරි සතුටුයි මේච් එක දිනුවා”කියා ජාතික රූපවාහිනියේ ක ලා ප්‍රකාශය මේ රටේ මිනිසුන්ගේ මරී මෝඩකම ඔප්පු කළ අවස්ථාවක්.

    • චන්න සෙන says:

      ඇත්ත සමහර මෝඩ අම්මලා කියනවා ක්රිකට් ගහලා පුතා සිලෝන් ටිම් එකේ වොටර් බෝයි කෙනෙක් උනත් ඇති කියාල.බලන්න මොන තරම් නුගත් අම්මලද කියලා? මේවගේ පාදඩ මිනිස්සු ඉන්නකම් ජාතියක් ගොඩ දන්නේ කොහොමද?

  10. daya says:

    ඉවසීමෙන් වැඩ කරන්න. ජය නියතයි.

Main News