පේ‍්‍රමදාස ජනාධිපති කරවන්න මගේ තාත්තා රට වටේ ගියා.. සජිත් ජනාධිපති කරවන්න මාත් හැම මුල්ලකම යනවා..

October 14, 2019 at 8:40 am | lanka C news
පේ‍්‍රමදාස ජනාධිපති කරවන්න මගේ තාත්තා රට වටේ ගියා.. සජිත් ජනාධිපති කරවන්න මාත් හැම මුල්ලකම යනවා..

එක්සත් ජාතික පක්ෂයෙන්  ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරේ වසර 14 කට  පසු බව වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසන බල මණ්ඩල රැස්විම දික්ඔය නගර සභා ශාලාවේ පැවති අවස්තාවේදිය.

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම  කේ කේ පියදාස මහතා විසින් මස්කෙලිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම  සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ,

අපගේ පක්ෂය සැම විටම අභියෝග වලට මුහුණ දෙන ව්‍යාපාරයක් , අපි සැහෙන්න දුක් වින්ද දේශපාලන පක්ෂයක් ,අපගේ දේශපාලන නායකයින්ව තමයි එල්.ටි.ටි.ඊ සංවිධානය වැඩි වශයෙන් ඝාතනය කරලා තියෙන්නේ.

ප්‍රේමදාස මැතිතුමා , මගේ පියා , ඇතුලත්මුදලි මැතිතුමා  විදිහට කියාගෙන යන්න පුළුවන් , අපි මේ පක්ෂය නැති වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැ, මේ අවුරුදු 20 තුල අපිට සැහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා.

අපිට බැරි වුණා අපේම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන්න , අන්තිමට ඉදිරිපත් කලේ 2005 දි , අවුරුදු 14 කට ඉස්සෙල්ලා , අවුරුදු 14 පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයෙ අලියෙක් ඉදිරිපත් කරන්නේ.

අන්තිමට අපි ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයෙක් හැටියට 1988 අවුරුදු 31කට  ඉස්සෙල්ලා.

1988 මගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතාව ජනාධිපති කරන්න මේ රටේ අස්සක් මුල්ලක් නැ අර ගිහිල්ලා  මිනිස්සු දැනුවත් කරලා එතුමාගේ උපරිම ශක්තිය යොදවලා ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරා.

ගාමිණි දිසානායක මහතාගේ පුතා හැටියට  රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න මේ රටේ අස්සක් මුල්ලක් නැ ඇර ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරලා , සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති කරන්න කිසිදු පැකිලිමකින් තොරව කටයුතු කරනවා යනුවෙන් පැවසිය.

මස්කෙලිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්විමට එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

51 views

31 Comments to “පේ‍්‍රමදාස ජනාධිපති කරවන්න මගේ තාත්තා රට වටේ ගියා.. සජිත් ජනාධිපති කරවන්න මාත් හැම මුල්ලකම යනවා..”

  1. Lebbe says:

    අවුරුදු 14 පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයෙ අලියෙක් ඉදිරිපත් කරන්නේ. Eth aliyagen nemeyi Hansayage pende gata gahala.

    • Onlookers says:

      Both late President Premadasa and late minister Gamini Disanayake were killed by L.T.T.E. suicide bombers. But their offsprings still seem to have not understood the dangers from the present racialist politicians, whose aspirations seem to be the same as that of the Prabhakaren’s ,as evident from their comments and deeds ( e.g. not allowing people of other races to settle there and incident at Guru Viharaya),which the people consider due to these duo’s greediness for power by getting their votes,rather than giving priority to the Motherland’s sovereignty.

  2. ඉතුරුටික මතක නැත්ද …. ?…තාත්ත මලේ ප්‍රේමදාස හුරතල්කරපු එවුන්ගෙන් බව…ඊට කලින් ලලිත්ට මෝර සුනිල්ගෙන් වෙච්ච දේ වෙනව ..මිනිහ පොඩ්ඩක් ඉවසුව….දන්නෙ නැත්නම් පවුලෙ වැඩිමහල් කෙනෙක්ගෙන් අහල බලන්න.

  3. Nimal R says:

    ඔවු. අන්තිමට ජනාධිපතිවුනට පස්සෙ ඔහේගේ තාත්තටයි ලලිත් ඇතුලත්මුදලි මහත්තයටයි පල නොකිය ප්‍රේමදාස පලා බෙදුවා . ගාමිණී දිසානායක මහත්තයට හරි හමන් ඇමතිකමක්වත් දුන්නේ නැහැ . අන්තිමට දීපු ඇමැතිකමත් ගත්ත.ලලිත් ඇතුලත්මුදලි මහත්තයට ලැබුණේ සමුපකාර ඇමතිකම . දැන් සජිත් කියනවා ඔහු යන්නෙත් පියාණෝ ගිය පාරේ කියළ . ඔහේ වගේ ගොනෙක් .ඔහෙටත් සජිත් ජනාධිපති වුණොත් (නොවෙන හින්ද හොඳයි) ඔහේගේ පියාට වෙච්ච දේ නොකළොත් සජිත් නොට්ටිගේ පුතෙක්ම තමයි

  4. Malvathu Asgiri Girigoris says:

    තමුන්ගේ තාත්තා මරණයට පත්වුන ආකාරය නුවනින් විමසා බැලුවනම්, සජිතයට කඩේයන එක නතරවෙයි.
    UNP ගොනුන් මොලේ උඩ වාඩිවී සිටින බැවින් එය තේරුම් ගැනීමට අපහසු බව හැඟේ.

  5. Osmand says:

    මිනිමිනිස්සුන්ට බොරු කියන්න එපා. තාත්තට ඩැඩේ දුන්නෙත් පේරේමදාස බව මතක තියාගනු. ඒ පේරේමදාස හිතවත් EPDP,RPRLF වැනි සංවිධාන මගිනි.

  6. නිළමේ says:

    එතකොට තමන් ගෙ පියා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හැදුවේ?

    • RATA WESIYO says:

      You must envisage why the U.N.P. could not field a candidate of it’s own for 14 years. The people see that was due to the reason that you all were ,after coming to power mainly from the votes of the majority race ,you all have overlooked their National interests and have been more concerned with accomplishing their unfair ,unjust demands of the minorities ( in redessing their fair demands, the majority race have never objected)which have been threat to the unitary status and sovereignty of the motherland( which had been protected by our heroic ancestors with life sacrifices),due your greediness for their votes to come to power.The people give first priority to the politicians who protect their motherland’sovereignty above anything.

    • RATA WESIYO says:

      You must envisage why the U.N.P. could not field a candidate of it’s own for 14 years. The people see that was due to the reason that you all were ,after coming to power mainly from the votes of the majority race ,you all have overlooked their National interests and have been more concerned with accomplishing unfair ,unjust demands of the minorities ( in redessing their fair demands, the majority race have never objected)which have been threat to the unitary status and sovereignty of the motherland( which had been protected by our heroic ancestors with life sacrifices),due your greediness for their votes to come to power.The people give first priority to the politicians who protect their motherland’sovereignty above anything.

  7. Keselwaththe Pimpiya says:

    Mamath hithagena hitiyadewal Nimal R kiyala thibenawa. Eeta amatharawa JR Lokka, Premadasata janadipathi apekshakakama nodunnama me thundenatama thaga daala aragena janadipathiwela Lalithtai, Gaminitai passata payin gahala mullakata karala thibba. Ehewu thaththage puthata thamai Naviya kade yanne. Balanna redi andagenada kiyala?

    • නිළමේ says:

      මේ සමහර හරක් ඉන්නවා ඔය කතා උන් දන්නෙනෑ.

  8. Sujith says:

    ඊට පස්සේ තාත්තා කෙලවගත්තා.

  9. UNP GAL IBBA says:

    තත්තාත් කඩේගිහිල්ලා මොකොද උනේ පුතත් ඒ දේම කොරගනීද දන්නේ නැත​????

  10. නවීන් says:

    තාත්තා කඩේ ගොහිං අන්තිමට පක්ෂෙනුත් එළියට දැම්මා නොවැ ඔය කඩේ යන උන්දැගෙ ආදරණීය පියානෝව.

Main News