පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) එල්ලා මරන්න නියම කෙරේ..

July 31, 2020 at 4:06 pm | lanka C news
පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) එල්ලා මරන්න නියම කෙරේ..

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

රත්නපුර මහාධිකරණය විසින් ඔහු සහ තවත් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමිනි.

සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රීන් නිලන්ත ජයකොඩි මහතා කහවත්ත ප්‍රාදේශ පාදේහීය සභාවේ හිටපු සභාපති යන දෙදෙනා මෙසේ මරණ දඬුවම නියම වූ අනෙක් අයයි.

පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ද නාම යෝජනා භාරදී ඇත.

661 views
Main News