පොඩි කාලේ මාළු කෑල්ලක් කෑවේ මාසෙ 20 වැනිදායි.. 15දා ඉදන් කෑවෙ රොටී.. අද ආසියාවේ ලොකුම වී ගබඩාව මගේ..- ඩඩ්ලි
January 31, 2019 at 1:20 pm | lanka C news
තම පවුලේ සාමාජිකයන් මාළු කෑල්ලක් කැවේ මාසේ 20 වැනිදාට බවත් ඒ එදිනට දෙමවුපියනට පඩි ලැබෙන නිසා බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහෝදර ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
30 වෙනිදාට බිත්තරයක්, 10 වෙනිදාට බිත්තර බාගයක් ආහාර වේලට ලැබුණු බවත් ඔහු සදහන් කලේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන හා එක්වෙමිනි.
එතැන් සිට 15-20 කාලයේදී රොටී සහ ලුණු මිරිස් පමණක් ආහාරයට ගත් බවත් පැවසූ ඔහු තමනටද් ජනාධිපතිවරයාත් රටේ ජනතාවගේ ප්රශ්න ගැන හොද අවබෝදයක් ඇති බවද සදහන් කලේය.
වැඩසටහනේ තවත් අවස්ථාවක ඔහු සදහන් කලේ ආසියාවේ විශාලම වී ගබඩාව ඇත්තේ තමන්ට බවයි.
අපි මාසෙ 20 වෙනිදට තමා මාළු කෑල්ලක් කන්නෙ..පහලොස්වෙනිද වෙද්දි අපි රෑට රොටී ලුණු මිරිසුයි කාල ජීවත් වුනේ..ඒ විදිහට අපි ගොඩක් දුක් වින්ද..(අපහාසයට නොවේ)
Gepostet von Gampaha Sinhayo am Mittwoch, 30. Januar 2019
e dukata umbala ada ape malu kanawa