පොඩි වාහන ගෙන්වීම සීමා කරන්න… බස්වලට පාරවල් ඉඩ මදි වෙනවා.. – ගැමුණු

November 2, 2016 at 6:48 pm | lanka C news
පොඩි වාහන ගෙන්වීම සීමා කරන්න… බස්වලට පාරවල් ඉඩ මදි වෙනවා.. – ගැමුණු

ජනාකීරණ නගරාශ‍්‍රිත ප‍්‍රදේශවල පාර අයිනේ විශාල වශයෙන් වාහන නවතා තැබීමෙන් හා කුඩා වාහන විශාල වශයෙන් මාර්ගවලට එක්වීමෙන් නගරාශ‍්‍රිතව බස් රථ ගමන් ගන්නා වේගය පැයට කිලෝමීටර් 08 දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ගිය වසරේදී මෙම වේගය පැවතුනේ පැයට කිලෝමීටර් 12-13 අතර බවත්, අද වන විට එය පැයට කිලෝමීටර් 7-8 දක්වා පහත වැටී තිබෙන බවත් ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 06 දක්වා අඩුවන බවත්ය.

සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කර කුඩා වාහන ගෙන්වීම හැකිතාක් සීමා නොකළහොත් 2018 වසරේදී නගරවල සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 05 දක්වා අඩුවනු ඇති බවයි.

69 views
Main News