පොඩි වාහන සුනාමියක් වුණා.. බදු වැඩි කලේ ඒකයි.. මහින්දගේ කාලෙ බද්ද මීටත් වැඩියි..
August 3, 2018 at 12:01 am | lanka C news
එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම බොහෝ සෙයින් වැඩිවීම හේතුවෙන් විදේශ විනිමය පිට රටට ගලාගෙන යෑමට වැළැක්වීම සඳහා එම ධාරිතාවයට අයත් වාහනවල බදු වැඩි කිරීමට කටයුතු කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
.“අපි 2018 අයවැයෙන් එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ තුළින් මේ රටේ වාහන ලබාගන්නා ජනතාවට විශාල සහනයක් වුණා වගේම. ඒතෙක් තිබුණ ක්‍රමය නැවැත්වීම මගින් රජයට අහිමි වූ ආදායමත් විශාල වශයෙන් ඉහළ ගියා. මේ ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට යන ගමන්ම අපිට පෙනුණා පොඩි වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පසුගිය කාලයේ පත්වෙමින් තිබුණා.
ජනවාරි සිට මැයි මාසයට පමණක් එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන හැම මාසයකම වගේ 4500ක් පමණත් මේ කාණ්ඩයේ වෑන් මසකට 1000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවා. මෙය අපේ විදේශ විනිමය අනුපාතයට විශාල පීඩනයක් ඇතිවුණා.
මෙය ඩොලරය අවපාත වීමටත් හේතුවක්. පසුගිය වසරේ පළමු මාස පහට වාහන සඳහා භාවිත වුණ විදේශ විනිම ඇමෙරිකානු ඩොලර් මිලියන 316 එමේ වසරේ ඒම කාලයට එය දෙගුණයක් වෙලා ඩොලර් මිලියන 666ක් බවට පත්වෙලා තියෙනවා. මහ බැංකුවේ ඉල්ලීම මත මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගත්තා.
මේ බද්දත් අපි 2014ට වඩා ගෙවූ බද්දට වඩා අඩුයි. පසුගිය රජයේදී 1000CC වාහනයකට 150%ක බද්දක් රාජපක්ෂ රජය අයකළා.”
– ada
ඒක ඇත්ත නේ…..!
දැන් ලංකාවෙ හැම කොල්ලටයි, බල්ලටයිම කාර් කීයක් තියෙනවද?
උන් සේරම හෙට ඉඳල පැජරෝ, මොන්ටෙරෝ, ලැම්බෝගිනි ගෙන්නන්න පටන් ගනියි….!!
පාරවල් ඉඩ මදි නිසා… පාරවල් වහන්න තමයි වෙන්නෙ…!!!
අනේ මොංගල ඇමති තුමෝ, ඔය මොලේ කොහෙද මෙච්චර කල් තිබුණෙ??
උෑ මංගලයො උඹට මතකද අර අඩුවට කාර් ගන්න යූඒන්පියට චන්දෙ දෙන්න කියල කිව්ව බයිසිකලේ තෙමීගන ආව අක්ක. දැන් ඉතින් කාර් මිල වැඩි කල හින්ද කා ගන්න බැහැ. මෙංගල් ගෙ කොල්ලො පදින්නත් බැහැ. ඒ හින්ද ජනතාවට තියෙන්නෙ අක්ක හොයාගන ගිහින් අක්ක පදින්නය්.
රාජපක්ෂ කාලයේ පොඩි වාහනවල බදු වැඩි කළා තමයි. නමුත් ඒ දේම කරන්න අලුත් එවුන් අවශ්‍ය නැහැ.
O/L fail wela andum Nirmana shilpee upadiyak Aran mudal amathi unama ohoma wenawa
මංගලයට හොඳටම මොංගල්. බලය අල්ල ගන්න කාලෙ තෙමිච්ච අක්ක බයිසිකලේ යන හැටි බයිස්කෝප් දමල ෆෝමිි කොරල හැමෝටම නොතෙමි යන්න කාර් කාර් දෙනව කිව්වා. දැන් අපිට මුන් කොකා පෙන්නවා. මහින්ද කාලෙ වාහන ගනන් කියල බොරැ කියනවා. වරනේ චන්දෙ තොපිට පෙ න්වන්න
යමපාලන මැතිසබයේ ඇමතිවරුන්ගේ ගණන දැන් සුනාමියක් වෙලා මේ බදු අයකරන්නේ මුන්ට වැටුප් ගෙවන්න
රටක් දියුණු වෙද්දි කරන්න ඕන විධිමත් ප්‍රවාහන පද්ධතියක් ඇති කරලා අධවේගී මාර්ග ගුවන් මාර්ග පද්ධති හදල මිනිස්සුන්ගෙ ප්‍රවාහන අවශ්‍යතාවන් පිරිපූර්ණ කිරීමයි…බදු ගහලා වාහන ගන්න එක නවත්තන්න රජයක් මොකටද ? මිනිස්සු ආන්ඩුවක් පත් කර ගන්නෙ තනා තනිව තමන්ට කර ගන්න බැරි පොදු වුවමනාවන් ඉටුකර ගන්න…ආන්ඩුවක පත් වෙන එවුන් දැන ගන්න ඕන රටේ තනි තනි මිනිහට කරන්න බැරි පොදු කටයුතු තමන් එකතු වෙලා හැදුනු යුනිටි එකෙන් එහෙම නැත්නම් ආන්ඩුවෙන් මැදිහත් වෙලා ඉටු කරලා දෙන්න…එහෙම බැරි නම් කරන්න බෑ කියලා දමලා ගහලා ගෙදර යන්න ඕන…දැන් කොහොමත් මිනිස්සු හුරැ වෙලා ඉන්නෙ තමන්ගෙ වැඩ තමන්ම කර ගන්න …දැන් බලන්න ගං වතුරක් හරි වෙනත ව්‍යසනයක් හරි වුනාම ඒ වෙලාවෙ ඉක්මනින් ඉදිරිපත් වෙන්නෙ ආන්ඩුව නෙවෙයි…ඒකරාශි වුන මිනිස්සු සහ සංවිධාන….ආන්ඩු වැඩක් නෑ ඇත්තටම දැන් නම්…අමාරැවෙන් තමන් උපය ගන්න තුට්ටු දෙකට බදු ගහලා හූර ගන්න ද ආන්ඩුවක් ඉන්නෙ…ඒකඇත්තටම මංකොල්ල කෑමක්…බුද්ධිමත් ඔබේ අවධානයට සහ සංවාදය පිණිසයි …