පොතක් දොරට වඩින උත්සවයට කෝටි බාගයක් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් වියදම්..

February 21, 2017 at 6:48 pm | lanka C news
පොතක් දොරට වඩින උත්සවයට කෝටි බාගයක් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් වියදම්..

මෑතකදී භික්ෂූන් වහන්සේ නමක් විසින් රචිත ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උලෙලක් වෙනුවෙන්ලක්ෂ 50 ක මුදලක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් වියදමක් කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යංශය විසින් මෙම මුදල ගෙවා ඇත්තේ උත්සවයේ නාට්‍ය අංග අමුත්තන් පිළිගැනීමට සුරූපිනියන් යෙදවීම ආදී කටයුතු සදහායි.

කෙසේ වෙතත් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ තමන් මේ ගැන කිසිත් නොදැන සිටි බවත් දැනගත් වහාම මෙම ගෙවීම වහාම අත්හිටුවන ලෙසට නියම කර ඇති බවයිි.

156 views
Main News