පොත්පත් වෙනුවට පරිගණකයට යොමු විය යුතුයි..

December 22, 2021 at 8:40 am | lanka C news
පොත්පත් වෙනුවට පරිගණකයට යොමු විය යුතුයි..

‘‘අද මේ ලෝකය හුඟක් වෙනස් වෙමින් තිබෙනවා. ඉතාමත් වේගයෙන් තාක්ෂණයට අනුගත වෙමින් තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ තාක්ෂණික අධ්‍යාපනය ලබාගැනීම සෑම දරුවෙකුටම වැදගත් කාරණයක් වෙනවා’’ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජාපවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, පසුගියදා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කර තිබූ රාගම බැසිලිකා විද්‍යාලයට පරිගණක උපාංග ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් දිවයින පුරා සිදු කරනු ලබන ජනාවාස සංවර්ධන වැඩපිළිවෙලේ ‘සෞභාග්‍යා නැණබල’ වැඩසටහන යටතේ තෝරාගනු ලබන පාසල්වල සම්පත් මධ්‍යස්ථාන සඳහා පරිගණක උපකරණ කට්ටල ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇත. ඒ යටතේ රාගම බැසිලිකා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය වෙතද පරිගණක උපාංග සහ අදාල උපකරණ ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විදුහල්පති බර්නාඞ් නෙවිල් පෙරේරා පියතුමන් සහ එම අධිකාරියේ සභාපති සම්පත් සුභසිංහාරච්චි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි සතුටු වෙනවා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් දිවයිනේ විවිධ පාසල්වලට කරන ප‍්‍රජා සත්කාරක වැඩපිළිවෙලේ තවත් පියවරක් වශයෙන් අද ඔබේ විද්‍යාලයට පරිගණක කට්ටල සහ අදාල උපකරණ ලබා දෙන්නට අවස්ථාව ලැබීම ගැන. අපි විශ්වාස කරනවා මේ දරුවෝ ඒවයින් උපරිම ප‍්‍රයෝජන ගනිවි කියලා. අද මේ ලෝකය හුඟක් වෙනස් වෙමින් තිබෙනවා. ඉතාමත් වේගයෙන් තාක්ෂණයට අනුගත වෙමින් තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ තාක්ෂණික අධ්‍යාපනය ලබාගැනීම සෑම දරුවෙකුටම වැදගත් කාරණයක් වෙනවා.

ලෝක ඉතිහාසයේ කාර්මික විප්ලව තුනක් උනා. පළවෙනි එක මේ යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම සඳහා වූ කාර්මික විප්ලවය. ඊ ළඟට ඒ යන්ත්‍රෝපකරණ වඩාත් කාර්යක්ෂමව ජනතාවගේ භාවිතය සඳහා පාවිච්චි කරන්නට ගත් යුගය. ඊ ළඟට පරිගණක ලෝකයට හඳුන්වා දීලා, පරිගණක සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ලෝකයේ භාවිතාවන්නට පටන් ගත් යුගය. මේවා තමයි ලෝකයේ තාක්ෂණය දියුණුව පිළිබඳව කතාකරන යුග තුන. මේ සියල්ල අපට අහිමි වුණේ ඒ කාලයේ අපි විදේශීයන්ගේ යටත් විජිතයක් වශයෙන් තිබූ නිසා.

හැබැයි දැන් අපට අවස්ථාව තිබෙනවා, අපි මේ කියන හතරවෙනි කාර්මික විප්ලවය සමග බද්ධ වන්නට. හතරවෙනි කාර්මික විප්ලවය කියලා කියන්නේ මේ පරිගණක සහ අලූතින් හඳුන්වා දුන් තාක්ෂණය විශේෂයෙන්ම විසිවන සියවසේ ලෝකයට සැබවින්ම ජනතාවගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා යුගය. මේ තාක්ෂණය ජනතාවගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම බද්ධ වන යුගය. සෑම දෙයක් සඳහාම තීන්දු තීරණ ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කරන්නා වූ යුගය තමයි හතරවෙනි කාර්මික විප්ලවය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි පාරේ වාහනයක් එලවගෙන යනකොට අපි පාවිච්චි කරනවා මේ වාහනය කියන යන්ත‍්‍රය. නමුත් හතරවෙනි කාර්මික විප්ලවයෙන් අපට පුළුවන් අපි මේ පදවාගෙන යන වාහනය අපේ පරිසරයේ තිබෙන අනෙකුත් සියළුම වාහනත් සමග සම්බන්ධ කරලා, සැටලයිට් තාක්ෂණයට සම්බන්ධ කරලා ඉදිරියෙන් තිබෙන වාහන මොන විදිහටද ගමන් කරන්නේ, මොනවිදිහේ මාර්ග තදබදයක් ද තිබෙන්නේ ආදී වශයෙන් මේ සියළු දේවල් සම්බන්ධයෙන් රියදුරාට උපදෙස් දෙන්න පුළුවන් තත්ත්වයක් අද උදාවෙලා තිබෙනවා. ඒක තමයි මම කිව්වේ පරිගණක තාක්ෂණය වඩා හොඳින් ජීවිතයත් සමග බද්ධවන්නට පටන් ගෙන තිබෙනවා හතරවෙනි තාක්ෂණික විප්ලවයත් සමග. අපි පුංචි කාලේ අපි හුඟක් අවධානය යොමු කළේ පොත පතට. එදා පොත්පත්වලට, පත්තරවලට තිබූ අවධානය අද යොමුවන්නට ඕනේ ඔබ පරිගණක තාක්ෂණයට. පරිගණක ලෝකයට අපි පිවිසෙන්න ඕනේ. අද හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. ඉදිරියට මෙය තවදුරටත් දියුණු වෙනවා.

අපට අවශ්‍යයි අනාගත පරපුර තාක්ෂණයෙන් සන්නද්ධ දැනුවත් පිරිසක් කරන්නට. මොකද අපට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කාර්මික විප්ලවයන්ගෙන් අහිමි වූ අවස්ථාව අපට හතරවෙනි කාර්මික විප්ලවයෙන් අත්පත් කර ගන්න පුළුවන් කියන දැඩි විශ්වාසය අප සතුව, අපේ රජය සතුව තිබෙනවා’’ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

8,756 views

19 Comments to “පොත්පත් වෙනුවට පරිගණකයට යොමු විය යුතුයි..”

  1. Love nature says:

    දරුවන්ගේ ඇස් රැක ගනිමු…

    ටැබ් පරිගනක මගින් ලමයින්ගේ ඇස් රැකගමු.

  2. ගොන් බන්දු says:

    පරිගණක දෙන්නයි කතාව.
    ඊට කලින් වගාවට අවශ්‍ය පොහොර දීලා ඉන්න, ගෑස් පුපුරන එකට විසදුමක් දෙන්න, දුප්පත් මිනිස්සුන්ට නොමැරී ඉන්න සහනයක් දෙන්න,

  3. ගොන් බන්දු says:

    පරිගණක දෙන්නයි කතාව.
    ඊට කලින් වගාවට අවශ්‍ය පොහොර දීලා ඉන්න, ගෑස් පුපුරන එකට විසදුමක් දෙන්න, දුප්පත් මිනිස්සුන්ට නොමැරී ඉන්න සහනයක් දෙන්න

  4. Janaka from Matara says:

    What…?
    Is this the same Godahewa who is said to have a PhD?
    Either this man is a fake or his PhD is a fake.

  5. 0.00069 BIYYO says:

    අද රටේ ප්‍රධාන ප්‍රශ්ණය කොම්පියුටර් නෙවෙය්. තුන් වේල කන්න හාල් පොල් එලවලු ටිකක් මිලට ගන්න එකය්. තව මාස කිහිපයකින් එක වේලක් කන්නත් බැරි වේවි.
    ගමට ගිහින් බලන්න. මෙවර වී අස්වැන්න 50% වඩා බහිනවා. දැන් ඇටත් නැහැ පෝරත් නැහැ වවාගත්ත පැලේ ඵලදාවත් වකුටු වෙලා. අද එලවලුවක අඩුම මිල 400/- ය්. බ්‍රොකොලි 3000/-ය් කිව්වම ටුවරිස්ට්ලා උඩ යනවා. කාබනික බදාගත් ආණ්ඩුව නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. 😢සාගතය මග එනවා. 😢😢 වැරදුන බව කියා nandasena ජනාධිපති සමාව ගත යුතුය්. බොරැ වපුරා නැනෝ වැඩෙන් හොරා කෑ ඇමටි කුට්ටම සහ පොහොර ලේඛමාලා පන්නා දැමිය යුතුය්.

  6. On The Spot says:

    ඔක්කොටම කලින් ජනතාවට කන්න දීපල්ලා.උන්ට ජීවත්වන්න පහසුකම් සපයාපල්ලා.ඉන් පසු බණ කියපල්ලා.

Main News