පොදු අපේක්ෂකයා ලෙස ගිවිසගත් කොන්දේසි අනුව වහා විධායකය අහෝසි කර බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතුය..
February 28, 2017 at 4:40 pm | lanka C news
‘2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මාදුළුවාවේ සෝබිත නායක හිමි ඇතුළු සිවිල් සංවිධාන අවබෝධතා ගිවිසුමක් අත්සන් කලා. ගිවිසුමේ සඳහන් පලමු කොන්දේසිය ලෙස සඳහන් කොට ඇත්තේල දැනට පවතින විධායක ජනාධිපති ධූරය මාස 6 ක් තුල සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාව වග කියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීමය’
ඒ සඳහා අප ඇතුළු සියලු දෙනා ජනතාව ඉදිරියට ගොස් එම වැදගත් කොන්දේසිය සමාජ ගත කොට ජනතාවගේ වරමක් ගත්තේ මේ කොන්දේසිය නිසා බව අවංකව විශ්වාස කරන බව සාධාරණ සාමජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පැවසුවේ ජනවාරි 8 වෙනිදා ජයග්රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රිලනිප ට නායකත්වය දෙන්නේත් එහි කණ්ඩායමක් ආණ්ඩුවට එකතු කර ගන්නෙත් ඔහු විසින් ජනතාව පොරොන්දු දුන් දැනට පවතින විධායක ජනාධිපති ධූරය මාස 6 ක් තුල සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාව වග කියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීමට බවය.