පොදු අපේක්‍ෂකයා වෙන්න මෛත‍්‍රීපාල කල දෙයක් නෑ.. ඔක්කොම කලේ මමයි පුතයි..- රාජිත

December 10, 2018 at 3:00 pm | lanka C news
පොදු අපේක්‍ෂකයා වෙන්න මෛත‍්‍රීපාල කල දෙයක් නෑ.. ඔක්කොම කලේ මමයි පුතයි..- රාජිත

මෛත්‍රිපාල සිරිසේනව පොදු අපේක්ෂකයා කරන්න සාකච්ඡා කළේ තමා බවත් ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන කළ කෙහෙල්මලක් නැති බවත් රාජිත සේනාරත්න මහතා මතුගමදී කීවේය.

මතුගම ශ්‍රවණාගාරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසන බලමණ්ඩලය අමතා රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

පොදු අපේක්ෂකයා ඉදිරිපත් කරන වෙලාවේ වෙන්නෙ මොකක්ද කියලාවත් මෛත්‍රිපාල සිරිසේන දැනගෙන හිටියෙවත් නැහැ. මුලින්ම මගේ පුතා සෝභිත හිමියන්ට මේ ගැන කිව්වාම සෝභිත හිමියෝ රනිල්ව පන්සලට කැඳවල පක්ෂයේ අඬදබර නතර කරගන්න කියලා කිව්වා.

එක්සත් ජාතික පක්ෂයේ එක නමක් මම රනිල් වික්‍රමසිංහට පොදු අපේක්ෂකයා ලෙස නම් කළා. රනිල් ඒකට කැමැති වුණේ නැහැ. රාජිත ඔයා එන්න කියලා රනිල් යෝජනා කළා. මම ඊට පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ කෙනෙක්ව ගේන්නම් කියලා මෛත්‍රිපාලව ගෙනාවා. අපි අන්න එහෙමයි මෛත්‍රිපාල වෙනුවෙන් පරිත්‍යාග කළේ. එහෙම පරිත්‍යාග කරලා සමත් කළ ඒ මනුස්සයා මගේ කැබිනට් ඇමැතිකමටත් වැඩේ දුන්නා. කෙළෙහිගුණ සැලකුවෙ එන්න එහෙම තමයි.

එදා මහින්ද රාජපක්ෂ ජයගත්තා නම් මෛත්‍රිපාල සිරිසේනට ඇමැතිකමක්වත් දෙන්නෙ නැහැ කියලා හොඳටම දන්නවා. දුන්නත් දෙන්නෙ සමුපකාර නැත්තන් සංස්කෘතික ඇමැතිකම වගේ එකක්.

එදා පොදු අපේක්ෂකකමට මම මෛත්‍රිපාල සිරිසේනට කතා කළාම බෑ කියලා කිව්වා. මම කිව්වා බෑ කියන්න, නෑ කියන්න බෑ මේක සටනක් කියලා. ජීවිතය පරදුවට තියලා කරන සටනක්. කවුරුවත් හිතුවෙ නෑ දිනන්න පුළුවන් කියලා. නමුත් අපි පරදින් නැතිවෙන්න සටන් මෙහෙයවුවා. එහෙම කරලායි මෙයාව ජනාධිපති පුටුවට ගෙනාවේ. නමුත් එයා මටවත් නොකියා අපිව මරන්න, අපිව කන්න බලාගෙන හිටිය මහින්ද රාජපක්ෂට මහ රෑ අගමැතිකම දීලා මේ අසමජ්ජාති වැඩේ කළා. මේ ළඟදිත් බෑනාව මගේ ගෙදරට එවලා එන්න කිව්වා.

ඒක මම අපේ අගමැතිතුමාටත් කිව්වා. අගමැතිතුමා කිව්වා ගිහිල්ලා කතා කරලා මේක සමාකාමීව බේරාගන්න බලන්න කියලා. මට අගමැතිකම භාර ගන්න කියලා. මම කිව්වා බෑ කියලා. අපේ සටන තියෙන්නෙ මේ කරපු වැරැදි වැඩේ නිවැරැදි කරන එකයි කියලයි. රනිල් වික්‍රමසිංහ ‍ෙදාට්ට දැම්මා නම් නැවත රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙ වාඩිකරන තුරු මේ සටන නතර කරන්නෙ නැහැ.

මේක ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටනක්. ව්‍යවස්ථාව ආරක්ෂා කරන සටනක්. මේකට අතුරු ව්‍යවස්ථා හැදුවොත් තව අවුරුදු ගාණක් ගියාම තව ජනාධිපති කෙනකුටත් මේකම කරලා 2018 ජනාධිපති කළ දේට එකඟ වුණා කියලා කියන්න පුළුවන්. ඒ නිසා කිසිම ජනාධිපති කෙනකුට මේ පාදඩ වැඩේ කරන්න ඉඩ තියන්නෙ නැහැ.

අපි හොඳට විපක්ෂයේ ඉඳලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ ඉඳලා තියෙනවා. ඇමැතිකම් කරලා තියෙනවා. ඇමැතිකම දාලා ඇවිල්ලා තියෙනවා. අපිට ඒවා වැඩක් නෑ. මේ සටන රටේ ජනතාව, නීතිය, ව්‍යස්ථාව, හෘද සාක්ෂිය පිළිබඳ පූජනීය සටනක්. වැඩේ අප්සට් වුණේ මන්ත්‍රිලාව ගන්න සල්ලි මදිවුණු නිසා ජනාධිපති කියලා තියෙනවා. අල්ලස් දීමත්, ගැනීමත්, අල්ලස් දීමට උත්සාහයක් කිරීමත් වරදක්. රටේ ජනාධිපති පගා දෙන හැටි කියනවා. අපි අල්ලස් කොමිසමට යනවා. අපි ළඟ වීඩියෝ එක තියෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හිරේ යන කේස් දෙකක් කරලා තියෙනවා. එකක් අල්ලස් දීමයි. අනෙක ව්‍යවස්ථාව කැඩුවොත් දණ්ඩ නීති සංග්‍රහය අනුව අවුරුදු 20ක් බරපතළ වැඩ සහිතව හිරේ යනවා. අපි දැනටමත් නීතිමය ජයග්‍රහණ කරලා තියෙනවා. ඒ නිසා මෙයා අනිවාර්යයෙන්ම හිරේ යනවා. ඒක නතර කරන්න බැහැ. මහින්ද රාජපක්ෂගේ හොර කැබිනට් එක වැරැදියි කියලා කිව්වොත් ව්‍යවස්ථාව කඩලා තව අවුරුදු 20ක් අච්චු කරන්න පුළුවන්. ඒ නිසා අපේ සටන අදියරෙන් අදියර දිනනවා. අපි අතගහපු කිසිම සටනක් මෑත කාලෙදි පැරදිලා නැහැ. ඒ නිසා මේකත් ජයගන්නවා.

ලබන 13 වැනිදා අවසාන ජන සටන ගාලුමෝදර පිටියට ඇවිල්ලා ජනතා බලය පෙන්වනවා. අපිට මේවා හොඳට පුරුදුයි. මේවා ඉගන ගන්න කරන දේවල් නෙවෙයි. මීට වඩා ලොකු නායකයන්ට විරුද්ධව පාරට බැහැපු අපට මේ නායකයා පරාද කිරීම ලොකු දෙයක් නෙවෙයි.

මතුගම – වසන්ත කුමාර
– mawbima

161 views

27 Comments to “පොදු අපේක්‍ෂකයා වෙන්න මෛත‍්‍රීපාල කල දෙයක් නෑ.. ඔක්කොම කලේ මමයි පුතයි..- රාජිත”

  1. david milibanda says:

    So what harm.
    You buggers used MY3 to grab power by lying to the masses.
    Now, MY3 is in trouble unable to fulfill the promises and going behind MR to honour.

  2. අප්පයි පුතයි දෙන්නම අම්මටද සර් කොලේ? says:

    අප්පයි පුතයි දෙන්නම අම්මටද සර් කොලේ? බෙහෙත් හොරා.

  3. Dayani says:

    What ever you and your son has done, it’s crystal clear to many people, a 20 times rejected UNP had no eligible person to be the Presidential candidate.!!! Instead, Hon. Sirisena the General Secretary of SLFP was uprooted, and used him to win the election thru which UNP gained power.!!!
    I think President Srisena is no fool and has realized very well what is going to happen to the country, and had to take certain action for the sake of the country.!!!

  4. Seeya Baba says:

    If so you will be the President your son will be the Prime Minster

Main News