පොදු දේපල වැනසූ කැළණි තගාලා 25ක ශිෂ්‍යභාවය අහෝසි කෙරේ.. කැළණි සරසවිය දින නියමයක් නැකිව වසා දැමේ..

February 28, 2020 at 12:40 pm | lanka C news
පොදු දේපල වැනසූ කැළණි තගාලා 25ක ශිෂ්‍යභාවය අහෝසි කෙරේ.. කැළණි සරසවිය දින නියමයක් නැකිව වසා දැමේ..

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ සීසීටීවී කැමරා ගලවන විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ යැයි හඳුනා ගත් සිසුන් 25 දෙනෙකුට වසර දෙකක් සඳහා ශිෂ්‍ය භාවය අහෝසි කර තිබේ.

ඒ අනුව පාලනාධිකාරිය විසින් එකී සිසුනට අදාල කාලය තුළදී විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත.

එමෙන්ම සීසීටීවී කැමරා පද්ධතිය නැවතත් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත.

මේ අතර කැලණි විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට ද තීරණය කර ඇත.

දැනට සරසවි භූමියේ සිටින සියලු සිසුන් හෙට පෙරවරු 8.00 ට පෙර එයින් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

161 views

16 Comments to “පොදු දේපල වැනසූ කැළණි තගාලා 25ක ශිෂ්‍යභාවය අහෝසි කෙරේ.. කැළණි සරසවිය දින නියමයක් නැකිව වසා දැමේ..”

  1. Osmand says:

    මේ පසුපස ඉන්නේ පාහර ජේවීපී ශිෂ්‍ය සංගමයයි. පවතින සෑම ආණ්ඩුවක්ම මේ ශිෂ්‍යයන් යොදා අපහසුතාවයට ලක්කිරීමයි. ජේවීපීය එදා අපේ අධ්‍යාපනයත තාරුණ්‍යත් දෙකම මෙලෙස විනාශ කලා. ඒ තරුණ හැගීම් නිසා. දැන් ඒවා අපට හොදින් වැටහෙයි. ජේවීපීය යහමින් මුදල් ඉපයීම හැර අන් ප්‍රගතියක් මෙතෙක් ලබා නැහැ.

  2. sathya says:

    බොහොම හොඳ තීරණයක්

Main News