පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම යාපනයට..
November 22, 2016 at 2:05 am | lanka C news
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය මලයාසියාවේදී පවත්වන ලදී.එහිදී 58KG ඛාණ්ඩය යටතේ පැවති තරගයෙන් තෙවෙනි ස්ථානය දිනාගෙන ලෝකඩ පදක්කම හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යාපනයේ චුන්ඩුකුලී බාලිකා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන V.අර්ශිකා සිසුවියයි.
යාපනය Y.M.C.A උත්සව ශාලාවේදී අභි නන්දනීය උළෙලක් යාපනය දිස්ත්‍රික් බර උසුලන්නන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබිණි.මෙහිදී ඇයගේ මෙන්ම තවත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා ඇගයීමක් සිදු කෙරුනු ලැබූ අතර ඔවුනට සමරු ඵලක ද පිරිනැමීමක් සිදු වින.
තවද මෙහි විශේෂත්වය වනුයේ ඇයගේ පුහුණුකරු වී ඇත්තේ ඇයගේ පියා වන විජයශංකර් ආශියා මහතාය.එහිදී මොවුන් දෙදෙනාටද විශේෂ ගෞරව සම්මාන පිදීමක්ද සිදු කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා සහභාගී වූ අතර උතුරු පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය T.කුරුකුලරාසා මහතා අතින් ඔවුන් දෙදෙනාට විශේෂ සමරු තිළිණයක්ද ලබාදුණි.
මෙම උත්සව අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත්‍රී E.ආනොල්ඩ්,උතුරු පලාත් ආණ්ඩුකාරවර ලේකම් L.ඉලංගෝවන්, ආණ්ඩුකාර පුද්ගලික ලේකම් J.M සෝමසිරි, යාපනය දිස්ත්‍රික් ක්‍රීඩා අධ්‍යක්ෂක විජිතරන් යන මහත්ම මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
– වජිර කොඩිතුවක්කු