පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

June 22, 2021 at 6:28 am | lanka C news
පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ.

වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා දේශීය සහ නිපදවන්නන්ගේ ටෙන්ඩර කැදවන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ආරක්ෂිත තොගයක් ලෙස තබා ගැනීමට මෙම සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙයි.

මීට ප්‍රතිචාර දක්වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසන්නේ මෙසේ ආනයනය කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සහල්දැයි රජය පැවසිය යුතු බවයි.

වස විස නැති ආහාර ජනතාවට සැපයීමට වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනමට හේතුව ලෙස පවසන නිසා ආනයනය කළ යුත්තේ ද වස විස නැති කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරන සහල් යයිද ඒ මහතා පැවැසීය.

50,464 views

34 Comments to “පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..”

  1. Public says:

    Well Said.

  2. Gunaya says:

    කාබනික ගොවිතැන යනු කාබනික ආහාර නොවේ, ස්වාභාවික පරිසරයට ටොන් දස දස ගනන් රසායනික දර්වි‍ය එකතුවීමෙන් පරිසරයේ අසමතුලතතාවයක් ඇතිවේ. ජලය වෙනත් සම්ප්‍රදාය්ක ස්වාභාවික ආහාර මෙන්ම ඇතැම් විට වාතය පවා අපවිත්‍ර වේ. මෙහි ප්‍රතිපල අප අත්විද ඇත. වකුගඩු ලෙඩෙන් මූලික ලෙස මිය යන්නේ ගොවි පරිසරයේ ජීවත් වන්නන්යන් මිස කොලබ මිනිසුන් නොවේ. මේ දෙකේ වෙනස තේරුම් ගැනීමට කල්පනා ශක්තියක් තිබිය යුතුය

  3. saman says:

    ME GON HARK TA WILI LAJJA NATHIDA ? ME GENWANA HAL ORGANIKDHA????MEWA ORGANIC NOWE NAM KAWATA KAMAK NATHIDHA(WISHA NATHI GUNADAYAKADHA????)
    ORGIN AGRI HODHA NAMUTH NIYAMITHA DHARSHANAYAK SAHA E SADAHA ANUGAMANAYA KALA YUTHU SALASMAK THIBIYA YUTHU MUTH ME GON RALATA EWANI KIWISAK NOMATHI BAWA PAHADILIYI!!

  4. සනත් ඉතාලිය says:

    ක්‍රෝටන් කොල ,කොස්කොල කාල අවශ්‍යනම් තේ දලුත් මැල්ලුමට කාල කන්කුන්, පොල්, පවා ආනයනය කරපු කාලෙකුත් තිබ්බ. එතකොට මූ උමාඔයේ හිලට බදාම දදා හිටියනිසා ඒව දැකල නැහැ .කැලෑනීතියෙන් කුබුරෙ වැඩටගිය ගොවියොත් මරපු කාලකන්නි බල්ලො.

  5. අමුඩ කොටා says:

    ලංකාවට පෝර ගේන්න යන වියදම අවුරුද්දක් සදහා සාමාන්‍යයෙන් බිලියන 35 යි.
    ඒ පෝර ටික තමයි වී පොල් එලවඵ තේ කුරුඳු ගම්මිරිස් ඇතුලු හැම වගාවකටම පාවිච්චි කරන්නේ.
    දැන් මේ ගේන්න යන හාල් කිලෝ එකක ආනයන වියදම රුපියල් 100 ක් කියල සැලකුවොත් එතනම කිලෝ ලක්ෂ 1000 ට බිලියන 10 ක් වෙනව. ඒ බිලියන 10 වියදම හාල්වලට විතරයි. ඒ අතරෙ පෝර නැතුව අනෙක් වගාවල් වලපල්ලට යනව. සම්පූර්ණ පොහොර වියදමෙන් තුනෙන් එකක් වියදම් කරනව හාල් ටිකක් වෙනුවෙන් .

  6. SL says:

    හය්යෝ. මේවගේ වසිසෙක්.පකෝ තවම අපි කන්නෙ පහුගිය කන්න වල හාල්.
    මේවගේ පසුගාමි ගෙම්බන්ට 3% වඩා ලැබෙයි ද

Main News