පොරවෙන් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි..

September 4, 2018 at 2:14 am | lanka C news
පොරවෙන් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි..

දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිඅත්ත කුඹුර ,කොළවෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරවෙන් ගසා ඝාතනය කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි .

මෙසේ ඝාතනය කර ඇත්තේ (43) හැවිරිදි  හල්ගහවෙල , බෙලිඅත්ත කුඹුර, කොළවෙනිගම  ලිපිනයේ  පදිංචි ජී.කේ. දයානන්ද නැමැති තිදරු පියෙකි.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනය සිදු කර ඇති (43) හැවිරිදි හල්ගහවෙල  ,බෙලිඅත්ත කුඹුර ,කොළවෙනිගම පදිංචි  සැකකරු  ඝාතනය සිදු කර පසුව ඔහුගේ බිරිඳ සමග ගොස් පොලිසියට භාර වී ඇතැයි දෙනියාය පොලිසියේ නිලධාරීයෙකු පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

– ප්‍රියංක ගමගේ

28 views
Main News