පොරොන්දු තුනක් මත මෛත‍්‍රී-මහින්ද එක් කරන්න ඇල්ලේ හිමි පෙරට.. ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව අතුරුදහන්..

December 5, 2017 at 9:20 am | lanka C news
පොරොන්දු තුනක් මත මෛත‍්‍රී-මහින්ද එක් කරන්න ඇල්ලේ හිමි පෙරට.. ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව අතුරුදහන්..

ලිඛිත පොරොන්දු මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගි කිරීමට තමන් වහන්සේ සූදානමින් සිටින බව කොළඹ 07 ධර්මායතානාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

මේ සදහා මෙරට ප්‍රධානම පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සදහන් කරති.

මෙම සමගිය ඇතිකිරීම සදහා මැදිහත් වීමට නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම, මහබැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන්ට නඩු පවරා දඬුවම් දීම, ජාතික සම්පත් විකිණීම නතර කිරීම යන ප‍්‍රධාන කාරනා තුනට දෙපාර්ශවය ලිඛිත පොරොන්දු ලබා දිය යුතු බවද උන් වහන්සේ සදහන් කරති.

මෙම කොන්දේසි සදහා ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආදී ඔ්නෑම පුද්ගලයෙකු හමු වී සාකච්චා කර එකග කරවා ගැනීමට තමන් වහන්සේ සූදානම් බවද උන් වහන්සේ කියා සිටිති.

තමන් වහන්සේට කිසිදම දේශපාලන පක්ෂයක් දිනවීමට උවමනා නැති බවත් සදහන් කරන ගුණවංශ හිමියෝ සියල්ලට පළමුවෙන් රට බේරාගත යුතු බවත් ඉදිරි වසර දෙකද මේ අකාරනේ ගියහොත් රටේ කිසිම සම්පතක් ඉතිරි නොවනු ඇතැයිද සදහන් කරති.

මීට කලකට පෙර මෛත්‍රී-මහින්ද හමුවක් සිදුවීමට තිබූ බවත් නමුත් එවන් එකඟතාවක් ඇති නොවීම නිසා දැන් වන විට රටට බොහෝ හානි සිදුව ඇති බවත් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

කෙසේ වෙතත් උන් වහන්සේ ඉදිරිපත් කරන යෝජනාවලියේ ශ‍්‍රිලනිපය පවතින ආන්ඩුවෙන් ඉවත් වීම හෝ අයවැයට විරුද්දව ඡුන්දය භිවාත කිරීම වැනි ඒකාබද්ද විපක්‍ෂය ඉදිරිපත් කරන ඉක්මනින් සිදු විය යුතු යෝජනා නැති වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

අදාල යෝජනාවලියේ ඇත්තේ පොරොන්දු කිහිපයක් පමණක් නිසා ඊට එකගවීමේ හැකියාව ඒකාබද්ද විඵක්‍ෂ පාර්ශවයෙන් ඉතා අවම බවත් කී ඔහු පවතින ආණ්ඩුවෙන් තීරණාත්මකව ඉවත් වන්නේ නම් සෙසු යෝජනා ගැන සලකා බැලිය හැකි බවද සදහන් කලේය.

145 views

38 Comments to “පොරොන්දු තුනක් මත මෛත‍්‍රී-මහින්ද එක් කරන්න ඇල්ලේ හිමි පෙරට.. ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව අතුරුදහන්..”

  1. Notthischange says:

    Ven., please stay out of this. You are only leading to a severe crisis where people in this country would never vote politicians ever after. That is the worst that we can imagine.

  2. manjula says:

    Api obawahanseta garukaranawa, oya kalakanni hitan ekka sanwada epa.

  3. vishnu says:

    ඔබ වහන්සේ මේ කරන්න හදන්නෙ සුලුවටු වරදක් නෙවෙයි.ආණ්ඩුවේ
    ඉන්න slfp කිසිම ඇමතියෙක් මේ ආණ්ඩුවට ඕන දෙයක් කරගන්න
    ඉඩදීලා හිටිය මිසක් රට වෙනුවෙන් කිසිම වැඩක් කලාද.ඔතන ඉන්න කිසිම
    ඇමතියෙකුට චන්ද පදනමක් තියෙනවද.ඔබ වහන්සේට කරන්න පුළුවන් නම්
    එකම සරල දෙයයි කරන්න තියෙන්නෙ.පුළුවන් නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ
    සභාපති කම මහින්දට අරගෙන දෙන්නඉතුරු ටික එතුමා බලා ගනීයි .අපි ඔබ වහන්සේට නමස්කාර
    පුර්වකව ගරු කරනව.ධාතු කරඬුව ඔලුවේ තියල පක්ෂයෙන් යන්නෑ
    කියපු වසලයවනම් විශ්වාස කරන්න එපා

  4. Mangala says:

    Yadeka noratha ratha.

  5. NAK says:

    Venerable sir please don’t try to be another Rathana.
    Who would trust Sirisena’s promises written or otherwise.

  6. Open mind says:

    නරක ද මේ සඟ රුවන් වලට ම මුළු රටම භාර දීලා ගිහියන් තමතමන්ගේ වැඩක් බලා ගන්න එක.

  7. අලුගුත්තේරුවා says:

    ඡන්දෙන් පස්සෙ එකතු වෙමු. නැත්නම් ශ්‍රිලනිපයට තියෙන්නෙ මේ ඡන්දයට ඉදිරිපත් නොවී පොහොට්ටුවට සහය දී තම නෝන්ඩිය වසාගෙන ඒකාබද්ධය සමග එකතු වීමයි. ඡන්ද ප්‍රතිඵල රනිල්ට ඉල්ලල අස්වීමට බල කරාවි.

  8. Aurora says:

    Elle hamuduruwane oba thumata thiyana garuthwayen kiyami. Appaya borukara drohiya. Uwa beraganna ena siyalu denama drohiyo.
    Please dont interfear this time. People will teach Appa Sira a good lesson. Our peoples power is more important to chase out this yahapana asses. And protect our national assets.

  9. Hemantha says:

    අවසරයි හාමුදුරුවනේ, ඔබවහන්සේට ලැබියුතු සියලුම ගවුරව සහිතව අමතමි. නගවිහරේ සොපිත හාමුදුරුවෝ රට අරාජික කරලා පන්සලත් අරාජික වුනාට පස්සේ. ඔබවහන්සේත් රට අරාජික කිරීමට දරන උත්සාහය ග<න මගේ බලවත් අප්‍රසාදය.

  10. Trumph says:

    අනිවාරයෙන්ම මෙය සිදුවිය යුතු දෙයක් පක්ෂ විපක්ෂ බලලෝභී නොවන දේශපාලකයන් අනිවාර්යයෙන්ම මෙම ්‍රියාවලියට සහයෝගය දිය යුතු ය දේශහිතෛශී සියලු ජනතාවට මෙහි ඇති වැදගත්කම කාලයකට පසුව හෝ තේරුම් යනු ඇත නමුත් දේශපාලන පක්ෂවල කටු සූප්පු කරන්න පමණක් විරුද්ධවනු ඇත. මිනිසා කව්රු මොනවා කීවත් මහින්ද අනිවාර්යයෙන්ම මෙයට කැමැත්ත දීම අනිවාර්යය.
    කවුරුත් මේ comment එකට කොච්චර බැනලා ලිව්වත් සිදුවන්නේ ඔවුන් දෙගොල්ල එකතු වීමය. එය අනිවාර්යය.

    • nuwan says:

      එහෙම වුණොත් අපේ පවුලේ ඡන්ද 6ක් කාටවත් වැටෙන්නේ නැති බව තේරැම් ගත්තොත් හොදයි

Main News