පොලව යට වලලා තිබු ‘එන්සි’ ටින් 80 අත්අඩංගුවට .

May 9, 2019 at 8:02 am | lanka C news
පොලව යට වලලා තිබු ‘එන්සි’ ටින් 80 අත්අඩංගුවට .

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 80  සමග සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට  ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් බගවන්තලාව බ්‍රෙඩ්වෙල්  වතුයායේ ඔහු පදිංචි නිවසේ ගෙවත්තක වලදමා තිබෙන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 80 ක අසුරා තිබුණි.

ග්රුම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බව මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ  නිලධාරින් පැවසුවේය.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍යය තොගය  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල  බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ

23 views

2 Comments to “පොලව යට වලලා තිබු ‘එන්සි’ ටින් 80 අත්අඩංගුවට .”

  1. Sun says:

    What is the punishment for such crimes. In manila that is very clear and no influence from human right fellows those who are working for wicked crooks. In that case still we not very independent to take decisions crooks are watching around looking for right. My dear we all trapped in the game. . Keep your mouth shut.

  2. john the baptice says:

    කොලබ ප්‍රේමදාස Stadiam අසල මුස්ලිම් ගෙවල් වහාම සෝදිසි ක‍රන්න

Main News