පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි.. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්..

October 1, 2020 at 5:30 pm | lanka C news
පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි.. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්..

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක දී අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

මෙම ගැසට් නිවේදනය 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කොට ඇති බව ද මෙම දුරකථන සංවාදයේ දී අනාවරණය විය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණු බව ය. මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදු කරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමඟ තරඟ කළ නොහැකි බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්‍රශ්නය කැබිනට් පත්‍රිකාවක් මගින් නිවැරදි කරන බව ය.

තම අමාත්‍යාංශය යටතේ පවතින ‘බිසීසී ලංකා’ රාජ්‍ය සමාගම මගින් දේශීය නිෂ්පාදකයන්ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම, පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම, පොල්, ගෙඩි වශයෙන් අපනයනය නතර කිරීම වැනි දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

32,844 views

12 Comments to “පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි.. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්..”

  1. Alapaluwa says:

    මිනිහාව ඇරස්ට් කරල නේද ඉන්නෙ විල්පත්තු කැපුවටයි පාස්කු ප්‍රහාරෙටයි.

    • 2015 මීහරකා says:

      කෝ මේ ගොංබාහු? කටත් අනිකත් වහගෙන රංජගෙ නැට්ටෙ එල්ලිලාද?

  2. kkuruwita says:

    සල්ලිවලට මිනිසුන්ගේ සෞඛ්‍ය බිල්ලට දුන්නු කාලකන්නි රිෂාඩ් ලා ගේ කාලේ ඉවරයි. උන් කල සියලු වැරදි නිවැරදි කරන ලෙස ජනතාව ඉල්ලා සිටි. රටට ජයවේවා ! ඔබලාට ජයවේවා !!

    • CAT says:

      බදියුදීන් මෙවැනි අපරාධ සිදු කර තියෙද්දීත් ඇයි ඔහු නිදැල්ලේ ? ඔහුට කොතරම් බලයක් තියනවද වංචා දුෂණ අපරාධ කරලා නිදැල්ලේ සිටීමට …
      අපේ වත්මන් රජය බදියුදින්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ?

  3. Love nature says:

    කට පොල් වගාව නිසා තේ, පොල් සහ රබර් වැනි බෝග වල තිරසාර වල තිරසාර පැවැත්මට තර්ජනයක් එල්ලවී ඇති අතර, කටුපොල් සදහා ඇති මෙම නැඹුරුව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් අනාගතයේදී රබර් ඉඩම් විශාල ප්‍රමාණයක් කටුපොල් වගාවට පරිවර්තන වීමට හැක. එවිට අපනයන මගින් ලාබ ලැබුණු කර්මාන්තයක් විනාශ වී යා හැක.

    මේ වන විට මැලේසියාව වැනි රටවල කටුපොල් වගාව විශාල නිශ්පාදන පිරිවැය, වගා භූමි තුල නැවත නැවත වගා කිරිමේදී ලැබෙන අස්වැන්න ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීම, පාම්තෙල් හේතුවෙන් හටගන්නා රෝග සහ සෞඛ්‍යයමය ගැටලු හේතුවෙන් එම රටවල් මේ වනවිට ආර්ථික හා සෞඛ්‍යයමය වශයෙන් විශාල පසුබෑමකට ලක්වෙමින් පවතී. එම ව්‍යසනය ශ්‍රී ලංකාවට ඇතිවීමට විශාල වශයෙන් හැකියාවක් ඇත.

    • Love nature says:

      කටුපොල් වගාව නිසා අපේ රටේ පොල් ගස් මෙන්ම වෙනත් ගස් වර්ගද විනාශයට පත්වේ ..කටුපොල් නිසා පොලවේ ජලය සිදියන අතර එම ප්‍රදේශ කාන්තාර බවට පත්වේ
      කරුණාකර කටුපොල් සියල්ල ගලවා විනාශකරන්න

    • sanidu sooriarachchi says:

      බාගෙට දාන්න දේවල් ගැන කතා නොකරනවා නම් හොදයි. කටු පොල් ගැන රැල්ලට කියවන අය රල්ලේම යනවා. යථාර්තය දකින්නේ නැහැ.

  4. mali says:

    where is this man who shouted for consumer protection etc.Now it is time for him to sue this Rishad for the doing harm to srilankan people by allowing to mix palm oil with coconut oil.This is the reason for cardiac diseases stroke and cancer in srilanka.People who died and debilitated should sue this minister for his decision.

  5. ත්‍රීවීල් says:

    බදුර්දීන් ජීවිතාන්තය දක්වා හිරේට ගියා නේද පාස්කු කේස් එකට?

  6. මේක සත්‍යක්... says:

    යාලුවනේ තරහ ගන්න එපා…. මේක සත්‍යක්….!!
    ඔබලා දන්නවද ඌරගෙ ඇඟේ හමේ තමයි වැඩිපුර තෙල් තියෙන්නේ… ඒවා එලඟිතෙල් වගේ හරි ඝනකමයි… එහි ඇති වැඩි
    රසය නිසාම කඩවල්වල වඩේ හදන අය ඒ තෙල දාල තමයි වඩේ බදින්නේ… ඒ එන බුජමේ පොල්තෙල් වලට ඌරුතෙල් කවලම් කරල තමයි තෙල හදන්නේ… හරියට අපේ ‘කසල’ තේ වගේ… ඒ තෙල ගන්න කඩකාරයෝ එය නොදනිති..!
    මුස්ලිම් අය මේබව දන්නේ නැත…!
    ඒගොල්ලොත් නොදැනුවම ඒ වඩේ කනවා…!

  7. Moulana says:

    අන්න රිශාඩයා තැන තැන කියනවා උගේ ඌරු මල්ලි නිර්දොශයිලූ, ඒ නිසාලු එයාව නිදහස් කලේ. රිසාඩ් ඌරට යහපාලන ආණ්ඩුව හොඳම අමාත්‍යාශයයි හොඳම ආයතන 45 කුත් දුන්නා. මුස්ලිම් දේසපාළුවෝ අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි. හකිමයා ප්‍රබාකරන්, සරාන් එක්ක ලැගලා ඉන්න පින්තූර තියනවා.

    • dee says:

      ප්‍රබල සිංහල පවුල් එක්ක ගත්තු ෆොටෝ ඔයා දැක්ක නැති එක පුදුමයි. විශ්ව විද්‍යාලත් හදන්න සිංහල බෞද්දයෝ උදව් දුන්නා කියලා මුලු ලංකාවම දන්නවා. ඔබ දත්ත අඩුවෙන් සදහන් කර තිබුනේ.

Main News