පොල්පටවාගෙන මගීන් ගෙන යන්න ඔ්නෑ.. කොරෝනා නීති අනුව බෑ..- පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් වේ..

April 27, 2020 at 6:48 pm | lanka C news
පොල්පටවාගෙන මගීන් ගෙන යන්න ඔ්නෑ.. කොරෝනා නීති අනුව බෑ..- පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් වේ..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පෞද්ගලික බස් රථ වල මගින් ප්‍රවාහනය කිරිමට ලබා දි ඇති නිර්නායක හමුවේ හැටන් පෞද්ගලික  බස් රථ හිමියන්ගේ සංගමය (28) දින සිට බස් රථ ධාවන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේදි බස් රථ හිමියන් සහ මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය කාර්යයාලය යටතේ පාලනය වන හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ස්ථානභාර නිලධාරින් සහ වේලා සටහන්කරුවන් අතර (27) දින පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් පල කරමින් එස්.කේ.ජයසුරිය මහතා මේ බැව් පැවසිය.

හැටන් පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බස් රථ සංගමයේ නිලධාරින්ව කැදවා පෞද්ගලික බස් රථ ධාවනය කල යුතු නිර්නායක සහ බස් රථයක මගින් 21 දෙනෙකු පමණක් ප්‍රවාහනය කරන ලෙස දැනුවත් කල බවත්,එම නිර්නායක වලට පටහැනිව ක්‍රියා කලහොත් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කල ප්‍රකාශයත් සමග තමන් මෙම තිරණය ගත් බවයි හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

එම නිර්නායකවලට අනුකුලව තම සංගමයේ කිසියම් සමාජිකයෙකුට බස් රථ ධාවනය කිරිමට හැකියාවක් තිබේනම් එම බස් රථ හිමියන්ට බස් රථ ධාවනය කරවන ලෙසද එස්.කේ.ජයසුරිය මහතා ඉල්ලා සිටියි.

එම සංගමයේ උප සභාපති එම්.උදයකුමාර් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පසුගිය දින කිහිපය තුල සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්නායක වලට පටහැනිව බස් රථ වල මගින්ව නංවාගෙන යාමේදි හැටන් පොලිසියේ නිලධාරින් බස් රථ නතර කර පරික්ෂා කර බස් රථ හිමියන්ට දැඩිලෙස අවවාද කල බවයි.

මගින් 21 දෙනෙකු නංවාගෙන බස් රථයක් ධාවනය කිරිමේදි විශාල පාඩුවක් සිදු වන බවත්, රියදුරු සහ කොන්දොස්තරවරයාගේ වැටුප් , බස් රථයේ ඉන්ධන වියදම පවා එවැනි මගින් ප්‍රමාණයක් නංවාගෙන යාමෙන් අදායමක් නොලැබෙන බවයි.

බස් රථ වල මගින් 21 දෙනෙකු නංවාගෙන ධාවනය කිරිමට නම් දැනට මගින්ගෙන් ගමනාන්තය දක්වා අය කරන මුදල දෙගුණ කර අය කිරිමට හෝ ඩිසල් සහනාධාරයක් පෞද්ගලික බස් රථ හිමියන්ට ලබාදෙන්නේ නම් අදාල නිර්නායක යටතේ පෞද්ගලික බස් රථ ධාවනය කිරිමට හැකි බවයි.

රජය විසින් පෞද්ගලික බස් රථ වල සහ ලංගම බස් රථවල මගින් නංවාගෙන යාමට ඉදිරිපත් කර ඇති නිර්නායක වැදගත් බවත්, එම නිර්නායක යටතේ පෞද්ගලික බස් රථ ධාවනය කලහොත් එම කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටිමේ අවදානමකට ලක් විය හැකි බවද එම සංගමයේ උප සභාපතිවරයා අවධාරණය කර සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

142 views

39 Comments to “පොල්පටවාගෙන මගීන් ගෙන යන්න ඔ්නෑ.. කොරෝනා නීති අනුව බෑ..- පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් වේ..”

  1. නිර්පාක්ෂිකයා says:

    බණ්ඩාරනායක මහතා කලා සේ පුද්ගලික බස් ජනසතු කරමු. ල.ග.ම. ය දියුණු කරමු.

    • බන්ඩා says:

      මේ වෙලාවෙ රජයට බස් පවරල දීල පඩියට වැඩ කරන්න බස් කාරයො කැමති වේවි. මොකද පාඩුවට බස් දුවන්න පුලුවන් රජයට පමනය්.

  2. බන්ඩා says:

    ටයර් දාන්න නැතුව සර්විස් කොරන්නෙ නැතුව බස් දුවන්න පුලුවන්ද?

  3. sunimal says:

    හිතක් පපුවක් නැති කාලකන්නි වසලයෝ

  4. sena says:

    එංගලන්තය වැනි රටවල්වල අදායම වන්නෙ ප්‍රවාහනසේවයයි නමුත් ශ්‍රි ලංකාවේ රජය පාඩු ලබනවා පොද්ගලික සේවය ලාබ ලබනවා හැම රජයක්ම රැකියා සදහායොදා ගන්නෙ මේවැනි රජයේ අයතනයි අද ලංගම සේවක අතිරිත්තයක් පවතියි මෙය පොද්ගලික ටිකදෙනෙක් අතර බෙදි පවතියි ලංකාවෙත් ප්‍රවාහන සේවය ජනසතු කොට ඩැඩි දියුනුකර රජයට හොද අදායමක් ගැනිමට පුලුවන අයතනයකි

  5. Ruvini says:

    Take all the buses by the Army and run it. Where did we expect leadership from GOTA?

  6. ගයා says:

    ජනාධිපති තුමාට මේ කොරොනා එකෙන් ගොඩාක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්. පුද්ගලික බස් ක්‍රමයෙන් රටින් අයින් කරන්න. j r ලොක්කාගේ අමන වැඩ.

Main News