පොල් ගසක් කඩා වැටී අවුරුදු එකක් වයසැති දැරියක් මිය යයි..

December 10, 2019 at 2:04 am | lanka C news
පොල් ගසක් කඩා වැටී අවුරුදු එකක් වයසැති දැරියක් මිය යයි..

කිලිනොච්චිය කන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක පොල් ගසක් කඩා වැටීමෙන් එයට යටවී අවුරුදු එකක් වයසැති දැරියක් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය අක්කරායාන් පොලීසිය පවසයි.

දැරිය සිය කිරිඅම්මත් සමග ගෙවත්තේ ළිඳ ආසන්නයට ගොස් ඇති අතර එහිදී කිරිඅම්මා දිය නාන අතරේ දැරිය සෙල්ලම් කරමින් සිට ඇත එහිදී ළිඳ ආසන්නයේ තිබුනු පොල් ගසක් එකවරම ඉදිරි දැරිය සිටි දෙසට කඩා වැටී ඇති අතර එහිදී දැරිය පොල් ගසට යටවී ඇත.

අනතුරුව එම අවස්ථාවේදීම දැරය කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළද ඒ වන විටත් මිය ගොස් සිටි බවට කිලිනොච්චිය රෝහලේ වෛද්‍යවරුන් පැවසූහ.

මිය ගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණපරික්ෂණය වෙනුවෙන්  කිලිනොච්චිය මහා රෝහලේ තැන්පත් කොට ඇති අතර අක්කරායන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,387 Viewers

One Comment to “පොල් ගසක් කඩා වැටී අවුරුදු එකක් වයසැති දැරියක් මිය යයි..”

  1. hewwel says:

    නිවන් සුව ලැබේවා !!!

Main News