පොල් ගැසට්ටුවේ වරද භාරගෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වන්නැයි කියයි..

September 30, 2020 at 3:00 pm | lanka C news
පොල් ගැසට්ටුවේ වරද භාරගෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ  නීති අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වන්නැයි කියයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නීති අංශය තවමත් කළියුගයේ. පොල් පාලන මිල ගැසට්ටුවේ වැරැද්ද භාරගෙන  නීති අධ්‍යක්ෂකවරිය  වහාම ඉල්ලා අස්විය යුතුයි.

2020/09/25 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පොල් මිල පාලනය කිරීම සදහා අංක 2194/73 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. එමගින් පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීම මුලින්ම ලංකාවට හදුන්වා දෙන ලදී. එහි සදහන් ආකාරයට පොල් ගෙඩියේ වට  ප්‍රමාණය මනිනු ලබන මිනුම් දණ්ඩ වන්නේ අගල් ය. අගල් යන මිණුම අප භාවිතයෙන් ඉවත් කල දැන් දශක ගණනාවක් වේ. දැන් ලෝකය ගමන් කරන්නේ සෙන්ටි මීටර හා මිලිමීටර ලෙස සළකනු ලබන Metric ක්‍රමයට වන අතර අගල් භාවිතා කරන්නේ Imperial ක්‍රමය හෙවත් අධිරාජ්‍ය ක්‍රමයටය. ඒනයින් බලන කල පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂකවරිය තවමත් ජීවත්වන්නේ ගල් යුගයේ බව පැහැදිලි වේ. පොල් සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ අගල් වලින් වුවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගැසට්පත්‍ර නිකුත් කිරීමේ වගකීම දරන්නේ එහි නීති අධ්‍යක්ෂකවරියයි.

පසුගිය දිනවල රජය විසින් නිකුත් කරන ලද ගැසට්පත්‍ර යලි හකුලා ගැනීමට සිදුවිය. එසේ වූයේ නිළධාරීන්ගේ වරදින් බව ඉතා පැහැදිලි නමුත් සමාජ මාධ්‍ය ජාලා මෙම ගැසට් රිවස් කිරීම පිළිබදව විවේචන එල්ල කරන ලද්දේ ජනාධිපතිවරයා වෙතය. පාරිභෝගික කටයුතු අධිකාරියේ පොල් පාලන මිල  ගැසට්පත්‍රය මෙසේ වරදවා මුද්‍රණය කර ඇත්තේ ජනාධිපතිවරයා හා රජය අපහසුතාවයට පත් කිරීමට හිතාමතාමද යන්න පිළිබදව වහාම සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන්න අපගේ අදහසයි. අප එසේ කියන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ආරම්භයේ සිටම නීති අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන නිළධාරිනිය වසර ගණනාවක පළපුරුද්දක් ඇති නිළධාරිනියක් වන නිසාම පමණක් නොව ඇය මේ වන විට මෙරට ජනාතාවගේ මුදලින් විශාල රටවල් සංඛාවක පුහුණව සදහා සහභාගී වී ඇති පළපුරුදු නිළධාරිනයක් වන නිසාය

අප අසා ඇති ආකාරයට ඇය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙනුවෙන් කිසිම නඩු කටයුත්තකට මෙතෙක් පෙනී සිට නැත. ඇය වඩාත් උනන්දුවක් දක්වන්නේ පිටරට සංචාරවලට බව පාරිභෝගික කටයුතු අධිකාරියේ බහුතරයක් දන්නා කාරණයකි.

කෙසේ වෙතත් 2020/09/25 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පොල් මිල පාලනය කිරීම සදහා අංක 2194/73 දරණ අතිවිශේෂ ගැසට් ගැසට්පත්‍රය නිකුත් කිරීමේ දී සම්මත මිණුම්දඩු  වරදවා මුදුණය කිරීමේ වගකීම සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරිය භාරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බව අප සංවිධානයේ අදහසයි. මක්නිසාදයත් ගැසට්පත්‍රයක් හරිහැටි සකස් කිරීමට නොදත් අයෙකු ජනතා මුදලින් නඩත්තුවීම රටකට ඔරොත්තු නොදෙන නිසා පමණක් නොව එවැනි නිළධාරීන් හිතුමතාම හෝ වැරදීමකින් කරනු ලබන එවැනි ක්‍රියා නිසා ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයා ඇතුලු රජය අපහසුතාවය පත්වන නිසා හා ජනාධිපතිවරයා රට ඉදිරියේ හාස්‍යට ලක්වන නිසාය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

58,470 views

19 Comments to “පොල් ගැසට්ටුවේ වරද භාරගෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වන්නැයි කියයි..”

  1. Jehan says:

    මේ NGO කාරයොන්ට ඕනෙ රාජ්ය සේවය කිසිම වැඩක් නොකරන තැනක් බවට පත් කරලා ඊට පස්සේ ඔක්කොම් පෞද්ගලීකරනය කරවන්න. වැරදි තීන්දුවක් ගත්තනම් ඒක නිවැරදි කරනවා මිසක තීන්දුව ගත්ත එකා ගෙදර යැව්වම ඊට පස්සෙ කිසිම නිලධාරියෙක් තීරණ ගනියිද? පෞද්ගලික අන්ශයේ අපි උනත් වැරදි තීරන ගන්නවා. එහෙම උනාම ඒක එකතු වෙලා නිවැරදි කරනවා මිස ගෙදර යැව්වනම් අපිත් මෙලහට ගෙදර.

    • Ranjith says:

      එයා ගැහුව ඒ ගැසට් ගොඩක් වැරදි එන්න ඒ ගැන කතා කරන්න

  2. Rasika says:

    1 Inch = 25.4mm = 2.54cm , NGO bath belayo mewaa dhanne nethi unaata ona podi ekek oka dhannawaa………Me wage sulu dewalwalata aswenna giyoth mukuth karanna wenne nehe……

    • කමල් says:

      සුලු විදියට බලන්න පුළුවන් ගෙදර පශ්නයක් නම්. මේක නීතිමය වලංගුභාවය තමයි මේකේ කියන්නේ. ඒ කියන්නේ ඕකට අවනත වෙන්න ඕන ජනාධිපති කටෙන් කිව්ව වගේ කියල හිතාගෙන. ඊට පස්සේ උසාවිය අතරමං වෙනවා පාර්ලිමේන්තුවේ නීතියද ගැසට් එකද කියල. එකයි

  3. Ravi says:

    Etakota idam ganne Purchase, Akkara ewath Metrixda nodanna kamata ahanne,

  4. saman says:

    අයියෝ මේ රංජිත් ගොවියන්. මුගෙ මෝඩ චූන් නිවේදන ගැන අපි නොදන්නවයැ ඉතිං.

  5. kkuruwita says:

    මැනලා පොල් වර්ග කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නෙ පොල් කඩ මුදලාලිලාට මිසක් ජනතාවට නොවෙයි කියන එක තේරුම් ගන්න තරම් ඔලුවක් නැති උන් ජනතාවට ටේප් අරං යන්න කියල තමුන්ගෙ ගොංකම ප්‍රදර්ශනය කරනවා. ඒ තර්කෙන්ම එහෙනං හාල් පරිප්පු මනින්න තරාදිත් ජනතාවට ගෙනියන්න කියල ඔය දේශපාලන ගොන්නු උපදෙස් දෙයි.

    • රට වෙනුවෙන් says:

      kukul kuruwita, එතකොට මුදලාලි පොල් ගෙඩිය අරගෙන හොල්ලල හොඳයි කියල වළල්ලේ දාල මැනලා විකුනනවා.
      අඩේ මෙව්වනේ සාඩින් බෛ ලොජික්. ටැනිසන් ඓය මළාට (විශ්‍රාමික) ජනරාල්ල වැඩේ ගෙනියනවා නියමෙට. එල එල

      • kkuruwita says:

        ඒවා ජෝක් නම් තරාදියෙන් කිරන එකත් ජෝක් එකක් වෙයි මේ ටොයි ජෙප්පන්ට. මොලේ තරම තමයි.

  6. Buwa says:

    Pari bogika eke un chater tamai, eke ahanna deyaka naha.. serama wada paluwo..

    Me sabapaitya kiyana eka mattekda, mehem letters liyanna…Ane manda, me me wage atwatatte union wala inna un gan kabaroyo..

    un danna deyakuth naha nodanna maulakuth naha… yako, centi meter use karanne podi minum walata… pol gediye gana inch walin tamai hari…

    muge usath mannina ona milimeter walin.. nodakin buruwa…

  7. රට වෙනුවෙන් says:

    අයිශේ ඇමරිකාවේ තාම පාවිච්චි කරන්නේ අඟල් අඩි රාත්තල් ක්‍රමේ.
    මෙහෙම හරි ඇමරිකන් වෙන එක කාටද ආඩම්බර.

    • Darshana abayakoon says:

      ඇමෙරිකන් කාරයෙක් කටින් දුන්න නියොගයක් වගේ මේක නම්.

  8. උක්කුං මල්ලී says:

    ටෙනිසන් කුරේ මැරුනට කමක් නෑ ගෝඨාභය අපිට විහිළු සපයනවා.

  9. පොල්ගෙඩියේ වටප්‍රමනයට මුදල් අයකිරීම හා ගෙවන එක අනාධිමත් කාලයක සිට කරගෙන එන්නකි. ලෝකයේ පොල් නිපදවන සියලුම රටවල මෙය භාවිතා කරති, කරුණාකර වෙබ් එකට ගොස් බලන්න. මෙය ජාත්‍යන්තරයේ සම්මත ක්‍රමයකි. අපි පොල් මිලදී ගැනීමේදී හා විකිනීමෙදී ඇසට පෙනෙන ආකාරයට මිල නියම කිරීම සිදුකරයි. මෙයින් පාඩු වෙන්නේ පාරිභෝගිකයටය. මෙම ගැසට්ටුව මගින් සිදුකර ඇත්තේ එය සාධාරනී කරණය කර නිවැරදි මගට ගැනීමය. මොලය කළදක් නැති හරක්ට මෙය නොතේරේ. තොපේ දිව්‍ය ලෝකය වන ඇමෙරිකාව, බිරිතාන්‍ය වැනි රටවල තියෙන සුපර් මාර්කට් වලත් කරන්නේ මේ වැඩේමය.

  10. බුද්ධදාස says:

    මේක විහිළුවක් ලෙස හඳුන්වා හෙළාදැකීම තවත් කළුකඩ මුදලාලිලාට ඕනේ විදිහකට හිතුමතේ මිල නියමකිරීමට කරන උදව්වකි.
    මෙය බුද්ධිමත් තීරණයකි, එය විද්යානුකුලය. ඔබ ඉල්ලා ඇස නොවිය යුතුය.
    නැතිනම් ඔය බනින අය ක්‍රමවේදයක් ඉදිරිපත්කල යුතුය.
    වෙනත් රටවලද භාවිතාවන ක්‍රමවේදයකි මෙය.
    අපට කුරුම්බැට්ටි වැනි පොල් ගෙඩියකට රුපියල් 60ක්, 70ක් දම් ගෙවීමට සිදුව ඇත.
    මුලින් ටිකක් අපහසු වුවත් එම මිනුම්වලට අදාළ ගෙඩි දුටු පමණින් හඳුනාගැනීමට කල්යාමේදී හුරුවනු ඇත.

Main News