පොල් ගිණි ගණන්… බඩු මිල දරන්න බෑ.. මං ඒකට එකග නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

January 2, 2021 at 5:30 pm | lanka C news
පොල් ගිණි ගණන්… බඩු මිල දරන්න බෑ.. මං ඒකට එකග නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

ජනතාවට දරාගත නොහැකි අන්දමට බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු පැහැදීමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

ඒ නිසා බඩු මිල පහත හෙලීමට වහා මැදිහත් වෙන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ද පසුගියදා ඉල්ලීමක් කළ බව ඔහු පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බවත් අලුත් අවුරුද්දේ ජනතාව සතුටින් ජීවත් වෙන්න නම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු විය යුතු බවත් ඔහු කියා සිටියේය.

අද වන විට පොල් මිල දරාගන්න බැරි ලෙස ඉහළ ගොස් ඇති බවත් භාණ්ඩ මිල මෙතරම් ඉහල යාම ගැන තමන්ගේ කිසිඳු එකඟතාවයක් නැති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල කොස්වත්ත කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

24,503 views

20 Comments to “පොල් ගිණි ගණන්… බඩු මිල දරන්න බෑ.. මං ඒකට එකග නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර”

  1. ලොලිපොප් මොංගල් says:

    අාන්ඩුවට මාස 6යි. ජනාධිපතිට අවුරැද්දයි. අවුරැද්දක් පොහොර නොදැමිමට අස්වැන්න අඩු වෙන්නේ නැහැ. මෝඩ කුහක කතා කියන්න එපා. මෙචිචර කාලයක් ඉඩමි කුටිටි කරල විකුනුව. පොල් ගස්ටික කපලා දමිමා. මොනවද පසුගිය කාලයේ ගත්ත පියවර. පොල් ගහක් හිටවල ගෙඩි කඩන්න අවු 5ක් යනවා. මෝඩ බූරැ පොල් ඉඩමි හිමියෙක්. ඉඩමි අයිතිය රෑට වෙන්න අැති.

Main News