පොල් ගෙඩියක් 75යි.. වැඩි මිලට වික්කොත් නඩු.. දන්වන්න දුරකතන අංක මෙන්න..

December 17, 2017 at 8:02 am | lanka C news
පොල් ගෙඩියක් 75යි.. වැඩි මිලට වික්කොත් නඩු.. දන්වන්න දුරකතන අංක මෙන්න..

පොල් ගෙඩියක් රුපියල් 75ක මිලකට අලෙවි කළ යුතු බවට රජය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබියදී ඒ පිළිබඳ නොසලකා හරිමින් අධික මිල ගණන්වලට පොල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස එම අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලයි.

නියම කර තිබෙන රුපියල් 75ක මුදලට පොල් ගෙඩියක් ඉල්ලා සිටින පාරිභෝගිකයකුට එම මිලට පොල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් එවැනි වෙළෙඳුන් වෙතොත් අදාළ තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදුන් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න “මව්බිම”ට පැවැසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දීප ව්‍යාප්තව වැටලීම් සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා 13දා වන විට වැටලීම් 1386ක් සිදු කර 1213 දෙනකුට නඩු පවරා ඇති බවත් ඒ අතර වැඩි මිලට පොල් අලෙවි කළ වෙළෙඳුන් 162කට එරෙහිව නඩු පවරා ඇති බවත් සඳහන් කළේය.

පිටකොටුව, මැනිං වෙළෙඳපොළට පොල් රැගෙන ආ තොග වෙළෙඳුන් කිහිප දෙනකුද සිල්ලර වෙළෙඳසල්වලට වැඩි මිලට පොල් විකුණමින් සිටියදී අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අල්ලාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ අංක 011-3134446-8/7755481-3, බස්නාහිර පළාත – 077-1088914/0771088907, දකුණු පළාත – 077-1088903, උතුරු මැද පළාත – 077-1088895, උතුරු පළාත – 077-1088910, සබරගමුව පළාත – 077-1088902, උෟව පළාත – 077-1088917, වයඹ පළාත – 077-1088904, නැඟෙනහිර පළාත – 077-0110096, මධ්‍යම පළාත – 077-1088905 යන දුරකතනවලට අමතා දැනුම් දෙන ලෙස සභාපති හසිත තිලකරත්න පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වැඩි මිලට පොල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීමේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත් එවැනි රාජකාරියට බාධා කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පොල් ගෙඩියක් විකුණන්නේ රුපියල් 100-115ත් අතර මිලකටය.

– Mawbima

163 views

2 Comments to “පොල් ගෙඩියක් 75යි.. වැඩි මිලට වික්කොත් නඩු.. දන්වන්න දුරකතන අංක මෙන්න..”

  1. sb says:

    “හාල් පොල් පිටරටින්” සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කරපු සාපය දැන් ක්‍රියාත්මකයි…

  2. බන්ඩා says:

    මිල තීරනය වන්නෙ සැපයුම සහ ඉල්ලුම මත බව මේ ගොන් අාණ්ඩුවට නොතේරෙන හැටි. මිල අඩු කරන්න නම් නිශ්පාදනය වැඩි කල යුතුය්.

Main News