පොල් ගෙඩියේ මිල ගැනමයි කථා කරන්නේ.. නොමිලේ දෙන සෞඛ්‍ය, අධ්‍යාපන සේවා ගැන කතා කරන්නේ නෑ..

March 25, 2018 at 12:40 pm | lanka C news
පොල් ගෙඩියේ මිල ගැනමයි කථා කරන්නේ.. නොමිලේ දෙන සෞඛ්‍ය, අධ්‍යාපන සේවා ගැන කතා කරන්නේ නෑ..

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ කොළඹ ශාඛාවේ 25 වන සංවත්සර උත්සවය එහි ආදිශිෂ්‍ය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව මහානාම උත්සව ශාලාවේ දී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විනි.

මෙම විද්‍යාලයට 2019 වසරේ මාර්තු මාසය වන විට වසර 200 ක් සපිරෙයි. විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් දායකත්වය දැක් වූ ආදි සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන පිරිනමන ලදි.

මෙම උත්සවය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“මම මුලින්ම පාසල් ගියේ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයටයි. ඒ 1955 සිට 1957 දක්වායි. මගේ පියා වෛද්‍යවරයෙකු නිසා බද්දේගම රෝහලේ සේවය කිරීම හේතුවෙන් එම විද්‍යාලයට ඇතුලත්වීමට මට සිදු වුනා. පසුව කොළඹ නාලන්ද විද්‍යාලයට සහ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව උසස් අධ්‍යාපනය හැදැරුවා. ඉගෙනගත් පාසලට සැළකීම ඉතාම වැදගත්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අපි පාසලට සේවය කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දේශපාලන තේමාවක් වනවා. රටක නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය නොමිලේ ලබා දිය යුතු බවට වූ සංකල්පය බිහි වූයේ සමාජවාදයෙන්.

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉතා ඉහළයි. නව රජය දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම නිසා ලෝක ආර්ථීක සමුලුව, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය ඇගයීමට ලක් කර තිබෙනවා.

වර්තමානයේ නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවාවන් පිළිබද කථා කිරීම ඉතාම අඩුයි. පොල් ගෙඩිය ගැන තමයි කථා කරන්නේ. විපක්ෂයත් එහෙමයි. අනාගතය වෙනුවෙන් ඉගෙනගත් පාසල ආරක්ෂා කර ගත යුතුයි. රජය අධ්‍යාපනයට විශාල වියදමක් දරනවා. නමුත් විද්‍යාලය දියුණු කිරීමට ආදි ශිෂ්‍ය සංගම්වල සහයෝගය ද අවශ්‍යයයි.

රාජ්‍ය සේවය ලිපිගොනු මත ගොනු වී තිබෙන්නේ ඇතැම් විට රාජකාරි නොකිරීමටයි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් තුල විරෝධාකල්ප තිබෙනවා. ඇතැම් මාධ්‍යයත් එහෙමයි. අපේ රට පසුපසට ගමන් කිරීමට වඩා ඉදිරියට ගමන් කිරීමට කටයුතු කළ යුතුයි. අමාත්‍යවරුන්ගෙන් රාජකාරී කටයුතු සිදු වුවත් ඇතැම් නිලධාරීන් රාජකාරී කිරීමට පසුබට වෙනවා. එම නිසා පසුපසින්ම සිට නිලධාරීන් ලවා රාජකාරි කටයුතු සිදු කරගත යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරී

11 views

10 Comments to “පොල් ගෙඩියේ මිල ගැනමයි කථා කරන්නේ.. නොමිලේ දෙන සෞඛ්‍ය, අධ්‍යාපන සේවා ගැන කතා කරන්නේ නෑ..”

  1. PANU DATH says:

    Yako , Api leda wenne ne hamadama.

  2. hina says:

    puluwan nam oya dekama nathi karala …ita passe apahu dila……poster tikak rata wate gahamu balanna ….mata hina

  3. Asaranaya says:

    මේ කුණු දතා තමයි යුඇන්පිය ජරාජීරන තත්වයට ගෙනාවේ, මූට විරුද්දෑව විස්වාශ බන්ගයක් යුඇන්පිය ගෙන ආයුතුයි, යුඇන්පී කාරයෝ දන්නේ නැහැ හීන් නූලෙන් මූ දෙන ගේම,
    මූයි (කුණු දතයි ) චම්පකයයි එකතුවෙලා යුඇන්පියෙ බලය අල්ලනතුරු උඹලා හුලන් බකාගෙන් ඉඳපල්ලා

    • jayamal says:

      රාජිත හරියට කතා කරන්නෙ නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා එයා ඇවිත් පටන් ගත්ත වගෙයිනෙ. අපේ අම්මා මුත්තා කාලෙ ඉඳලා මේ රටේ නොමිලේ තමයි ඔය සේවා දෙකම දෙන්නේ. මෙයාලා ඇවිත් මේ රට දවසින් දවස අඳුරු ප්‍රපාතයකට ඇද දැමුවා. බඩේ ගින්දර උහුලන මේ රටේ අහිංසක මිනිසුන් ගේ කතිරයේ බලයට මෙයාලා දැවිලා පිච්චිලා යන දිනය වැඩි ඈතක නොවේ!

  4. Dhathusena says:

    මේව හැමදාටම තිබුනෙ නොමිලෙ තමයි දතෝ. ඒත්.හාල් පොල් නොමිලෙ හම්බ වුනේ නැතුවට මිනිහෙකුට ගන්න පුලුවන් මිලකට තිබුන. මොනව හරි කුලී වැඩක් කරලවත් කියක් හරි හොයා ගන්න පුලුුවන් කම තිබ්බ. කෝ අද තියෙනවද
    තොපි ඒව නන්නත්තාර කරා. කාළකණ්ණි.

  5. ගන්ජ බන්ඩා says:

    ජයවර්ධනපුර සහ කොළඹ ගෙවන වාට්ටුවේ හැර ලංකාවෙ රජයේ ඉස්පිරිතාල වල කවදාවත් මුදල් අය කලේ නැහැ. නමුත් දතා මොහම්ඩ් කියවන්නෙ හරියට නොමිලේ ලබා දෙන සවුක්‍ය සේවය උෟ පටන් ගත් එකක් කියල හිතා ගෙනය්.

  6. Dushantha says:

    හා හා නිදහස් අධයාපනයයි නොමිලේ සෞඛයයි හරියට මූ දීපු එකක් වගේනෙ මූ කථා කරන්නෙ. යකෝ ඒ දෙකම මේ රටේ මිනිස්සු ඉපදිච්ච දා ඉඳන් තිබ්බ. හෑබෑයි බඩුවල මිලනන් තිබ්බෙ මීට වඩා ගොඩක් අඩුවට. මුන් වගේ දත් ගලෝලා නෑව් ගත්ත පල් හොරුන්ට අමාරු නෑති උනාට සාමනය මිනිස්සු ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. උඹලා ඈවිත් කරේ රටේ මිනිස්සුන්ව අපායට ඈදලා දාන එක.

  7. john the baptice says:

    පොල්ගෙඩියක් 150 යි මට යහපාලනයෙන් කෝටියක් ලැබුනා

    මගේ සැත්කමට කෝටියක් ජනාධිපති අරමුදලින් ලබාගත්තා වෙනස සැපද?

  8. පොල් ගෙඩිය කෙසේ වෙතත් කෝ බොල පෙට්ස්කැනරය ඒකත් චතුර පුතාගේ එකවුන්ට් එකේද​?

  9. ape salli kootiya aragena beheth gatta thopata hena apata penadol petta keeyada bola?

Main News