පොල් ගොඩියක් 50යි.. සීයයි කියන්නේ මොන බොරුද..- හැරිසන්..

October 11, 2017 at 5:30 pm | lanka C news
පොල් ගොඩියක් 50යි.. සීයයි කියන්නේ මොන බොරුද..- හැරිසන්..

පොල් ගෙඩියක් රුපියල් 100කට මිලදී ගැනීමට උවමනා නැති බවත් පොල් ගෙඩියක්ම දැන් රුපියල් 50කට මිලට ගත හැකි බවත් ග‍්‍රාමීය ආර්ථික කටයුතු ඇමති පී හැරිසන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හාරගම ගොවිපල පරිශ්‍රයේ ඉදිකරන ලද සහන අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පොල් මිල ඉහළ ගියේ තද නියගය නිසා මිස ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ වරදකින් නොවන බවද කී ඔහු නියගය හේතුවෙන් පොල් ත්‍රිකෝණයේ පොල් ගස් ලක්ෂ ගණනක් විනාශ වූ බවද පැවසීය.

රජය විසින් පොල් සහන මිලට ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බවත් පශු සම්පත් සංවර්ධන මණ්ඩල අලෙවිහල්වලින් පොල් ගෙඩියක් රු. 40-60 අතර මිලකට ලබා ගත හැකි බවත් ඇමතිවරයා සදහන් කලේය.

93 views

12 Comments to “පොල් ගොඩියක් 50යි.. සීයයි කියන්නේ මොන බොරුද..- හැරිසන්..”

  1. රෙදි නැන්දා says:

    අඩෝ තෝයි මායි දන්නා පොල් ගණන්. පොල් විකුණන එක පොල් ඇමතිය බලාගනිවී.
    කොල්ලො තෝ ගිහිල්ල රෙදි ටික අපුල්ල ගෙන වර

Main News