පොල් තෙල් වෙනුවට රට පුරා ෆාම් තෙල්.. ජනතා සෞඛ්‍ය අවදානමක..

September 28, 2017 at 12:40 pm | lanka C news
පොල් තෙල් වෙනුවට රට පුරා ෆාම් තෙල්.. ජනතා සෞඛ්‍ය අවදානමක..

පොල් මිල ඉහළයාම නිසා වෙළදපොලතුළ බාල පොල් තෙල් අලෙවිවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ සම්බන්ධයෙන් වහා නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම සංවිධානය විසින් පාරිබෝගික කටයුතු අධිකාරිය වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

හසිත තිලකරත්න මහතා
සභාපති
පාරිභෝගික කටයුතු අධිකාරිය
කොළඔ 02

සභාපතිතුමනි”

පොල් මිල ඉහළයාම නිසා වෙළදපොලතුළ බාල පොල් තෙල් අලෙවිවන  බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62  (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන්න.

පොල් මිල සීග්‍රලෙස ඉහළයාම නිසා මේ වන විට වෙළදපොලතුළ පාම් ඔයිල් කවලම්කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරන බව අප කල නීරීක්ෂණයකින් වලින් අනාවරණය වී ඇත. එසේ කිරීම පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට අහිතකර මෙන්ම පාරිභෝගිකයා රැවටීමකට ලක් කිරීමකි.

එම නිසා අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(ආ) වගන්තිය යටතේ 2016-10-7 සාදන ලද අංක 1987/50 දරණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා වහා කටයුතු කරන ලෙසයි.

අදාල ගැසට් පත්‍රය 2017 මාර්තු මස පළමුදින සිට ක්‍රියාත්මක කල යුතු වුවද තවම එය කියාත්මක කර නැත.

ස්තුතියි. මෙයට

රංජිත් විතානගේ
සභාපති

813 views
Main News