පොල් බෑය 40යි..
February 5, 2017 at 8:13 am | lanka C news
රට පුරා සෑම නගරයකම පාහේ පොල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වෙලදපල ආරංචි මාර්ග පවසයි.
සමහර ස්ථානවල පොල් බෑයත් විකුණනු ලබන්නේ රුපියල් 40 පමණ ඉහල මිලකටයි.
පොල් බෑය විකුණනු ලබන්නේ පොල් ගෙඩියක් මිලදී ගත නොහැකි පාරිභෝගිකයන් වෙනුවෙනි.
බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව අඩු වී ඇති නිසා මෙම තත්වය ඇතිවී තිබෙන බව ලූණුවිල පොල් පර්යේෂණායතන ප්රකාශකයෙක් කීය.