පොල් මැනිල්ල ඉවරයි.. ගැසට්ටුව අවලංගුයි.. පොල් මිල සීමා ඉවතට..
June 19, 2021 at 12:40 pm | lanka C news
උපරිම සිල්ලර මිල පොල් සඳහා පනවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ඊයේ දිනයේ මෙය ප්රකාශයට පත් කර තිබේ.
පසුගිය වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් පොල් සඳහා උපරිම මිලක් නියම කරන ලද්දේ පොල් ගෙඩියේ වටා ප්රමාණය අනුව මිල තීරණය කරමිනි.
වට ප්රමාණය අඟල් 13 ට වැඩි නම් රුපියල් 70ක් ද, අගල් 12-13 අතර නම් රුපියල් 65 ක් ද 12ට අඩුනම් 60 ලෙසද පොල් සඳහා උපරිම සිල්ලර මිල නියම වී තිබිණි.
ඇත්තටම ජනතාවට මේ ගැසට් එකෙන් ලොකු සහනයක් ලැබුනා. අපරාදේ අතින් කලේ. දැං ඉතිං ආයේ 90 වට 100 ට පොල් ගන්න වෙයි 😀
ඇයි එහෙම කළේ ස. බයියෝ කියලා අපිට මෙහෙම දවසේ ගානේ අරින එක හරිනැහා. ඉඳලා හිටලා ඇරියට නම් කමක් නෑ. ඔය ගැසට් එක නිසා පොල් මැනලා ම තමයි ස මෙච්චර දවස් මුදලාලිලා පොල් වික්කේ. ඔන්න බලන්න ස දැන් පොල් ගෙඩිය රුපියල් 200 වත් වෙයි හෙට ඉඳන්.
හිහ් හිහ් හීඊ, සහතික ඇත්ත. අපි දැන් පොල් බෑය ගන්නේ 40-50 ගානේ. ලබන අවුරුද්දෙ බෑය 100 ගානේ.
“Kos Kirala” gannawa wage Poluth Kirala gamu!
මේ ආණ්ඩුව තරම් ගැසට් ගහපු , ගහපු ගැසට් රිවස් කරපු ආණ්ඩුවක් රටේ දේශපාලන ඉතිහාසයේවත් තිබුනෙ නැහැ . ඔය ගහපු කොයි ගැසට් එකෙන්ද රටේ ජනතාවට සහන සැලසුනේ. දැන්වත් ගැසට් ගහලා සවුත්තු වෙන්න එපා. හාල් වලට ගහපු ගැසට් එක ක්රියාත්මකද.😃😃😃😃😃😃😃