පොල් මැනිල්ල විහිළුවක් වෙලා.. 99%ක්ම මේකට විරුද්දයි.. කිසිම ප‍්‍රායෝගිකත්වයක් නෑ.. තීරණයක් ගන්නවා..

September 29, 2020 at 1:20 pm | lanka C news
පොල් මැනිල්ල විහිළුවක් වෙලා.. 99%ක්ම මේකට විරුද්දයි.. කිසිම ප‍්‍රායෝගිකත්වයක් නෑ.. තීරණයක් ගන්නවා..

පොල් මිල තීරණය කිරීමට ටේප් පටියෙන් වට ප්‍රමාණය මැනීම ප්‍රායෝගික නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

අද වන විට පොල්ගෙඩිය සහ ටේපි පටිය රට තුළ හාස්‍යයට ලක් වී ඇති බවත් ඒ ගැන තමන් කනගාටුව පළ කරන බවත් ඔහු කියා සිටියේය.

කවුරුන් හෝ ගත් ගනු ලැබූ එම තීන්දුව කිසිදු ප්‍රායෝගිකත්වයෙන් තොර එකක් බවද ඒ මහතා පැවසීය.

මෙම කටයුත්ත සිදු විය යුත්තක් නොවන බව තම පුද්ගලික අදහස බවද ඒ මහතා කියා සිටියේ හිරු රූපවාහිනී සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

99%ක්ම දෙනා මෙම කටයුත්ත ගැන එකග නැති බවත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්චා වූ බවත් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

26,974 views

23 Comments to “පොල් මැනිල්ල විහිළුවක් වෙලා.. 99%ක්ම මේකට විරුද්දයි.. කිසිම ප‍්‍රායෝගිකත්වයක් නෑ.. තීරණයක් ගන්නවා..”

  1. හසිත says:

    පාරිභෝගිකයන් ටේප් අරන් යන්න ඕනේ නැහැ… මේ රඹුක්වැල්ල ඉස්සර දිසානයක ට කවුද ඇමතිකමක් දුන්නේ

  2. sira says:

    වැල්ලෙන් පොල් එනවා පොල්ලෙන් තේ……එනවා

  3. චන්දන says:

    මෝඩයෙක් වගේ කියවන්න එපා. ඕනෑම දියුණු රටක යොදා ගන්නා ක්‍රම වේදයක් තමයි ප්‍රමාණය ට අනුව මිල නියම කිරීම. ඕනෑම ප්‍රමාණයක පොල් එකම ගානකට විකුනන්නේ නැතිව විද්‍යාත්මකව මිල තීරණය කරපු එක හරි.

Main News