පොල් මිල බස්සන්න ටොන් හතලිස්දාහක් රටින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය..

February 15, 2017 at 12:40 pm | lanka C news
පොල් මිල බස්සන්න ටොන් හතලිස්දාහක් රටින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය..

ගෙඩියක් රුපියල් 80 පමණ දක්වා ඉහල ගොස් තිබෙන පොල් මිල පාලනය කිරීම සදහා පොල්තෙල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පොල් තෙල් ටොන් හතලිස්දහසක් ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

කැබිනට් ප‍්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේය.

මේ වන විට පොල්තෙල් කිලෝ එකක් සදහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 150 සිට 130 දක්වා අඩු කිරීමටද තීරණය වී ඇත.

118 views
Main News