පොල් රටින් ගේන්න සූදානම්.. පොල් මිල අහස උසට…

November 24, 2017 at 8:40 am | lanka C news
පොල් රටින් ගේන්න සූදානම්.. පොල් මිල අහස උසට…

වේගයෙන් ඉහල යන පොල් මිල පාලනය කිරීම සදහා පොල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානයක මහතා රජයෙන් ඉල්ලා සිටී.

මේ සදහා පවතින නීති රීති වෙනස් කර කෙටි කාලයකට හෝ පොල් ආනයනය කල යුතු බව ඔහුගේ අදහසයි.

සතොස මැදිහත් වීමෙන් ගෙඩියක් රුපියල් 65 බැගින් පොල් විකිණීම සිදු කලද එය කිසිසේත්ම පාරිභෝගික ඉල්ලීම සැපිරීමට ප‍්‍රමාණවත් නැති බව ඔහු පෙන්වා දෙයි.

වෙනත් භාණ්ඩ හිගයක් ඇති වූ විට විදේශයන්ගෙන් ආනයනය කිරීමට හැකියාව ඇතත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය නිසා පොල් ආනයනය කිරීමට අවසර අවසර දී නැති බවද ඔහු සදහන් කරයි.

වෙළදපලේ පොල් ගෙඩියක් මේ වන විට රුපියල් 100 වටා පවතී.

245 views

3 Comments to “පොල් රටින් ගේන්න සූදානම්.. පොල් මිල අහස උසට…”

  1. Pol Kuruminiya says:

    Eka paarakuth pol genalla anagaththa bawa amathaka wela athi. Me hadanne rate pol wagawata leda saha krumeen bo karala pol wagawa winasa karannai.

  2. මහේෂ් says:

    පොල් ගෙඩිය රුපියල් 100/- වෙච්ච එක කාටත් අමාරු තමයි..ඒත් මේ රටේ පොල් ගෙඩිය විතරද වැඩි වුනේ…හැම භාණඩයකම සේවාවකම මිල වැඩි වුනානේ..ඒක මේ රටේ අමන දේශපාලන හැතිකරේ විසින් ඇති කරපු තත්වයක් …හැම භාණඩයජම සේවාවකම පිරිවැය නිශ්පාදකයට දරා ගන්න බැරි විදියට වැඩි වුනා…මහ බැoකුව කොල්ල කෑවම කොහොමද භාණ්ඩ හා සේවවන් වල මිල ඒ මට්ටමේම පවතින්නේ ??
    ඉස්සර ස්පා කෙල්ලෙක් ටිප් එක කියලා ගත්තේ රුපියල් 500/- යි. දැන් රුපියල් 1,500/-ක් ඉල්ලනවා . ඒ කියලා අඩුවට පිටරටින් කෙල්ලෝ ගේනවද නෑනේ….එහෙම ගෙනාවොත් අපේ රටේ අහින්සක කෙල්ලන්ගේ ආදායමට මොකද වෙන්නේ…ඒවගේ තමයි පොලුත්.

  3. නයා.... says:

    පාලකයන්ගේ නොහැකියාව වසාගන්න හෙසන අමන බන
    ලංකාවේ කාලකන්නි හැතිකරේ දන්නේ අතීසාරෙට අමුඩ ගහනවා වගේ උත්තර හොයන්න තමයි.

    ඉන්දියාවේ පොල් වැවෙන්නේ කේරල ප්‍රාන්තේ, තමිල්නාඩුවේ යම් පෙදෙසක, කර්නාටකයේ කොටසක ආදී වශයෙන් රටේ හැටියට ඉතාම කුඩා ප්‍රදේශයක පමනයි

    ඒත් අදත් පොල් ඉරටයක් වත් හොයා ගන්න නැති දිල්ලියේ වෙළඳ පොලේ පොල් ගෙඩියක මිල ලංකා මුදලින් රු 50.00ඉක්මවන්නේ නැහැ.

    ඉන්දියාව පොල් ආනයනය කරන රටක් නෙවෙයි.
    මේ මිල පිටුපස තියෙන්නේ සංවිධානාත්මක බව හා සැලසුම් කිරීම.

Main News