පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු..

September 26, 2020 at 6:48 pm | lanka C news
පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු..

මෙරට පොල් වගාවෙන් 40% ක පමණ ප්‍රමාණයක් වදුරන් රිලවුන් දඬුලේනන් විසින් විනාශ කර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එය විශාල ප්‍රශ්නයක් වී ඇති නමුත් බෞද්ධ පරිසරය හේතුවෙන් පිරිත් පැන් ටිකක් ඉහිනවා හැරෙන්න වෙන යමක් කළ නොහැකි බවත් ඔහු පැවසීය.

නිෂ්පාදනය තවත් වැඩි දියුණු කිරීම ඇතුළු අගය එකතු කළ නිෂ්පාදනයන්ට තව තවත් යොමු වීම හැර වෙන ගත හැකි ක්‍රියාමාර්ග නැතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

20,323 views

12 Comments to “පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු..”

  1. gramaya says:

    අර බදුල්ල පැත්තේ රිලා අපතයට මොනවා හරි ඉස්ස නම් හොඳයි. අවුරුදු විසි පහක් විතර ඉඳල රටට කරපු දෙයක් නැහැ. කාට හරි අපහාස කරන්න විතරයි දන්නෙ. ඒ වගේ කට්ටිය සදා කාලිකව විපක්ෂේ තමයි තියන්න ඕනේ.

  2. Love nature says:

    අපේ රටේ ජිවත් වන සතුන්ටත් කෑමට දෙයක් තිබිය යුතුයි ..අපේ රටේ වන රක්ෂිත මිනිස් සතුන් විනාශ කරද්දී වදුරෝ, රිලව්, දඩුලේනුන්ට පිරිත් පැන් ඉසීම හැර වෙන කරන්න තියෙන්නේ ඔවුන්ගේ වන රක්ෂිත ආරක්ෂා කර දීම පමණයි ….සිරිසේනගේ අදහස් අනුව සත්තු විනාශ කිරීමටද ඔබතුමා උත්සාහ කරන්නේ ?
    මේ රටේ සත්තුන්ටත් ජිවත් වීමට අයිතියක් තියනවා .වන රක්ෂිත විනාශ කිරීම නතර කල යුතුයි

    • True Nature says:

      Meat eating animals are very rare due to human activities. So no enemies for monkeys. Problem was created by man.

  3. Buddhist says:

    Meka Buddhagama vihuluwata ganna kiyanna deyak. Ko Sinhala Baudhayo dan?

  4. Manoj says:

    මේකට තියෙන්නෙ සරල විසඳුමක් . වෙස් මූනක් තියෙනවා කඩේ විකුණන්න . ඒක දාගෙන රිලවට පේන්න හිටියට පස්සෙ , ආයෙ රංචුව පැත්ත පළාතක එන්නේ නැහැ .

    වෙස් මුහුණක මිල රුපියල් 150 ඉඳ 250 වගේ වෙනකම් විකුනනවා මාකට් එකේ .

  5. sana says:

    Why animal lovers are silent when our farmers kill millions of insects? is it religiously ok?

  6. Luxman says:

    Only solution for monkeys ,put up a monkey forest ,in rajamawatha in the central province additional income to the government ,and solution

  7. Rony says:

    පහත ඇමතිවරු පත් කරාම වැඩේ හරි.
    වඳුරැ ඇමති
    රිලව් ඇමති
    දඬු ලේන්නු ඇමති

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මේ මහජන නියෝජිතයෙක් කියන කථාද​?වඳුරෙක් රිළවෙක් පලවා හරින්න බැරි එකෙක් පත් කරගත්තම වෙන දේ.මෙයා කියන විදියට වඳුරො කාල ඉතුරු වෙන පොල් ගෙඩියෙන් අගය එකතු කල නිෂ්පාදනයක් කලාම වඳුරො කාපුවගෙ පාඩුව මකා ගන්න පුළුවන්.අතට අහුවෙන හරියක මුන්නැහැ උන්න නම් ලෙලි ගහපු පොල් ගෙඩියකින් මෙයාගෙ ඔළුවට දෙකක් නෙලල අගය එකතු කරන හැටි කියා දෙන්න තිබුණ.

  9. Tilak says:

    Some way of population control is a must to prevent wild life menace. Otherwise conflict will continue until wild life is finished. Always humans will win the battle.

  10. Sarathkumaramudannayake says:

    දිසානායක මහත්තයා ඉඳල ඉඳල කිව්ව පොල් ප්‍රශ්නය ට නියම පිළියමක් ..

Main News