පොල් 100යි.. සීනි 150යි.. බඩු මිල අඩු කරන්න ප‍්‍රාතිහාර්යකින් බෑ..

September 18, 2020 at 6:49 pm | lanka C news
පොල් 100යි.. සීනි 150යි.. බඩු මිල අඩු කරන්න ප‍්‍රාතිහාර්යකින් බෑ..

අද ජනතාවට ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ජනතාවට එදා වේල කෑමට ලොකු අපහසු තාවයක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

අද වන විට හාල් කිලෝව රුපියල් 130ක් පොල් ගෙඩිය රුපියල් 100ක් සීනි කිලෝව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

ආණ්ඩුව බලයට ඒමට පෙර පොරොන්දු වූ සහන මල්ල දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැති බවයි.

රට තුල නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩියෙන් නිෂ්පාදනය කළහොත් පමණක් භාණ්ඩ මිල වැඩිවීමේ ගැටලූවට විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

22,958 views

19 Comments to “පොල් 100යි.. සීනි 150යි.. බඩු මිල අඩු කරන්න ප‍්‍රාතිහාර්යකින් බෑ..”

  1. Senaka says:

    This man is just a chatterbox, and liar. We cannot expect other than these from these blind men.

  2. Sakunthala says:

    බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර්‍ය විසඳුම් නැති බව එදා ඔබ තුමා කිව්වේ නැහැ නේ. එදා කිව්වේ රුපියල් 2500 කින් මසකට එක පවුලක කන්න පුලුවන් කියලයි. ආන් ඩුවට විහිලු සපන එකෙක් ඉන්නත් එපායේ.