පොල් 75යි.. අල 76යි.. පරිප්පු 160යි උපරිම මිල සීමා නම් කෙරේ..
December 6, 2017 at 12:00 pm | lanka C news
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක් සදහා අද දිනයේ සිට උපරිම මිල සීමාවක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකරිය තීරණය කර ඇත.
මෙසේ මිල සීමා නියම කර ඇත්තේ පරිප්පු, පොල්, ආනයනික අර්තාපල්, කරවල සදහායි.
ඒ අනුව පොල් ගෙඩියක් රුපියල් 75ක්, පරිප්පු කිලෝවක් රුපියල් 130ක්, ආනයනික් අර්තාපල් කිලෝයක් රුපියල් 76ක් ලෙස උපරිම මිල සීමා නියම කර ඇත.
මෙම මිල සීමාවන් ඇතුලත් ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවද අධිකරිය සදහන් කරයි.
මෙසේ මිලසීමා පැනවීමට තීරණය කර ඇත්තේ ඊයේ රැුස්වූ ජීවන වියදම් කමිටුව විසිනි.
මීට පෙර ප්ලේන්ටියක් රුපියල් 10ක් හා අප්පයක් රුපියල් 15ක් ලෙස උපරිම මිල සීමා නියම කරනු ලැබීය.
කොහෙද රැපියල් 10 ට ප්ලේන්ටි තියෙන්නෙ ලබ්බෙ මිල පාලනය උදාහරණ ඕන නම් ගාල්ලෙ සහන හෝටල් වලට ගිහින් තේ එකක් බීලා බලන්න රැපියල් 30 යි ප්ලේන්ටිය පාලන මිළ තියෙන්නෙ කඩදාසි වල විතරයි වෙළෙන්දො මිනිස්සු හූරන් කනවා
පිරිප්පු විතරයි පිරියෙන් කෑනෙව දැන් ඒකත් මිළක් දාලා අඩු ලන්සුවෙන් හිර කළාම බාල පරිප්පු කෘමිනාශක නාවපුව ගෙන්වලා කවන්නයි ඒ හදන්නෙ මේ යක්කුන්ට මොළයක් නැති හැටි පාළනය කරනවා නම් ඒ ඒ කාණ්ඩ වල කොලිටි වලට අදාළව පාලන මිළ දාන්න ඕන ඕකෙන් වෙන්නෙ සව්ක්යට ගැලපෙන හොiද කෑමක් පිරිසිදුවට කන්න තියෙන අයිතියත් නැති වෙන එක