පොලිතින් තහනම : හරි දේ වැරදියට කිරීමක්…

July 14, 2017 at 5:30 pm | lanka C news
පොලිතින් තහනම : හරි දේ වැරදියට කිරීමක්…

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පොලිතින් කෑම දවටන සහ මළු තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීන්දුවට පරිසර සංවේදි පුද්ගලයෙකු ලෙසත් පරිසර හිතකාමී දේශපාලන පක්ෂයක් විදිහටත් අප හිස නමා ආචාර කරනවා. 2008 දී පොලිතින් මළු නැති නම් සිලි සිලි මළු සඳහා මුදල් අය කරන ක්‍රම වේදයක් සුපිරි වෙළඳසැල් සඳහා හඳුන්වා දීලා මට නඩුත් වැටුනා. ඒ වගේම බස්නාහිර පළාත් පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ පොලිතින් මළු සහ පොලිතින් කෑම දවටන අමාත්‍යාංශයට ගෙන ඒම තහනම් කළා. ඒවගේම පොලිතින් තහනම් කිරීම වෙනුවට පොලිතින් සදහා විකල්පයක් විදිහට සියළුම අවමංගල්‍යාදාර සමිති වලට රෙදි වලින් සැකසු සුදු කොඩි නොමිලේ ලබා දුන්නා. සියළුම ශාෂණාරක්ෂක බලමණ්ඩල වලට භික්ෂුන් වහන්සේ නමකගේ අපවත්වීමකදි පාවිච්චි කරන්න රෙදිවලින් සකසන ලද කහ කොඩි නොමිලේ ලබා දුන්නා. ඒ නිසා මේ තීන්දුව ගැන සතුටුයි. නමුත් අවාසනාවට හරි දේ කරලා තිබෙන්නේ වැරදි විදියටයි.

දවසකට පොලිතින් මළු සහ දවටන ලක්ෂ ගණනක් භාවිතා කරනවා. මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න තව තිබෙන්නේ සති හයයි. සති හයක් තුල විකල්ප ඇසුරුම් ලක්ෂ ගණනින් වෙළඳපොලට හඳුන්වා දෙන්න ක්‍රම වේදයක් තිබෙනවා ද? නෑ. ආනයනය කිරීමටත් මේ කාලය ප්‍රමාණවත් නෑ. අඩුම තරමින් මාස තුනක්වත් අවශ්‍ය වෙනවා. ඒ වගේම පොලිතින් මළු නිෂ්පාදනය මහ පරිමාණයෙන් වගේම ගෘහස්ත කර්මාන්තයක් ලෙසත් කරගෙන යනවා. මේ අයට විකල්ප කර්මාන්ත වලට හුරු වෙන්න සති හයකින් පුළුවන් ද? අඩුම ගණනේ මාස තුනක්වත් අවශ්‍යයි. මෙයින් සිදු වන්නේ රටේ තවත් කලබැගෑනියක් ඇති කිරීම පමණයි. ඉතාම හොඳ වැඩක් දුර දිග නොබලා ක්‍රියාත්මක කිරීමෙන් මේ සත්කාරයට සමාජයේ විරෝධතා ඇති වෙන්න පුළුවන්. ඒ හරහා මේ තීරණය හකුලාගතහොත් හානිය සිදු වෙන්නේ පරිසරයටයි. ඒ නිසයි අපි කියන්නේ හොද වැඩක් වැරදි විදිහට කරලා කියලා.

– අරවින්ද අතුකෝරල

9 views

2 Comments to “පොලිතින් තහනම : හරි දේ වැරදියට කිරීමක්…”

  1. Brahmana says:

    මොහුගේ පැවැත්මත් හරි දෙය වැරැදියට සිදුවීමක් .

  2. Chapa says:

    mahindata mewa karanna kondak thibune naeha, basil harahata hitiyane

Main News