පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම් කරයි.. යලිත් ප‍්‍රශ්න කරන්න සූදානම්..

December 8, 2018 at 3:00 pm | lanka C news
පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම් කරයි.. යලිත් ප‍්‍රශ්න කරන්න සූදානම්..

රාජ්‍ය ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වූ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් නිදහසට කරුණු විමසීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙයට හේතු වී ඇත්තේ සති කිහිපයකට පෙර රජයේ ආරක්ෂක මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් ගැන රාජ්‍ය ආයතන ගණනාවකට ලිඛිතව දැනුම් දීමට පොලිස්පතිවරයා ක්‍රියාකිරීම බව කියැවේ. පසුව එම රාජ්‍ය රහස් ඇතුළත් ලිපිය මාධ්‍යයටද හෙළිදරව් වී තිබිණි.

එනිසා පසුගිය සතියේ සිට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා රාජ්‍ය ආරක්ෂක මණ්ඩලයේ නිල සාකච්ඡාවලට සහභාගි කර ගැනීම අත්හිටුවා ඇත.

පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පොලිස්පති වෙනුවට කැඳවා තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාය.

ඉදිරි සතියේදී මෙම කාරණයට අදාළව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි පවසයි. අනතුරුව ඒ ගැන විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද කියැවේ.

– deshaya

91 views

7 Comments to “පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම් කරයි.. යලිත් ප‍්‍රශ්න කරන්න සූදානම්..”

  1. Saradiel says:

    සගරුවනට අපහස කල එකේ විපාක මෙය කාටත් පොදුය

    • NIHAL says:

      Yes Ven. Daranagama Kusaladhamma thero said that he is a very low grade IGP in the history of Sri Lanka.

  2. Alapaluwa says:

    අන්න හරි ඔයවිදියට මෙයාටත් නීතිය ඉදිරියට ගෙනවිත් ප්‍රශ්න කළයුතුයි.වසන්ත කරන්නාගොඩට කරන්න පුළුවන් වුණානම් ඇයි මෙයාට බැරි? යම් වරදක් කර තිබේනම් එයට කරණ රැකියාව කුමණ එකක් වුවත් අය අදාළ නොවේ. නැතිව දවසින් දවස එක එක ප්‍රෝවුර්ති ගෙන නිකරුණේ මිනිසුන්ට දොස් පැවරීම ඉතාමත් අසාධාරණයි. එමනිසා ඉක්මණට මේ පුජිතව නිතිය ඉදිරියට ගෙනවිත් ප්‍රශ්න කරන්න .යම් වැරද්දක් කළාද එනම් එයට ඔවුට දඩුවම් දිය යුතුමයි.

  3. තම බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ දරුනු ප්‍රතිපල දැන් තේරෙනවද පරක්කු වැඩියි දැන් තොන්ඩුව බෙල්ලට ටික ටික හිරවෙනවා නේද … අතන මෙතන මෙයාගේ තිබුන ගොන් පාට් සන්දර්ශන දැන් නැවතිලා මහින්දට බයයිද…

  4. මූන දැක්කම පව් කියලා හිතෙනවා නමුත් කල පව් ගෙවන්න වෙනවා…

  5. david milibanda says:

    Niithiya navamu da?

  6. නායකතුමා හිටගෙන චු;;; කරයි. ගෝල බාලයෝ දුව දුව කරත්. >>>>>> මොහු නට නට කරත්”””””,,,,,,,,,::::::::::””””’

Main News